ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w14 1/1 11 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යේසුස් දේවමාලිගාවේ ගෙවන අවසන් දවස
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w14 1/1 11 පි.

ඔබ දැන සිටියාද?

යේසුස්ගේ කාලයේ මුදල් එකතු කරන්න දේවමාලිගාවේ තිබුණු සැලැස්ම මොකක්ද?

ඊශ්‍රායෙල් ජාතික ස්ත්‍රියක් දේවමාලිගාවේ මුදල් බඳුන්වලට මුදල් දමමින්

දේවමාලිගාවේ භාණ්ඩාගාරය තිබුණේ ස්ත්‍රීන්ගේ මළුවෙයි. ඒ මළුවේ මුදල් එකතු කිරීම සඳහා මුදල් බඳුන් 13ක් තිබුණා කියා එක පොතක සඳහන් වෙනවා.—The Temple—Its Ministry and Services.

ධනවතුන් මුදල් පරිත්‍යාග කරන අවස්ථාවේ දිලිඳු වැන්දඹුවක්ද සම්මාදම් දමන ආකාරය යේසුස් දැක්කේ ස්ත්‍රීන්ගේ මළුවේ සිටි අවස්ථාවකයි. (ලූක් 21:1, 2) පින්තූරයේ පෙනෙන විදිහට මේ බඳුන්වල කට කුඩාවට තිබුණු අතර බඳ කොටස විශාලව තිබුණා. ඒ බඳුන්වලට දමන මුදල් යොදාගන්නේ කුමක් සඳහාද කියා ඒ බඳුන්වල පැහැදිලිව සඳහන් කර තිබුණා.

මුලින්ම තිබුණු බඳුන් 2 වෙන් කර තිබුණේ ඉකුත් වර්ෂය හා වත්මන් වර්ෂය සඳහා ජනයා ගෙවිය යුතු දේවමාලිගා බදු මුදල් දැමීමටයි. 3 සිට 7 දක්වා තිබුණු බඳුන් වෙන් කර තිබුණේ කොබෙයියන්, පරෙවියන්, දර, සුවඳ ද්‍රව්‍ය හා රන් භාජන වෙනුවෙන් නියමිත මුදල් දමන්නයි. ඊළඟ බඳුන් 5 වෙන් කර තිබුණේ යම් පූජාවකින් ඉතුරු වූ මුදල් දැමීමටයි. උදාහරණයකට 8වෙනි බඳුන තිබුණේ පාප පූජාවක් කළ පසු ඉන් ඉතුරු වූ මුදල් දැමීමටයි. ඒ වගේම 9 සිට 12 දක්වා තිබුණු බඳුන් වෙන් කර තිබුණේ කොබෙයියන් හෝ පරෙවියන් පූජා කිරීමෙන්, නසරීතවරුන්ගේ පූජාවලින්, පවිත්‍ර වූ ලාදුරු රෝගීන් කළ පූජාවලින් හා වන්දි පූජාවලින් ඉතුරු වූ මුදල් දැමීම සඳහායි. 13වෙනි බඳුනේ දැමුවේ කැමැත්තෙන්ම කළ පරිත්‍යාගයි.

ලූක්ගේ වාර්තා ඉතිහාසයට අනුව නිවැරදිද?

බයිබල් ලේඛක ලූක්

ලූක් හා ක්‍රියා යන පොත් ලිව්වේ ලූක් විසින්මයි. ‘මුල සිටම සෑම තොරතුරක්ම නිවැරදි බව සනාථ කරගෙන’ ඒවා වාර්තා කළා කියා ඔහු පවසනවා. (ලූක් 1:3) ඒත් සමහර විශාරදයන් ඔහුගේ වාර්තා ගැන ප්‍රශ්න කරනවා.

ලූක්ගේ වාර්තා නිවැරදි බව ඔප්පු කිරීමට තිබෙන සාක්ෂි එමටයි. උදාහරණයකට රෝම පාලනය යටතේ තිබුණු ප්‍රදේශවල සිටි නිලධාරීන්ව ඔහු ඉතා නිවැරදිව හඳුන්වන්නේ ඒ කාලවකවානුවේදී භාවිත වූ ඔවුන්ගේ නිල නාමවලින්මයි. එනම් සිවිල් ආණ්ඩුකාරයන්, නුවරේ පාලකයන්, උත්සව සහ ක්‍රීඩා සංවිධායකයන් වැනි නාමවලිනුයි. (ක්‍රියා 16:20; 17:6; 19:31) හෙරොද් අන්තිපස්ව දේශාධිපති ලෙසත් සර්ජියස් පාවුලස්ව දූපතේ ආණ්ඩුකාරයා ලෙසත් ඔහු හඳුන්වනවා.—ක්‍රියා 13:1, 7.

රෝම පාලනය යටතේ තිබුණු යම් ප්‍රදේශයක් ඉසිලූ වැදගත්කම අනුව එහි සිටි නිලධාරීන්ගේ නිල නාමයන්ද වෙනස් වුණා. ඒ නිසා ලූක් ඔවුන්ව නිවැරදි නිල නාමවලින් හැඳින්වීම වැදගත් කරුණක්. “ලූක්, නිලධාරීන්ව නිවැරදි නිල නාමවලින්ම හඳුන්වා තිබෙන බව ක්‍රියා පොතෙන් දකින්න ලැබෙනවා” කියා බයිබල් විශාරද බෲස් මෙට්ස්ගර් පවසනවා. තවත් විශාරදයෙක් වන විලියම් රම්සි පැවසුවේ ලූක් “ශ්‍රේෂ්ඨ ගණයේ ඉතිහාසඥයෙක්” කියායි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න