ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w11 4/1 3 පි.
  • ඔහු ඇත්තටම කවුද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔහු ඇත්තටම කවුද?
  • 2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යේසුස් ක්‍රිස්තුස් කවුද?
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • යේසුස් ක්‍රිස්තුස්—ඔහු කවුද?
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් ක්‍රිස්තුස් කවුද?
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • “පැය පැමිණ තිබේ”
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w11 4/1 3 පි.

ඔහු ඇත්තටම කවුද?

“ඔහු යෙරුසලමට පැමිණි විට මුළු නුවරම කැලඹී, ‘මේ කවුද’ කියා ඇසූහ. ‘මේ ගලීලයේ නාසරෙත් නුවරෙහි අනාගතවක්තෘ වන යේසුස්’ කියා සමූහයෝ පැවසූහ.”—මතෙව් 21:10, 11.

ක්‍රිස්තු වර්ෂ 33දී යේසුස් ක්‍රිස්තුස්a යෙරුසලමට පැමිණි විට මුළු නුවරම කැලඹුණේ ඇයි? ඊට හේතුව යේසුස් බලවත් ක්‍රියා කරන බව එදා සිටි අය හොඳින් දැන සිටීමයි. ඒ නිසා යේසුස් ගැන කතා නොකළකෙනෙක් සිටියේ නැති තරම්. (යොහන් 12:17-19) නමුත් යේසුස් මිනිස් ඉතිහාසයේ නොමැකෙන චරිතයක් බවට පත් වෙයි කියා නම් ඔවුන් කිසිවිටකත් නොසිතන්න ඇති.

යේසුස් මිනිස් ඉතිහාසයේ සුප්‍රසිද්ධ චරිතයක් බව ඔප්පු වන සාක්ෂි:

  • අප භාවිත කරන දිනදර්ශනය සකස් කර තිබෙන්නේ යේසුස් උපත ලැබුවායයි සිතන වර්ෂය පදනම් කරගෙනයි.

  • ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් පමණ කියා සිටින්නේ තමන් යේසුස්ගේ අනුගාමිකයන් කියායි.

  • ලොව පුරා සිටින බිලියන එකකට අධික ඉස්ලාම් භක්තිකයන් යේසුස්ව හඳුන්වන්නේ “ආබ්‍රහම්, නෝවා හා මෝසෙස්ට වඩා උතුම් අනාගතවක්තෘවරයෙක්” ලෙසයි.

  • යේසුස් පැවසූ ඇතැම් දේවල් බොහෝ මිනිසුන් අතර ප්‍රසිද්ධ වී තිබෙනවා. මේ ඉන් කිහිපයක්:

    ‘ඔබේ එක් කම්මුලකට ගැසුවොත් ඔහුට අනික් කම්මුලත් හරවන්න.’—මතෙව් 5:39.

    ‘ඔබට සැතපුමක් යන්න අණ කළොත් සැතපුම් දෙකක් යන්න.’—මතෙව් 5:41.

    ‘ස්වාමිවරුන් දෙදෙනෙකුට දාසයෙක් වෙන්න කාටවත් බැහැ.’—මතෙව් 6:24.

    ‘ඌරන් ඉදිරියෙහි මුතු නොදමන්න.’—මතෙව් 7:6.

    ‘අනුන් ඔබට කරනවාට කැමති දේ ඔබත් ඔවුන්ට කරන්න.’—මතෙව් 7:12.

    ‘මුලින්ම වියදම ගණන් බලන්න.’—ලූක් 14:28.

යේසුස් මිනිස් ඉතිහාසයේ නොමැකෙන චරිතයක් බව ඒ සියල්ලෙන් මනාව පැහැදිලි වෙනවා. නමුත් බොහෝදෙනා යේසුස් ගැන එකිනෙකට වෙනස් අදහස් දරනවා. සමහරවිට ‘යේසුස් ඇත්තටම කවුද’ කියා ඔබත් කල්පනා කර ඇති. ඒ ප්‍රශ්නයට පිළිතුර තිබෙන්නේ බයිබලයෙයි. උදාහරණයකට යේසුස් පැමිණියේ කොහේ සිටද, ඔහු ජීවත් වුණේ කෙසේද හා ඔහුට මිය යෑමට සිදු වුණේ ඇයි කියා එහි සඳහන් වෙනවා. ඒ ගැන දැනගැනීමෙන් දැනුත් අනාගතයෙත් ප්‍රයෝජන රැසක් අත් කරගන්න ඔබට මඟ විවර වෙනවා.

a “යේසුස්” යන නමෙහි අර්ථය “යෙහෝවා දෙවි දෙන ගැලවීම” යන්නයි. “ක්‍රිස්තුස්” යන්නෙහි අර්ථය “විශේෂ පැවරුමක් ඉටු කිරීමට පත් කළ තැනැත්තා” යන්නයි. යේසුස්ව දෙවි විසින් යම් විශේෂ කාර්යයක් සඳහාතෝරාගෙන තිබෙන බව ඉන් අදහස් වෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න