ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w11 3/1 2-3 පි.
  • සුවිශේෂී අනාවැකියක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සුවිශේෂී අනාවැකියක්
  • 2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • අප ජීවත් වන්නේ ‘අවසාන කාලයේද?’
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • මාක් 1:15 - “දෙවියන්වහන්සේගේ රාජ්‍යය සමීපය”
    බයිබල් පද පැහැදිලි කිරීමක්
  • ලෝක විනාශය ළං වෙලාද?
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • නියෝජිතයන් ලකුණක් ඉල්ලයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w11 3/1 2-3 පි.

සුවිශේෂී අනාවැකියක්

“රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.”—මතෙව් 24:14.

ඉහත සඳහන් අනාවැකිය සුවිශේෂී එකක් බව බොහෝ විශාරදයන් පවා පිළිගන්නවා. ඊට එක් හේතුවක් නම්, ශුභාරංචිය දේශනා කිරීම ලොව පුරාම සිදු වීමට නියමිත බව එම අනාවැකියේ සඳහන් වීමයි. තවත් හේතුවක් නම්, ශුභාරංචිය දේශනා කිරීම යේසුස්ගේ අනුගාමිකයන් කළ යුතු කාර්යයක් බව එම අනාවැකියෙන් පැහැදිලි වීමයි.

එම අනාවැකියේ සඳහන් වන ආකාරයට රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය අද මුළු පොළොව පුරාම දේශනා කරනු ලබනවා. එම ශුභාරංචිය පිළිගන්නවාද නැද්ද කියා තීරණය කළ යුත්තේ ඔබයි. ඔබ එය පිළිගන්නවා නම් ඉන් අදහස් වන්නේ යේසුස් පැවසූ රාජ්‍යයේ යටත්වැසියෙක් වෙන්න ඔබ තුළ කැමැත්තක් තිබෙන බවයි. නමුත් ඔබ එය පිළිගන්නේ නැත්නම් ඉන් අදහස් වන්නේ ඔබ එම රාජ්‍යය ප්‍රතික්ෂේප කරන බවයි. ඔබ කුමන තීරණයක් ගත්තත් එය ඔබේ ජීවිතයට බලපානවා.

එම සුවිශේෂී අනාවැකිය යේසුස් පැවසුවේ ඇයි කියා දැන් අප මදකට සලකා බලමු. දෙවිගේ රාජ්‍යය පිහිටුවනු ලබන්නේ කවදාද කියාත් පවතින සමාජයේ අවසානය එනම් “ලෝකාන්තිමය” පැමිණෙන්නේ කවදාද කියාත් යේසුස්ගේ ගෝලයන් එක් අවස්ථාවකදී ඔහුගෙන් ඇසුවා.—මතෙව් 24:3, පැරණි අනුවාදය.

එම ප්‍රශ්නවලට පිළිතුරු දුන් යේසුස් අවසානය පැමිණෙන්න කලින් යුද්ධ, සාගත, වසංගත හා භූමිකම්පා වැනි දේවල් මහා පරිමාණයෙන් සිදු වන බව පැවසුවා. එමෙන්ම ඒ කාලයේදී අධර්මිෂ්ඨ ක්‍රියා වැඩි වන බවත් බොරු අනාගතවක්තෘවරුන් නිසා මිනිසුන් මුළාව යන බවත් සැබෑ ක්‍රිස්තියානීන්ට පීඩා රැසකට මුහුණ දීමට සිදු වන බවත් ඔහු පැවසුවා. දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කරනු ලබන බව ඔහු සඳහන් කළේ ඉන් අනතුරුවයි.—මතෙව් 24:4-13; ලූක් 21:11.

සියවස් ගණනාවක් පුරා දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය කුමක්ද කියා මිනිසුන් කල්පනා කර තිබෙනවා. තවත් අය තුළ ඒ ශුභාරංචිය නිසා මහත් බලාපොරොත්තුවක් ඇති වී තිබෙනවා. නමුත් සමහර අයට ඒ සම්බන්ධයෙන් තිබෙන්නේ වැරදි අවබෝධයක්. ඇත්තටම ශුභාරංචිය කුමක්ද? දෙවිගේ රාජ්‍යය කියන්නේ කුමක්ද? රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කරන්නේ කවුද? පවතින සමාජයේ අවසානය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ඒ ප්‍රශ්නවලට පිළිතුරු ඉදිරි ලිපිවලින් සලකා බලමු.

[2, 3වන පිටුවල පින්තූරය]

සුවිශේෂ පොත් හතර ඇතුළත් වොෂිංටන් අත්පිටපත නමැති කෘතියේ මතෙව් 24:14හි සඳහන් අනාවැකිය තද කලු අකුරෙන් පෙන්වා තිබෙන අයුරු

[හිමිකම් විස්තර]

From the book Facsimile of the Washington Manuscript of the Four Gospels in the Freer Collection 1912

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න