ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w07 12/15 32 පි.
  • “ඔබ මට දුන් අනර්ඝ තෑග්ග”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “ඔබ මට දුන් අනර්ඝ තෑග්ග”
  • 2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w07 12/15 32 පි.

“ඔබ මට දුන් අනර්ඝ තෑග්ග”

එම වදන් පැවසුවේ බෙල්ජියමේ හිටපු අගමැතිවරයෙකු විසිනුයි. එසේ ඔහු වර්ණනා කළේ ඔහුට ලැබුණු මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයාa නම් පොත ගැනයි. දිනක් ඔහුගේ අසල්වැසියෙක් ඔහුව හමුවන්න පැමිණි අවස්ථාවේදී ඉහත සඳහන් කළ පොත ඔහුට ලබා දුන්නා. ඒ ගැන අගය පළ කරමින් ඔහු ලියූ ලිපියේ මෙසේ සඳහන් වුණා. “ඔබ මාව බැහැදකින්න පැමිණීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා. ඊටත් වඩා මම ඔබට ස්තුති කරන්නේ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයාගේ තොරතුරු ඇතුළත් පොත මට ලබා දීම ගැනයි. ඒක ඔබ මට දුන් අනර්ඝ තෑග්ගක්.”

තවදුරටත් ඔහු මෙම පොත අධ්‍යයනය කිරීමෙන් පසුව මෙසේද පැවසුවා. “යේසුස් පැවසූ දේවල් අද සිටින මිනිසුන් පිළිපදිනවා නම් මේ ලෝකය මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් තැනක් බවට පත් වෙයි. එවිට ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩත්වය නැති නිසා ආරක්ෂක හමුදාවක් අවශ්‍ය වෙන්නෙත් නැහැ.” මෙවැනි කාලයක් ඇති වෙයි කියා අගමැතිවරයා විශ්වාස නොකළත් ඒ අසල්වැසියා තමාව බැහැදකින්න පැමිණීම ගැන අගය කළා.

ඔහුගේ ලිපියේ තවදුරටත් මේ විදිහට සඳහන් වුණා. “ඔබ අයිති වී සිටින්නේ යම් අන්තවාදී කණ්ඩායමකට නොව, නමුත් අනාගතයේදී මිනිසුන්ට ඉතාමත් හොඳ කාලයක් පැමිණෙයි කියා විශ්වාස කරන, කාරුණික මිනිසුන් සිටින කණ්ඩායමකටයි.”

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරන්නේ මේ ලෝකය වඩාත් හොඳ තත්වයකට පත් කළ හැක්කේ මිනිස් පාලනයකට නොව දෙවිගේ පාලනයට පමණක් බවයි. ඒ නිසා ඔවුන් උත්සාහ කරන්නේ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා වන යේසුස්ව අනුකරණය කරමින් ජීවත් වීමටයි. මෑතකදී ඔබටත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමු වී තිබෙනවාද? මේ පොතේ ඇති තොරතුරු සාකච්ඡා කිරීමෙන් ඔබටත් ප්‍රයෝජන ගත හැකියි. එමෙන්ම කලින් සඳහන් කළ හිටපු අගමැතිවරයාගේ සිත් ගත් තොරතුරු දැනගැනීම සඳහා මේ පොතෙන් පිටපතක් ලබාගන්න ඔබත් කැමති නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් විස්තර විමසන්න.

[පාදසටහන]

a යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න