ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w05 11/15 32 පි.
  • ‘ඔබ සැමගේ ප්‍රේමය වැඩි වෙයි’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘ඔබ සැමගේ ප්‍රේමය වැඩි වෙයි’
  • 2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w05 11/15 32 පි.

‘ඔබ සැමගේ ප්‍රේමය වැඩි වෙයි’

වර්ෂ 2004දී ජපානයේ ඇති වූ සුළි සුළං, ගංවතුර හා භූමිකම්පා නිසා එරට වැසියන් බොහෝ දුෂ්කරතාවලට මුහුණ දුන්නා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ටද එම දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වුණා. (දේශනාකාරයා 9:11) සාක්ෂිකරුවන්ට තම සෙසු සහෝදරයන්ට ප්‍රේමය පෙන්වීම සඳහා මෙය කදිම අවස්ථාවක් වුණා.—1 පේතෘස් 1:22.

ජූලි මාසයේ ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව නිසා මධ්‍යම ජපානයේ ගංගාවක් පිටාර ගැලුවා. මේ ගංවතුර නිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ නිවෙස් 20ක් පමණ යට වුණා. එක රාජ්‍ය ශාලාවක වතුර මට්ටම අඩි තුනක් දක්වා ඉහළ නැග්ගා. වහාම ළඟ පාත සභාවල සිටි සාක්ෂිකරුවන් ගංවතුරෙන් විපතට පත්වූවන්ට උපකාර කිරීමට පැමිණියා. සිය ගණන් ස්වේච්ඡා සේවකයන් ගෙවල්වල රැඳී තිබුණු මඩ තට්ටු අයින් කර ඒවා පිරිසිදු කළා. සති දෙකක් වැනි කෙටි කාලයක් තුළදී රාජ්‍ය ශාලාව සම්පූර්ණයෙන්ම පිරිසිදු කර අලුත්වැඩියා කරනු ලැබුවා.

එම නගරයේම ඔක්තෝබර් 23වන දා භූමිකම්පාවක් ඇති වුණා. මෙහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.8ක් ලෙස සඳහන් වුණා. මේ විපතෙන් මිනිස් ජීවිත 40ක් පමණ අහිමි වූ අතර 1,00,000කට වැඩි සංඛ්‍යාවකට තමන්ගේ නිවෙස් අත්හැර දමා යන්න සිදු වුණා. වතුර, ගෑස් හා විදුලි බලය වැනි සැපයුම් ඇණහිටියා. මේ භූමිකම්පාව සිදු වුණේ කලින් ගංවතුරෙන් හානි වූ රාජ්‍ය ශාලාවේ සිට කිලෝ මීටර් 50ක පමණ දුරින් වුවද එම රාජ්‍ය ශාලාවට කිසිම හානියක් සිදු වුණේ නැහැ. එම රාජ්‍ය ශාලාව සහනාධාර සපයන තාවකාලික මධ්‍යස්ථානය වුණා. ක්‍රිස්තියානි අවේක්ෂකයන් සෙසු සහෝදර සහෝදරියන් ගැන ඉක්මනින් සොයා බැලුවා. කිසිවෙකුට තුවාල වී නොමැති බවත් කිසිවෙක් මිය ගොස් නැති බවත් දැනගැනීම ඔවුන්ට ලොකු සහනයක් වුණා. ජූලි මාසයේ ගංවතුරෙන් විපතට පත් වූ සාක්ෂිකරුවන් හයදෙනෙක් භූමිකම්පාවෙන් විපතට පත් වී සිටින සහෝදරයන්ට කෑම බීම සැපයීමට පසුදා උදෑසනම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. භූමිකම්පාව සිදු වී පැය කිහිපයක් ඇතුළත සහනාධාර සැපයීමට කටයුතු සැලසුම් කරනු ලැබුවා.

එක් අවේක්ෂකයෙක් මෙසේ පැවසුවා. “කලින් ගංවතුරෙන් විපතට පත් වූ සහෝදරයන්ද භූමිකම්පාවෙන් විපතට පත් වූ සහෝදරයන්ට උපකාර කළා. ඔවුන් මෙය සැලකුවේ ඒ සහෝදරයන් තමන්ට දැක්වූ ප්‍රේමයට ප්‍රතිප්‍රේමයක් දැක්වීමට ලැබුණු අවස්ථාවක් ලෙසයි. ඔවුන් උදේ සිට රෑ වෙන තෙක් වෙහෙස මහන්සි වී වැඩ කළා. ඔවුන්ට උපකාර කිරීමට ලැබුණු අවස්ථාව ගැන ඔවුන් හුඟාක් ප්‍රීති වූ බව ඔවුන්ගේ මුහුණුවලින් දිස් වුණා.”

යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර තිබෙන ප්‍රේමයේ බැඳීම් බිඳ හෙළන්න ගංවතුරටවත් භූමිකම්පාවටවත් හැකි වන්නේ නැහැ. ඒ වගේම එවැනි විපත්ති සිදු වූ විට ක්‍රිස්තියානීන් පාවුල් තෙසලෝනිකවරුන්ට කියූ දේ අද්දකිනවා. ‘එකිනෙකා කෙරෙහි ඔබ සැමගේ ප්‍රේමය වැඩි වන්නේය.’—2 තෙසලෝනික 1:3.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න