ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 2/1 3 පි.
  • පිළිතුරු සොයා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පිළිතුරු සොයා
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දෙමාපියන්ට වටිනා තවත් මඟ පෙන්වීම්
    2019 පිබිදෙව්!
  • ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද?
    ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද?
  • ඔයා කවදා හරි හිතලා තියෙනවාද . . .
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • ඔබේ පිළිතුරු දියුණු කර ගැනීම
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
තව තොරතුරු
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 2/1 3 පි.

පිළිතුරු සොයා

“අපි ආර්ථිකව හොඳ තත්වයක හිටියත්, හීනෙකින්වත් හිතුවේ නැති සුඛෝපභෝගි දේවල් අපිට තිබුණත්, වායු සමනය කළ ගෙවල්වල හොඳ කෑම බීම භුක්ති විඳිමින්, මියුරු සංගීතයට සවන් දෙමින් සිටියත්, ‘ඇයි’ අපි ජීවත් වෙන්නේ කියන එක අපිට තාම තේරුම්ගන්න බැහැ. ඇයි මෙච්චර තරඟයක්? තේරුම මොකක්ද?”—එක්සත් ජනපදයේ මානසික වෛද්‍යවේදී මහාචාර්ය ඩේවිඩ් ජී. මයර්ස්.

ඒ මහාචාර්යවරයා නැඟූ ප්‍රශ්නවලට ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද? සමහරු හිතන්න පුළුවන් ඒවාට පිළිතුරු සොයන එක වැදගත් නැහැ කියලා. නමුත් මේ ප්‍රශ්න මඟහැරීම හරියට සපත්තුව ඇතුළේ කුඩා ගල් කැට තියෙද්දී ඒවා අරන් දාන්නේ නැතුව දිගටම ඇවිදින්න උත්සාහ කරනවා වගේ දෙයක්. අමාරුවෙන් හරි ගමන යන්න පුළුවන් වෙයි. නමුත් අඩිය තියන තියන සැරේට ඒ ගල් ඇනෙයි.

ජීවිතයේ හරය කුමක්ද කියා ඔබ කල්පනා කර තිබෙනවාද? එසේ කල්පනා කරන්නේ ඔබ පමණක් නෙවෙයි. ලොව වටා සිදු කළ සමීක්ෂණයකින් හෙළි වුණේ බොහෝ රටවල වෙසෙන විශාල ජනකායක් “ජීවිතයේ තේරුම” කුමක්ද කියා සිතන බවයි.

සිතේ සහනය ඇතුව සතුටින් ජීවත් වීමට නම් ඉතා වැදගත් ප්‍රශ්න තුනකට ඔබ පිළිතුරු දැනගත යුතුයි.

අපි ආවේ කොහෙන්ද?

ජීවිතයේ තේරුම කුමක්ද?

අනාගතය මොන වගේද?

මෙම වැදගත් ප්‍රශ්න තුනට හරි පිළිතුරු සොයාගන්න පුළුවන් කොහෙන්ද? මනඃකල්පිත මත සහ බුද්ධිමතුන්ගේ දර්ශන ඔස්සේ පිළිතුරු දෙනවා වෙනුවට ශුද්ධ බයිබලයේ ඒවාට පිළිතුරු දී තිබෙන ආකාරය ඊළඟ ලිපි කියවන විට ඔබ දකීවි. ඔබ ළඟත් බයිබලයක් තිබෙනවා නම් පිළිතුරු දැනගැනීම සඳහා එය පෙරළා බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න