ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w04 2/1 32 පි.
  • අවංක හෘදය සාක්ෂියක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අවංක හෘදය සාක්ෂියක්
  • 2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w04 2/1 32 පි.

අවංක හෘදය සාක්ෂියක්

කෙන්යාවේ විශ්වවිද්‍යාලයක සේවය කරන චාල්ස්, දිනක් වැඩ නිම වී නිවස බලා යන විට ඔහුගේ ජංගම දුරකථනය නැති විය. කෙන්යාවේ ජංගම දුරකථන තවමත් වටිනාකමෙන් යුත් සුඛෝපභෝගී භාණ්ඩයක් හැටියට සැලකේ.

“ඒක සොයාගත්තු කෙනෙක් ආපසු මට දෙයි කියලා මම බලාපොරොත්තු වුණේ නැහැ.” චාල්ස් පැවසුවේ එලෙසයි. දවස් කිහිපයකට පසු කෙන්යාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයෙන් දුරකථන ඇමතුමක් ලද විට ඔහු පුදුමයට පත් විය. පැමිණ ජංගම දුරකථනය රැගෙන යන්න කියා ඔහුට කී විට එය අදහාගත නොහැකි විය! ඔහු ගමන්ගත් එම වාහනේම ගමන් කළ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන සේවකයෙකුට එය සම්බ වී ඇති බව දැනගන්නට ලැබිණි. දුරකථනයේ අයිතිකරුව සෙවීමට වෙර දැරූ එම සේවකයා එය ශාඛා කාර්යාලය වෙත රැගෙන විත් තිබුණි. පසුව එහි සිටින ස්වේච්ඡා සේවකයෝ දුරකථනයේ සටහන් වී තිබුණු අංකයට කතා කිරීමෙන් එහි අයිතිකරු වූ චාල්ස්ව සොයාගත්හ.

“අපහසුතා මැද වුවත් මාව සොයාගැනීමට දැරූ වෑයම මම හුඟාක් අගය කරනවා. දුරකථනය සොයාගත් පසු එහි අයිතිකරුව සොයාගැනීමට වෑයමක් ගෙන එය භාර දුන් ඔබේ සංවිධානයේ සාමාජිකයන්ට මම අවංකවම ස්තුති කරනවා. අද කාලයේ අවංක කෙනෙකු සොයාගැනීම පහසු දෙයක් නොවෙයි. එසේ වුවත් යෙහෝවා දෙවිගේ සැබෑ සාක්ෂිකරුවන් ලෙස කැපීපෙනෙන ස්වල්පදෙනෙකු හෝ සිටීම දිරිගන්වනසුලුයි.” චාල්ස් විසින් ශාඛා කාර්යාලයට එවන ලද ලිපියේ සඳහන් වූයේ එලෙසයි.

සෑම තැනකම සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවෝ, අවංකකම පිළිබඳව නම් දරා සිටිති. ඔවුන් අනුකරණය කරන්නේ ප්‍රේරිත පාවුල්ගේ ආදර්ශයයි. ඔහු පැවසුවේ, “සියල්ලේදී අවංක ලෙස හැසිරෙන්න අප කැමති හෙයින් අපට අවංක හෘදය සාක්ෂියක් ඇති බව අපට ස්ථිරය” යනුවෙනි. (හෙබ්‍රෙව් 13:18, NW; 1 කොරින්ති 11:1) එලෙස හැසිරීමෙන් යෙහෝවා දෙවිට ගෞරවය ලැබෙන බව ඔවුන් තේරුම්ගෙන ඇත. යේසුස් පැවසුවේ, “ඔබේ ආලෝකය මිනිසුන් ඉදිරියෙහි බබළවන්න. එවිට ඔවුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින ඔබේ පියාණන්ව මහිමයට පත් කරනවා ඇත” යනුවෙනි.—මතෙව් 5:16, NW.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න