ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w11 6/1 2-4 පි.
  • අන්ත දුගීකම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අන්ත දුගීකම
  • 2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • මම ගත්තේ හරි තීරණයක්
    2007 පිබිදෙව්!
  • දිළිඳුකමේ සිරකරුවෝ
    1998 පිබිදෙව්!
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දුගීකම නැති කිරීමට ගත් වෑයම්
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w11 6/1 2-4 පි.

අන්ත දුගීකම

අද ලෝකයේ ජීවත් වෙන බොහෝදෙනෙක් අන්ත දුගීකමින් පෙළෙනවා. ඔවුන්ට අවශ්‍ය ආහාර, ජලය සහ අධ්‍යාපනය නියම ආකාරයෙන් ලැබෙන්නේ නැහැ. එමෙන්ම ජීවත් වීමට සුදුසු නිවසක් හා සෞඛ්‍ය පහසුකම්ද ඔවුන්ට නැහැ. ලොව පුරා බිලියනයක් පමණ ජනයා සිටින්නේ එවැනි තත්වයකයි. අපි දැන් දුගීකමින් පෙළෙන කිහිපදෙනෙකුගේ අද්දැකීම් සලකා බලමු.

එම්බරුෂිමා සහ ඔහුගේ බිරිඳ ජීවත් වෙන්නේ රුවන්ඩාවලයි. ඔවුන්ට දරුවන් පස්දෙනෙක් සිටිනවා. ඔවුන්ගේ හයවෙනි දරුවා මැලේරියාව නිසා මිය ගියා. එම්බරුෂිමා පවසන දේ සලකා බලන්න. “අපේ තාත්තා එයාගේ ඉඩම දරුවෝ හයදෙනාට බෙදුවා. මට ලැබුණු කොටස ජීවත් වෙන්න ප්‍රමාණවත් නැති නිසා මම මගේ පවුලේ අයවත් අරගෙන නගරයේ පදිංචියට ගියා. මායි මගේ බිරිඳයි රස්සාව විදිහට කළේ වැලි සහ ගල් අදින එකයි. අපේ ගෙදර ජනෙල් තිබුණේ නැහැ. අපි වතුර ගත්තේ පොලිස්සියේ ඉඩමේ තිබුණු ළිඳෙන්. සාමාන්‍යයෙන් අපි දවසට කෑවේ එක වේලයි. හැබැයි වැඩ නැති දවස්වල අපිට ඒ වේලත් නැහැ. ඒ වගේ දවස්වල දරුවෝ බඩගින්නේ අඬන එක අහගෙන ඉන්න බැරි නිසා මම ගෙදරින් යනවා.”

වික්ටර් සහ කාමන් රැකියාවක් ලෙස කරන්නේ සපත්තු අලුත්වැඩියා කිරීමයි. බොලිවියාවේ ඈත පිටිසර ගමක ජීවත් වෙන ඔවුන්ට දරුවන් පස්දෙනෙක් සිටිනවා. ඔවුන් පදිංචි වී සිටින්නේ විදුලි බලය නැති ගරාවැටුණු ගොඩනැඟිල්ලක පොඩි කාමරයක් කුලියට අරගෙනයි. පාසැල්වලත් වැඩි පහසුකම් තිබුණේ නැති නිසා තම දියණියව පාසැලට ඇතුල් කිරීමේදී ඇයට මේසයක් සාදා දීමට වික්ටර්ට සිදු වුණා. ගෙදර අවශ්‍යතා වෙනුවෙන් දර කපන්න ඔවුන් කිලෝමීටර් දහයක් ඇවිදගෙන ගියා. ඔවුන් මුහුණ දෙන තත්වය ගැන කාමන් මෙසේ පැවසුවා. “අපිට වැසිකිළි පහසුකම් නැහැ. ඒ සඳහා අපි පාවිච්චි කළේ අපේ ගෙවල් කිට්ටුව තිබුණු ගඟයි. හැමෝම කැළි කසළ ගෙනත් දැම්මෙත් ඒ ගඟට. අපි නෑවෙත් ඒ ගඟෙන්මයි. ඒ නිසා අපේ ළමයි නිතරම ලෙඩ වුණා.”

ෆ්‍රැන්සිස්කෝ සහ ඉලීදියා ජීවත් වෙන්නේ මොසැම්බික්වල පිටිසර ගමකයි. ඔවුන්ට කුඩා දරුවන් පස්දෙනෙක් සිටියා. නමුත් මැලේරියාව නිසා එක දරුවෙක් මිය ගියා. ඔවුන්ට අයිති කුඩා ඉඩමේ කොටසක වී වගා කරන ඔවුන් අනික් කොටසේ බතල හිටවනවා. ඒ ගැන ෆ්‍රැන්සිස්කෝ පැවසූ දේ සලකා බලන්න. “නියඟය නිසාත් හොර හතුරන් නිසාත් සමහර අවස්ථාවලදී අපේ අස්වැන්න අපිට නැති වෙනවා. ඒ වගේ වෙලාවට මම කීයක් හරි හොයාගන්නේ උණ බම්බු කපලා විකුණලයි. ඒ වගේම මායි මගේ නෝනයි දර කපන්න කැලේට යනවා. එතැනට යන්න පැය දෙකක් විතර යනවා. අපි ගේන දර මිටි දෙකෙන් එකක් අපේ පාවිච්චියට තියාගෙන අනිත් එක විකුණනවා.”

මිලියන ගණනක් දෙනා සුඛෝපභෝගී ජීවිතයක් ගත කළත් ලෝක ජනගහනයෙන් හත්දෙනෙක්ගෙන් එක් කෙනෙක් ජීවත් වෙන්නේ අන්ත දුගී තත්වයකයි. එම තත්වය නැති කර දැමීමට සමහර අය වෑයම් කර තිබෙනවා. ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[2, 3වන පිටුවල පින්තූරය]

කාමන් දරුවන් දෙදෙනෙක් සමඟ

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න