ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w07 8/1 32 පි.
  • දෙවි ඔබ දෙස බලා සිටිනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවි ඔබ දෙස බලා සිටිනවාද?
  • 2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w07 8/1 32 පි.

දෙවි ඔබ දෙස බලා සිටිනවාද?

මැවුම්කරු වන යෙහෝවා දෙවිට පෙනීමේ හැකියාව තිබෙනවාද? ඔව්. බයිබලයේ ඒ ගැන සඳහන් වන්නේ මෙසේයි. “ඇස සෑදූ තැනැත්තාට නොපෙනෙන්නේද?” (ගීතාවලිය 94:9, නව ලොව පරිවර්තනය) මනුෂ්‍යයන්ට වඩා හොඳ පෙනීමේ හැකියාවක් යෙහෝවා දෙවිට තිබෙනවා. ඔහුට පෙනෙන්නේ අපගේ බාහිර ක්‍රියාවන් පමණක් නෙවෙයි. ඔහුට පුළුවන් අපේ ‘සිත් පරීක්ෂා කර’ ‘කිරා බලන්න.’ (හිතෝපදේශ 17:3; 21:2) ඔව්, දෙවිට හැකියි අපේ සිතුවිලි හැඟීම් හා ආශාවන් පවා හොඳින් තේරුම්ගන්න.

අපි මුහුණ දෙන දුෂ්කරතාවන් යෙහෝවා දෙවි හොඳින් දකින නිසා අපි ඔහුගෙන් උදව් ඉල්ලන විට ඔහු ඊට ප්‍රතිචාරය දක්වනවා. බයිබලයේ ඒ ගැන සඳහන් වෙන්නේ “යෙහෝවාගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් ඔහුගේ කන් ඔවුන්ගේ මොරගැසීමටත් යොමා තිබේ” කියායි. එමෙන්ම “යෙහෝවා බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටින්නේය. තැළුණු ආත්ම ඇත්තන් ගලවන්නේය” කියාද එහි සඳහන් වෙනවා. (ගීතාවලිය 34:15, 18) යෙහෝවා දෙවි, අපි මුහුණ දෙන දුෂ්කරතාවන් හොඳින් තේරුම්ගෙන ඔහුට කරන අයදීම්වලට අවධානය දෙන බව දැනගන්න ලැබීම මොන තරම් සහනයක්ද!

ඒ විතරක් නොවෙයි අපි රහසිගතව කරන ක්‍රියාවන් පවා දෙවි දකිනවා. ඒ ගැන බයිබලයේ මෙසේ පැහැදිලි කරනවා. “අප විසින් ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබේ.” (හෙබ්‍රෙව් 4:13) අපි හොඳ දෙයක් කළත් නරක දෙයක් කළත් සියල්ල දෙවිට පෙනෙනවා. (හිතෝපදේශ 15:3) උදාහරණයකට උත්පත්ති 6:8, 9හි සඳහන් වෙන්නේ, ‘නෝවා යෙහෝවාගෙන් කරුණාව ලැබුවේය. ඔහු දෙවි සමඟ හැසුරුණේය’ කියායි. ඉන් පෙනෙන්නේ නෝවාට දෙවිගේ අනුමැතිය හා ආශීර්වාද ලැබුණේ ඔහු දෙවිට කීකරු වෙමින් දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති පිළිපැද්ද නිසා බවයි. (උත්පත්ති 6:22 ) නෝවාගේ කාලයේ සිටි අනෙකුත් මිනිසුන්ගේ සැහැසික මෙන්ම සදාචාරයෙන් පිරිහුණු හැසිරීම දෙවි දුටුවා. ඒ ගැන බයිබලයේ මෙසේ පවසනවා. ‘මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළොවෙහි මහත් බවද ඔහුගේ හෘදයෙහි සියලු කල්පනා නිරන්තරයෙන් නපුර පමණක් බවද යෙහෝවා දෙවි දුටුවේය.’ ඒ නිසා දෙවි, පසු කාලයකදී දුෂ්ට මනුෂ්‍යයන්ව විනාශ කර නෝවාගේ පවුලේ අයව පමණක් බේරාගත්තා.—උත්පත්ති 6:5; 7:23.

ඔබටත් දෙවිගේ අනුමැතිය ලැබෙයිද? බයිබලයේ සඳහන් වෙන්නේ “යෙහෝවා කෙරෙහි සම්පූර්ණ සිත් ඇති සියල්ලන් උදෙසා ඔහු බලවත් බව පෙන්වන පිණිස ඔහුගේ ඇස් පොළොව මුළුල්ලෙහි ඔබ මොබ දුවන්නේය” කියායි. (2 ලේකම් 16:9) නෝවාගේ කාලයේ මෙන් දෙවි නැවතත් ළඟදීම පොළොවේ ඉන්න සියලුම දුෂ්ටයන්ව විනාශ කර, මොළොක් ගුණැති අයව පමණක් බේරාගැනීමට නියමිතයි.—ගීතාවලිය 37:10, 11.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න