ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 8/1 5-6 පි.
  • භයානක කාලයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • භයානක කාලයක්
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • “අවසාන කාලය” අඳුරගන්න තියෙන ලකුණ මොකක්ද?
    බයිබලයෙන් උත්තර
  • අප ජීවත් වන්නේ ‘අවසාන කාලයේද?’
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • ලෝක විනාශය ළං වෙලාද?
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • අපි ඇත්තටම ජීවත් වන්නේ ‘අන්තිම දවස්වලද?’
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 8/1 5-6 පි.

භයානක කාලයක්

“කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක කාලවල් පැමිණෙන” බව බයිබලයේ සඳහන් වී තිබෙනවා. එම කාල පරිච්ඡේදය හඳුන්වන්නේ “අන්තිම දවස්” ලෙසයි. (2 තිමෝති 3:1-5; 2 පේතෘස් 3:3-7) එමෙන්ම ‘සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයට ලකුණ’ ගැන යේසුස් තම ගෝලයන් සමඟ කතා කළා. (මතෙව් 24:3) දැන් අපි ජීවත් වන්නේ එම කාල පරිච්ඡේදයේද? මීට පිළිතුරු දැනගැනීම සඳහා පහත දක්වා ඇති බයිබල් පද සමඟ මෑතකදී පළ වී ඇති වාර්තා සසඳා බලන්න.

බයිබලයෙහි සඳහන් දේ: ලොව පුරා යුද්ධ—ලූක් 21:10; එළිදරව් 6:4.

මෑතකදී පළ වූ වාර්තා: “විසිවන සියවසේදී පමණක් යුද්ධයෙන් විශාල පිරිසක් මිය ගොස් තිබෙනවා. එය කොතරම්ද කියනවා නම් යේසුස්ගේ උපතේ සිට 1899 දක්වා සිදු වූ සෑම යුද්ධයකින්ම මිය ගිය සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් වෙනවා.”—Worldwatch Institute.

බයිබලයෙහි සඳහන් දේ: සාගත හා වසංගත—ලූක් 21:11; එළිදරව් 6:5-8.

මෑතකදී පළ වූ වාර්තා: ගණන් බලා ඇති ආකාරයට වර්ෂ 2004දී මිනිසුන් මිලියන 863ක් සාගතයෙන් පෙළී තිබෙන අතර එය වර්ෂ 2003ට වඩා මිලියන හතක වැඩිවීමක්.—United Nations Food and Agriculture Organization.

බිලියනයකට පමණ නිවාස පහසුකම් නැහැ. තවත් බිලියන 2.6කට කැළි කසළ ඉවත් කිරීමේ පහසුකම් නැහැ. බිලියන 1.1කට පිරිසිදු පානීය ජලය ලැබෙන්නේ නැහැ.—Worldwatch Institute.

මැලේරියාව නිසා මිනිසුන් මිලියන 500ක්ද ඒඩ්ස් රෝගය නිසා මිලියන 40ක්ද පීඩා විඳිනවා. ක්ෂය රෝගය නිසා වර්ෂ 2005දී මිනිසුන් මිලියන 1.6ක් මිය ගියා.—World Health Organization.

බයිබලයෙහි සඳහන් දේ: පොළොව විනාශ කිරීම—එළිදරව් 11:18.

මෑතකදී පළ වූ වාර්තා: “මිනිසුන්ගේ නොසැලකිලිමත්කම නිසා සතුන් හා ශාක වඳ වී යෑමේ තර්ජනයකට මුහුණ පා සිටිනවා.” “මිනිසුන්ට ස්වාභාවික පරිසරයෙන් ලැබුණු ප්‍රයෝජනවලින් තුනෙන් දෙකක් දැන් නොලැබෙන බව පෙනී යනවා.”—Millennium Ecosystem Assessment.

“මිනිසුන් පරිසරයට මුදාහරින නොයෙකුත් වායූන් කාලගුණයට අහිතකර ලෙස බලපා තිබෙනවා. එයින් භයානක ප්‍රතිඵල අත් වෙනවා.”—NASA, Goddard Institute for Space Studies.

බයිබලයෙහි සඳහන් දේ: රාජ්‍යයේ ශුභාරංචිය ලොව පුරා ප්‍රකාශ කරනු ලබනවා—මතෙව් 24:14; එළිදරව් 14:6, 7.

මෑතකදී පළ වූ වාර්තා: වර්ෂ 2007 රටවල් 236ක සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 69,57,854ක් ශුභාරංචිය දේශනා කිරීම සඳහා පැය බිලියන 1.4ක් වැය කළා.—2008 Yearbook of Jehovah’s Witnesses

මොන තරම් කනගාටුදායක ආරංචි අසන්න ලැබුණත් අපට අනාගතය ගැන සුබවාදීව බැලීමට පදනමක් තිබෙන බව බයිබලයේ සඳහන් වී තිබෙනවා. යේසුස් පවා දේවරාජ්‍යයේ “ශුභාරංචිය” ගැන කතා කළා. දේවරාජ්‍යය යනු කුමක්ද? ප්‍රීතිමත් අනාගතයක් ගැන බලාපොරොත්තුවෙන් සිටීමට එය දායක වන්නේ කෙසේද? දේවරාජ්‍යය ඔබට පෞද්ගලිකව බලපාන්නේ කෙසේද?

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අද දින සිදු වන දේවල් ගැන බයිබලයෙහි කලින්ම සඳහන් කර තිබෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න