ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 11/1 24-25 පි.
  • යේසුස් සියලු බලැති දෙවිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් සියලු බලැති දෙවිද?
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • නිවැරදි බයිබල් පරිවර්තනයක් තෝරාගන්නා අයුරු
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවවචනයට ප්‍රේමකරන්නන්ට සුවිශේෂි මොහොතක්
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ලොව පුරා මිලියන ගණනක් අගය කළ නව ලෝක පරිවර්තනය
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘නව ලොව පරිවර්තනය’ නිවැරදිද?
    නිතර අසන ප්‍රශ්න
තව තොරතුරු
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 11/1 24-25 පි.

යේසුස් සියලු බලැති දෙවිද?

බොහෝ බයිබල් පරිවර්තනවල යොහන් 1:1 කියවන්න ලැබෙන්නේ මේ ආකාරයටයි. “පටන්ගැන්මේදී වාක්‍යයාණෝ සිටිසේක. වාක්‍යයාණෝ දෙවියන්වහන්සේ හා සමඟ සිටිසේක. වාක්‍යයාණෝ දෙවියන්වහන්සේව සිටිසේක.” (පැරණි අනුවාදය) මෙහි වාක්‍යයාණෝ ලෙස හඳුන්වා තිබෙන්නේ යේසුස්වයි. වාක්‍යයාණෝව දෙවි ලෙස හඳුන්වා තිබෙන නිසා යේසුස් සහ දෙවි යන දෙදෙනාම එක්කෙනෙක් කියා සමහර අය සිතනවා. නමුත් නව ලොව පරිවර්තනය ලෙස හඳුන්වන බයිබල් පරිවර්තනයේ එම පදය සඳහන් වෙන්නේ මෙලෙසයි. “පටන්ගැන්මේදී වචනය [යේසුස්] සිටියේය. වචනය දෙවි සමඟ සිටියේය. වචනය දෙවි කෙනෙක්ව සිටියේය.”

මින් වඩාත් නිවැරදි පරිවර්තනය කුමක්ද? එයට පිළිතුර දැනගැනීම සඳහා අතීතයේ කොප්ටික් භාෂාවට පරිවර්තනය කරන ලද බයිබලය පිළිබඳව අපි සලකා බලමු. යේසුස් පොළොවේ සිටි කාලයේදී ඊජිප්තු වැසියන් භාවිත කළේ කොප්ටික් භාෂාවයි. එම භාෂාවට බයිබලය පරිවර්තනය වීම ගැන එක් ප්‍රසිද්ධ ශබ්දකෝෂයක මෙවැනි අදහසක් පළ වුණා. “පැරණි ගිවිසුමේ පොත් [සෙප්ටූඅජින්ට්] සහ අලුත් ගිවිසුමට අයත් පොත් කොප්ටික් භාෂාවට පරිවර්තනය වුණේ ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසේදීයි. මෙම පරිවර්තනය සිදු කළේ ඉතා පැරණි ග්‍රීක අත්පිටපත් යොදාගෙනයි.”—The Anchor Bible Dictionary.

කොප්ටික් භාෂාවට කරන ලද බයිබල් පරිවර්තන තුළ යොහන් 1:1හි වාක්‍යයාණෝ සහ සියලු බලැති දෙවි යන දෙදෙනාම එක්කෙනෙකු ලෙස සඳහන් කර නැහැ. ඒ නිසා එම පරිවර්තනය විශේෂ වැදගත්කමකින් යුක්තයි. කලින් සඳහන් කළ ලෙස මෙම පරිවර්තනය සිදු කළේ ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසේදීයි. ඒ වන විට ත්‍රිත්වය කියා ඉගැන්වීමක් තිබුණේ නැහැ. එම ඉගැන්වීම ප්‍රචලිත වුණේ සතරවන සියවසේ සිටයි. මේ අනුව කොප්ටික් භාෂාවට බයිබලය පරිවර්තනය වී තිබෙන්නේ ත්‍රිත්වය කියන ඉගැන්වීම නොතිබුණු කාලයක නිසා එම පරිවර්තනය නිවැරදියි කියා පැවසිය හැකියි.

කොප්ටික් භාෂාවට බයිබලය පරිවර්තනය කළ කාලයේ ජීවත් වූ ක්‍රිස්තියානීන් යොහන් 1:1හි සඳහන් දේ තේරුම්ගන්න ඇත්තේ කෙසේද කියා මින් පැහැදිලි වෙනවා. එම බයිබල් පදයෙහි සඳහන් වන වාක්‍යයාණෝ සියලු බලැති දෙවි නොවන බව එහි පරිවර්තකයන් හොඳින් දැන සිටියා. ඉන් පැහැදිලි වෙන්නේ වාක්‍යයාණෝ දෙවි කෙනෙකුව සිටියත් ඔහු සියලු බලැති දෙවි නොවන බවයි. එම අදහසම නව ලොව පරිවර්තනයේද දැකිය හැකි නිසා එය වඩා නිවැරදි පරිවර්තනයක් ලෙස හැඳින්විය හැකියි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න