ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w07 4/15 32 පි.
  • ඒඩ්‍රියානාගේ ආශාව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඒඩ්‍රියානාගේ ආශාව
  • 2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w07 4/15 32 පි.

ඒඩ්‍රියානාගේ ආශාව

අවුරුදු හයක් වයසැති ඒඩ්‍රියානා ජීවත් වන්නේ ඇ.එ.ජ. ඔක්ලහෝමා නගරයට අයත් ටුල්සා නම් ප්‍රදේශයේයි. ගීතිකාකාර දාවිත්ට තිබූණා හා සමාන ආශාවක් ඇයටත් තිබුණා. ගීතිකාකරු තම ආශාව ගැන පැවසුවේ මෙසේයි. “යෙහෝවාගෙන් එකක් ඉල්ලීමි; ඒක සොයන්නෙමි; එනම් යෙහෝවාගේ අලංකාරය දකින්ටත් ඔහුගේ මාලිගාවේදී භාවනා කරන්ටත් මාගේ ජීවිතයේ සියලු දවස්වලදී යෙහෝවාගේ ගෘහයෙහි වාසය කිරීමය.”—ගීතාවලිය 27:4.

ඒඩ්‍රියානාට මොළයේ පිළිකාවක් තිබෙන බවත් එය ඇගේ ස්නායු පද්ධතියට බලපා තිබෙන බවත් දැන ගනිද්දී ඇයට යන්තම් මාස හයක් පිරුනා විතරයි. මෙම මාරාන්තික රෝගයෙන් ඇගේ කකුල් දෙකම පණ නැතිව ගියා. වෛද්‍යවරුන් ඇයට ශල්‍යකර්ම ගණනාවක් කළ අතර පිළිකා රෝගය සඳහා කරන කිරණ ප්‍රතිකාරය අවුරුද්දක් පුරාම ලබා දුන්නා.

ඒඩ්‍රියානාගේ පියා ඇයටත් ඇගේ මවටත් තිබූ ආගමික විශ්වාසයන් පිළිගත් කෙනෙක් නෙමෙයි. තමාගේ මේ දියණියව ලෝක ප්‍රසිද්ධ විනෝද උද්‍යානයක් නරඹන්න රැගෙන යන්න කියා ඔහු මෙවැනි රෝගී දරුවන් කෙරෙහි සැලකිල්ලක් දක්වන සංවිධානයකින් ඉල්ලා සිටියා. එම සංවිධානය ඒඩ්‍රියානාව කැඳවා ඇය වැඩියෙන්ම බලන්න යෑමට කැමති කොහේද කියා ඇගෙන් ඇසුවා. එම ආයතනය දක්වන සැලකිල්ල අගය කල ඇය පැවසුවේ බෙතෙල් කියා හඳුන්වන නිව් යෝක්හි පිහිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානය බලන්න යෑමට කැමති බවයි. ඒත් පියා ඉල්ලා තිබෙන්නේ තමන්ව විනෝද උද්‍යානයකට රැගෙන යන්න කියා ඇය දැනගත් පසු තමාගේ ආශාව ගැන ඇය යෙහෝවා දෙවිට යාච්ඤා කළා. බෙතෙල් කියන්නේ ළමුන්ට විනෝද වන ස්ථානයක් නොවෙයි කියා එම සංවිධානය සිතුවත් ඇගේ ඉල්ලීමට පියා විරුද්ධ නොවූ නිසා ඔවුන් ඇයව එහි රැගෙන ගියා.

මේ ගමනට ඇය සමඟ ඇගේ අම්මාත් අම්මාගේ අක්කා මෙන්ම මිතුරියක්ද සහභාගි වුණා. ඇය එහි ගිය මුල්ම අවස්ථාව මෙයයි. ඒ ගැන ඇය පැවසුවේ මෙහෙමයි “යෙහෝවා දෙවි මගේ ඉල්ලීම ඉටු කළා. මම දැනගෙන හිටියා මට බෙතෙල් නිවස බලන්න ලැබෙයි කියලා. මම දැක්කා එහෙදී පොත්, සඟරා, බයිබල් මුද්‍රණය කරන හැටි. විනෝද උද්‍යානයකට යනවාට වඩා බෙතෙල් එකට යන්න ලැබුණ එක ගැන මම හුඟක් සතුටු වෙනවා”

ඇයට එහිදී “යෙහෝවාගේ අලංකාරය දකින්ටත්” සාක්ෂිකරුවන්ගේ මූලස්ථානයේ වැඩකටයුතු සිදුවන අයුරු දැකගන්නත් හැකි වුණා. ඇය එය බොහෝසෙයින් අගය කළා. නිව් යෝක්වල ඇති මූලස්ථානයට අමතරව ලෝකයේ විවිධ රටවල එහි ශාඛා කාර්යාල පිහිටුවා තිබෙනවා. එය නරඹන්න එන්න කියා අපි ඔබටත් ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න