ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w07 1/15 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ඔහුගෙන් ඉගෙනගත හැකි පාඩම්
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ප්‍රඥාවන්ත රජෙක්
    බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • “මනුෂ්‍යයාගේ සම්පූර්ණ යුතුකම”
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේශනාකාරයා 3:11 – “උන්වහන්සේ සියලු දේම ඒ ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ”
    බයිබල් පද පැහැදිලි කිරීමක්
තව තොරතුරු
2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w07 1/15 31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

“දහසක් අතරෙන් එක පුරුෂයෙක්” සම්බවුණත් “ඒ හැමදෙනා අතරෙන් එක ස්ත්‍රියක්” සම්බ නොවුණා කියා පැවසීමෙන් සාලමොන් රජ අදහස් කළේ කුමක්ද?—දේශනාකාරයා 7:28.

දෙවිගේ මඟ පෙන්වීම යටතේ ලියන ලද එම වදන්වල අර්ථය තේරුම්ගැනීම සඳහා දෙවි ස්ත්‍රීන්ව සලකන ආකාරය ගැන අපි මුලින්ම සලකා බැලීම අවශ්‍යයි. වැන්දඹුවක් වූ නයෝමිගේ ලේලිය වූ රූත්ව බයිබලයේ හඳුන්වන්නේ “ගුණවන්ත ස්ත්‍රියක්” කියායි. (රූත් 3:11) යහපත් භාර්යාවකගේ අගය “රතුකැටවලට බොහෝ වැඩිය” කියා හිතෝපදේශ 31:10හි සඳහන් වෙනවා. එසේනම් පුරාණ ඊශ්‍රායෙලයේ රජ වූ සාලමොන් රජ “පුරුෂයන් දාහකගෙන් එක් ධර්මිෂ්ඨ පුරුෂයෙකුව මට සම්බ විය. නමුත් ස්ත්‍රීන් අතරින් එක් ධර්මිෂ්ඨ ස්ත්‍රියක්වත් මට සම්බ නොවීය” කියා පැවසුවේ ඇයි?—නව ලොව පරිවර්තනය.

අවට වගන්ති සලකා බැලීමේදී සාලමොන්ගේ කාලයේ විසූ ස්ත්‍රීන් අතර සදාචාරය පහත වැටී තිබුණා කියා සිතිය හැකියි. (දේශනාකාරයා 7:26) මෙයට ප්‍රධානතම හේතුවක් වූවා විය හැක්කේ බාල් දෙවියාට නමස්කාර කළ විදේශීය ස්ත්‍රීන්ගේ නරක බලපෑමයි. සාලමොන් රජු පවා ඔහු විවාහ කරගත් බොහෝ විදේශීය භාර්යාවන්ගේ බලපෑමට හසු වුණා. “ඔහු කුමාරිකා භාර්යාවන් හත්සියයක්ද උපභාර්යාවන් තුන්සියයක්ද පාවාගත්තේය. ඔහුගේ භාර්යාවෝ ඔහුගේ සිත හරවාගත්තෝය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (1 රාජාවලිය 11:1-4) ඒ කාලයේ විසූ පුරුෂයන්ගේ සදාචාරයද තිබුණේ පහත් මට්ටමකයි. දහසක් පුරුෂයන් අතරින් එක් ධර්මිෂ්ඨයෙක්ව සොයාගැනීම හරියට කළු නික සොයානවා හා සමාන වුණා. සාලමොන්ගේ නිගමනය වූයේ මෙයයි. “බලව, මේක පමණක් මට සම්බ විය. දෙවි මනුෂ්‍යයා ඇද නැතුව මැවුවේය. නමුත් ඔවුහු බොහෝ අමුතු දේ සොයා ගත්තෝය.” (දේශනාකාරයා 7:29) මේ නිසා දේශනාකාරයා 7:28හි සඳහන් වදන් අපි තේරුම්ගත යුත්තේ සමස්තයක් හැටියට සාලමොන් තමන්ගේ කාලයේ විසූ මිනිසුන්ගේ සදාචාර මට්ටම ගැන පැවසූ යමක් ලෙස මිස ස්ත්‍රීන් හා පුරුෂයන් අතර කළ සැසඳීමක් ලෙස නොවෙයි.

කෙසේවෙතත් ඒ වගන්තියට තවත් අර්ථයක් තිබෙන බව පේනවා. යෙහෝවා දෙවිට සියයට සීයක්ම කීකරු වූ ධර්මිෂ්ඨ කෙනෙක් ස්ත්‍රීන් අතරෙන් සොයාගත නොහැකි වුණත් පුරුෂයන් අතරෙන් එවැනි කෙනෙක් සොයාගත හැකියි. ඒ තැනැත්තා වන්නේ යේසුස් මිස වෙන කිසිවෙක් නෙවෙයි.—රෝම 5:15-17.

[31වන පිටුවේ පින්තූරය]

“දහසක් අතරෙන් එක පුරුෂයෙක්”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න