ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w10 10/15 32 පි.
  • හිතට කතා කරන පුංචි පොත

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හිතට කතා කරන පුංචි පොත
  • 2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ඔබේ රැකියාව අහිමි වුණොත්
    2010 පිබිදෙව්!
  • යාච්ඤා කරන එක ගැන හුඟදෙනෙක් කියන දේ
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සියලු ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචියක්
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වෙනත් භාෂා කතා කරන අයට සාක්ෂි දැරීම
    2009 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w10 10/15 32 පි.

හිතට කතා කරන පුංචි පොත

පෝර්ටෝ ඇලෙග්‍රි දකුණු බ්‍රසීලයේ නගරයක්. කලකට ඉහතදී සමාජයේ පවතින විවිධ තත්වයන් ගැන කතා කිරීමට ජාත්‍යන්තර සමුළුවක් එම නගරයේ පැවැත්වුවා. ඊට සහභාගි වීමට රටවල් 135කින් දහස් ගණනක් පැමිණියා. ඔවුන්ට ලැබුණ විවේක කාලය අතරතුර ඔවුන්ට ශුභාරංචිය ගැන කතා කරන්න ඒ අසල තිබූ සභාවේ සහෝදර සහෝදරියන් කණ්ඩායමක් පියවර ගත්තා. ඒත් විවිධ භාෂා කතා කරන ඔවුන් සමඟ සාක්ෂිකරුවන් කතා කළේ කොහොමද?

පුරෝගාමි සහෝදරියක් වන එලිසබෙට් මෙසේ පැවසුවා. “සියලු ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචි නමැති පුංචි පොත අපි පාවිච්චි කළා. අපි කතා කළ බොහෝදෙනෙක් දේවරාජ්‍යය ගැන පණිවිඩය මීට කලින් කවදාවත් අහල තිබුණේ නැතත් අපි කිව්ව දේ සතුටින් පිළිගත්තා. බොලිවියාවෙන්, චීනයෙන්, ප්‍රංශයෙන්, ඉන්දියාවෙන්, ඊශ්‍රායෙලයෙන් හා නයිජීරියාවෙන් ආපු අයට කතා කරන්න අපිට අවස්ථාව ලැබුණා. සමහර අයට ඒ අයගේ භාෂාවෙන්ම පොත් පත් බෙදා දෙන්න අපිට පුළුවන් වුණා. ඔවුන් ඒවා ආසාවෙන් ගත්තා.”

මෙක්සිකෝවේ පුරෝගාමියෙක් ලෙස සේවය කරන රායූල් එම පොතෙන් බොහෝ ප්‍රයෝජන ලබාගෙන තිබෙනවා. තමාගේ භාර්යාවගේ වියෝව නිසා දුකෙන් සිටි අවුරුදු 80ක් වයසැති අරාබි ජාතිකයෙක් මේ සහෝදරයාට මුණගැසුණා. ඔහුට ඔහුගේ මව් භාෂාවෙන් දේවරාජ්‍යය මගින් ගෙනෙන ආශීර්වාද ගැන කියවීමට ලැබුණු විට ඇස්වලින් කඳුළු ආවා. ඊට හේතුව මරණය තවත් නොවන බවට දෙවි එළිදරව් 21:3 සහ 4හි දී තිබෙන පොරොන්දුව ඔහුගේ සිතට තදින්ම කාවැදීමයි. තවත් අවස්ථාවකදී පෘතුගීසි භාෂාව කතා කරන කෙනෙක්ව රායූල්ට මුණගැසුණා. ඔහුගේ පුතා මිය ගොස් සිටි නිසා ඔහු සිටියේ ශෝකයෙන්. ඔහුට පෘතුගීසි භාෂාවෙන් ශුභාරංචිය ගැන කියවන්න දුන්නා. එය කියවීමෙන් පසු ඔහුට බයිබලය ගැන ඉගෙනගන්න ආශාවක් ඇති වූ නිසා ඔහු සමඟ බයිබල් පාඩමක් පටන්ගත්තා.

ආර්මේනියානු, චීන, ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මානු, හින්දි, කොරියානු, පර්සියානු, රුසියානු හා මෙක්සිකෝවේ වෙසෙන ආදිවාසීන් වන මීකි හා සැපොටෙක් ජාතිකයන්ට ශුභාරංචිය ගැන පැවසීමට රායූල්, සියලු ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචි යන පොත යොදාගෙන තිබෙනවා. රායූල් ඒ ගැන මෙසේ පවසනවා. “මේ පොත සේවයට මොන තරම් ප්‍රයෝජනවත්ද කියලා මම හොඳින්ම දන්නවා. මට වෙනත් භාෂා දන්නේ නැති වුණත් ඔවුන්ගේ හිතට කාවදින ආකාරයෙන් ශුභාරංචිය ප්‍රකාශ කරන්න මට පුළුවන් වෙලා තියෙනවා.”

අද බොහෝදෙනෙක් වෙනත් රටවල්වලට යන අතර පදිංචිය වෙනස් කරමින්ද සිටිනවා. ඒ නිසා වෙනත් භාෂාවක් කතා කරන බොහෝදෙනෙකුට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අපට අවස්ථාව ලැබෙනවා. සියලු ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචි යන පොත ඒ සඳහා අපිට මහඟු උපකාරයක්. ඔබත් සේවයේ යද්දී ඒ පොත රැගෙන යනවාද?

[32වන පිටුවේ පින්තූර]

ශුභාරංචිය හිතට කාවදින ආකාරයෙන් ඉදිරිපත් කිරීමට රායූල් එම පොත යොදාගන්නා අයුරු

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න