ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w05 3/15 32 පි.
  • සිහි කළ යුතු සිද්ධියක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සිහි කළ යුතු සිද්ධියක්
  • 2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w05 3/15 32 පි.

සිහි කළ යුතු සිද්ධියක්

මේ සිද්ධිය කුමක්ද? එය මීට වසර 2,000කට පමණ පෙර මිය ගිය යේසුස් ක්‍රිස්තුස්ගේ මරණයයි. ‘මට මාගේ ජීවිතය නැවත ලැබෙන පිණිස, මා එය දෙමි’ යයි පැවසූ ඔහු මෙසේද පැවසීය. “කිසිවෙකු එය මගෙන් පැහැරගන්නවා නොව, මාගේම කැමැත්තෙන් මම එය දෙමි.”—යොහන් 10:17, 18.

පූජාවක් ලෙස තම ජීවිතය ඔප්පු කළ යේසුස් තම අනුගාමිකයන්ට අණ කළේ තම මරණය සිහිපත් කරන ලෙසටයි. මෙම සිහි කිරීම “ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය” හෙවත් “ස්වාමීන්ගේ රාත්‍රි භෝජනය” ලෙසද හැඳින්වේ. (1 කොරින්ති 11:20) යේසුස්ගේ ඉල්ලීමට අනුව, යෙහෝවාගේ සාක්ෂිකරුවෝ සහ ඔවුන්ගේ මිත්‍රයෝ 2005 මාර්තු 24වන බ්‍රහස්පතින්දා හිරු බැස යෑමෙන් පසුව එය සැමරීමට බලාපොරොත්තු වෙති.

මෙම අවස්ථාවේදී යොදාගනු ලබන මුහුන් නුමුසු රොටි සහ වයින්වල අර්ථය, බයිබලය අනුසාරයෙන් ඉදිරිපත් කෙරෙන කතාවක් මගින් පහදා දෙනු ලැබේ. (මතෙව් 26:26-28) මෙම කතාව තුළින් ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලැබෙනු ඇත. එම ප්‍රශ්න නම්, ක්‍රිස්තියානීන් මෙම අවස්ථාව සිහි කළ යුත්තේ කෙලෙසද? රොටි සහ වයින් සංකේත පාවිච්චි කිරීමට සුදුස්සෝ කවරහුද? යේසුස්ගේ මරණින් ආශීර්වාද ලැබෙන්නේ කාටද? යන්නයි. මෙම වැදගත් සිහි කිරීම මගින් සියලුදෙනාටම යේසුස්ගේ ජීවිතයේ සහ මරණයේ අරමුණ ගැන අවබෝධ කරගැනීමට හැකි වෙනවා ඇත.

යේසුස්ගේ මරණය සිහි කිරීමට ඔබට ඉතා සාදරයෙන් ආරාධනා කරමු. ඔබේ පළාතේ මෙම සිහි කිරීම පැවැත්වෙන ස්ථානය සහ වේලාව ඔබේ පළාතේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් දැනගන්නා මෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න