ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w05 9/1 27 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ඔබට පුළුවන් සදහටම ජීවත් වෙන්න
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • තෙසලෝනික හා තිමෝති පොත්වලින් විශේෂාංග
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවධර්මීය උභතෝකෝටික ප්‍රශ්නයක්
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
තව තොරතුරු
2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w05 9/1 27 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

“අමරණීයභාවය සතු එකම තැනැත්තා” හා ‘කිසි මිනිසෙකු දැක නැති, කිසි මිනිසෙකුට දකින්නත් බැරි තැනැත්තා’ යන යෙදුම් යෙහෝවා දෙවිට නොව යේසුස්ට අදාළ වන බව කීමට තිබෙන සාධක මොනවාද?

බයිබල් ලේඛක පාවුල් ලිව්වේ “සන්තෝෂවත් වූද බලවත් වූද එකම තැනැත්තා මේ ප්‍රකාශ වීම ඊට නියමිත කාලවලදී පෙන්වන්නේය. ඔහු, රජවරුන්ගේ රජය, ස්වාමිවරුන්ගේ ස්වාමීන්ය, අමරණීයභාවය සතු එකම තැනැත්තාය. ඔහු, කිසිවෙකුට ළඟා විය නොහැකි ආලෝකයෙහි වසන්නේය. කිසි මිනිසෙකු ඔහුව දැක නැති අතර, කිසි මිනිසෙකුට ඔහුව දකින්නත් බැරිය.”—1 තිමෝති 6:15, 16.

බයිබලය ගැන අදහස් දක්වන්නන් මෙවැනි ප්‍රශ්නයක් නඟනවා. ‘“අමරණීයභාවය සතු එකම තැනැත්තා” “බලවත් වූද එකම තැනැත්තා” සහ ‘කිසි මිනිසෙකු දැක නැති, කිසි මිනිසෙකුට දකින්නත් බැරි තැනැත්තා’ කියන යෙදුම් සර්වපරාක්‍රම දෙවිට මිස වෙන කිසිවෙකුට යොමු දැක්විය හැකිද?’ යෙහෝවාව විස්තර කිරීමට එම යෙදුම් භාවිත කළ හැකි බව පිළිගත යුතුයි. කොහොමවුණත් අවට පාඨ අඟවන්නේ 1 තිමෝති 6:15, 16 පාවුල් විශේෂයෙන් යොමු දක්වන්නේ යේසුස්ට බවයි.

දහහතරවෙනි පදයේ මුල් කොටසේ පාවුල් සඳහන් කරන්නේ “අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ ප්‍රකාශ වීම” යනුවෙනි. (1 තිමෝති 6:14) ඒ නිසා පාවුල් 1 තිමෝ. 6:15 වන පදයේ “සන්තෝෂවත් වූද බලවත් වූද එකම තැනැත්තා මේ ප්‍රකාශ වීම ඊට නියමිත කාලවලදී පෙන්වන්නේය” කියා ලියද්දී ඔහු යොමු දක්වන්නේ යේසුස්ගේ ප්‍රකාශ වීමට මිස යෙහෝවා දෙවිගේ ප්‍රකාශ වීමක් ගැන නෙවෙයි. එසේනම් මේ “බලවත් වූද එකම තැනැත්තා” කවුද? බලවත් තැනැත්තා හැටියට පාවුල් යොමු දක්වන්නේ යේසුස්ට බව නිගමනය කිරීම සාධාරණ බව පෙනෙයි. ඒ ඇයි? අවට පාඨ සම්බන්ධය පෙන්වන්නේ පාවුල්, යේසුස්ව මිනිස් පාලකයන් සමඟ සසඳන බවයි. පාවුල් ලිව්වාක් මෙන් යේසුස් සැබවින්ම “[මිනිස්] රජවරුන්ගේ රජය, [මිනිස්] ස්වාමිවරුන්ගේ ස්වාමීන්ය.”a ඔව්, මිනිසුන් සමඟ සසඳද්දී යේසුස් තමයි “බලවත් වූද එකම තැනැත්තා.” “සියලු වර්ගයන්ද ජාතීන්ද භාෂාද ඔහුට මෙහෙකරන පිණිස ආණ්ඩුවත් ගෞරවයත් රාජ්‍යයකුත් ඔහුට දෙන ලද්දෝය.” (දානියෙල් 7:14) කිසිම මිනිස් පාලකයෙක් ගැන එසේ කිව නොහැකියි.

“අමරණීයභාවය සතු එකම තැනැත්තා” යන යෙදුම ගැන කියන්න පුළුවන් මොනවාද? නැවතත් යේසුස් සහ මිනිස් රජවරුන් අතර සැසඳීමක් තමයි කරලා තියෙන්නේ. කිසිම මිනිස් පාලකයෙකුට අමරණීයභාවය තියෙන බව කියන්න බැහැ. නමුත් යේසුස් අමරණීයයි කියා කියන්න පුළුවන්. පාවුල් ලිව්වේ “මළවුන්ගෙන් නැඟිටුවනු ලැබූ ක්‍රිස්තුස් තවත් මිය යන්නේ නැති බව අපි දනිමු. මරණය ඔහු කෙරෙහි තවත් බලපවත්වන්නේද නැත.” (රෝම 6:9) අමරණීයභාවය නමැති දීමනාව ලැබූ පළමු තැනැත්තා හැටියට බයිබලයේ විස්තර කර තිබෙන්නේ යේසුස්වයි. ඇත්තෙන්ම පාවුල් ලිපිය ලියන කාලයේදී අමරණීයභාවය ලැබ සිටි එකම තැනැත්තා යේසුස් පමණයි.

යෙහෝවා දෙවි පමණක් අමරණීයයි කියා පාවුල් ලිව්වා නම් එය වැරදි අදහසක් වන බව අප මතක තබාගත යුතුයි. ඊට හේතුව පාවුල් ඒ වචන ලියද්දී යේසුස්ද අමරණීය කෙනෙක්ව සිටියා. නමුත් මිනිස් පාලකයන් සමඟ සසඳද්දී යේසුස් පමණක් අමරණීය බව පාවුල්ට කිව හැකියි.

යේසුස්ගේ නැවත නැඟිටීමෙන් සහ ස්වර්ගයට නැඟීමෙන් පසු “කිසි මිනිසෙකු ඔහුව දැක නැති අතර, කිසි මිනිසෙකුට ඔහුව දකින්නත් බැරි” බව විස්තර කිරීම නිවැරදියි. යේසුස් සමඟ ස්වර්ගයේ පාලනය කිරීමට දෙවි තෝරගෙන තිබෙන අය, තම මරණයෙන් පසුව මිනිස් ඇසට නොපෙනෙන ශරීරයකින් නැවත නැඟිටින අතර ඔවුන්ට ඔහුව දකින්න ලැබෙන බව ඇත්තයි. (යොහන් 17:24) නමුත් යේසුස්ගේ තේජාන්විත තත්වය පොළොවේ වෙසෙන කිසිවෙකුට දැකගත නොහැකියි. ඒ නිසා යේසුස්ගේ නැවත නැඟිටීමෙන් පසු සිදු වූ ඔහුගේ ස්වර්ගයට නැඟීම පටන් යේසුස්ව ‘කිසි මිනිසෙකු දැක නැති’ බව සත්‍යයක්.

බැලූ බැල්මට 1 තිමෝති 6:15, 16හි සඳහන් විස්තරය දෙවිට අදාළ වන බව පෙනෙන්න පුළුවන්. නමුත් ඊට අමතරව පාවුල් පැවසූ වචන හා අනෙක් බයිබල් පදවලින් තහවුරු වන්නේ එම බයිබල් පදයට අදාළ විස්තරය යොමු දක්වන්නේ යේසුස්ට බවයි.

[පාදසටහන]

a ඊට සමාන යෙදුම් 1 කොරින්ති 8:5, 6; එළිදරව් 17:12, 14; 19:16 යන පදවල යේසුස්ට භාවිත කර තිබෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න