ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w04 1/1 32 පි.
  • දෙවි අප ගැන සලකනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවි අප ගැන සලකනවාද?
  • 2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w04 1/1 32 පි.

දෙවි අප ගැන සලකනවාද?

ශරීර සෞඛ්‍යය, රැකියාව, පවුලේ ප්‍රශ්න නැත්නම් වෙනත් භාරදූර වගකීම් නිසා ඔබ යම් මානසික පීඩනයක් සමඟ පොරබදමින් සිටිනවාද? බොහෝ අය එවැනි තත්වයකට මුහුණ දෙති. අද අයුක්තියට, අපරාධවලට සහ සැහැසියාවට ගොදුරු නොවෙන කෙනෙක් සිටිනවාද? ඇත්තවශයෙන්ම බයිබලයේ පවසා ඇති ආකාරයට “මුළු මැවිල්ලම, මේ දක්වා එක්ව කෙඳිරිගාමින්ද වේදනා විඳිමින්ද” සිටියි. (රෝම 8:22, NW) එසේනම් ‘දෙවි අප ගැන සැලකිලිමත් වෙනවාද? ඔහු අපට උපකාර කරයිද?’ කියා බොහෝ මනුෂ්‍යයන් විසින් අසනු ලැබීම පුදුමයට කාරණයක් නොවෙයි.

ප්‍රඥාවන්ත සලමොන් රජ දෙවිට යාච්ඤා කළේ “ඔබ පමණක් සියලු මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් දන්නේය” කියායි. දෙවි අප ගැන දන්නවා පමණක් නොව අප එක් එක් කෙනා කෙරෙහි පෞද්ගලිකව සැලකිලිමත් වන බවත් සලමොන් රජ විශ්වාස කළේය. ඒ නිසා, දේවභයැති අය ‘තම තමුන්ගේ පීඩාවද දුකද වගුරුවන විට ඒ එක් එක්කෙනාගේ යාච්ඤාවලට “ස්වර්ගයේ සිට අසා” පිළිතුරු දෙන්න කියා ඔහුට දෙවිගෙන් ඉල්ලන්නට හැකි විය.—2 ලේකම් 6:29-31.

අදත් යෙහෝවා දෙවි අප එක් එක් කෙනා කෙරෙහි සැලකිලිමත් වන අතර ඔහු වෙතට යාච්ඤාවෙන් ළඟාවීමට ආරාධනා කරයි. (ගීතාවලිය 50:15) දෙවිගේ කැමැත්තට එකඟව කරන හෘදයාංගම යාච්ඤාවලට ඔහු සවන් දෙන බව ඔහු පොරොන්දු වෙයි. (ගීතාවලිය 55:16, 22; ලූක් 11:5-13; 2 කොරින්ති 4:7) ඔව්, යෙහෝවා ‘කොයි මනුෂ්‍යයෙකු විසින් නමුත් ඔහුගේ මුළු සෙනඟ විසින් නමුත් යාච්ඤාවක් හෝ කන්නලව්වක් හෝ ඔප්පු කළොත්’ සවන් දෙන්නේය. අප දෙවි කෙරෙහි විශ්වාසය තබනවා නම්, ඔහුගේ උපකාරය පතා යාච්ඤා කරනවා නම් හා ඔහුට ළං වෙනවා නම් ඔහුගේ ප්‍රේමණීය සැලකිල්ල හා මඟ පෙන්වීම අද්දැකීමට හැකි වෙයි. (හිතෝපදේශ 3:5, 6) බයිබල් ලේඛකයෙකු වන යාකොබ් අපට සහතික කරන්නේ “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වන්නේය” යනුවෙනි.—යාකොබ් 4:8.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න