වතුර නාල්ලන්නාවූ කටාරම්
බයිබල් කාලවල කටාරම් ලෙස හැඳින්වූයේ මිනිසුන් විසින් පොළොව යට තනනු ලැබූ කුහරවලටයි. මේවා ප්‍රධාන වශයෙන් යොදාගනු ලැබුවේ ජලය රැස් කර තැබීමටයි. පොරොන්දු දේශයේ සමහර කාලවලදී අත්‍යවශ්‍ය ජල සැපයුම සපුරාගැනීමට තිබුණු එකම ක්‍රමය වූයේ මෙම කටාරම්ය.
ප්‍රොපේත යෙරෙමියා දෙවි විසින් ප්‍රකාශ කරනු ලැබූ දේ වාර්තා කළ එක් අවස්ථාවකදී කටාරම්වලට යොමු දැක්වූයේ උපමාලංකාරයෙනි. ඔහු මෙසේ පැවසුවේය. “මාගේ සෙනඟ නපුරු දේවල් දෙකක් කළෝය. ඔවුහු ජීවන වතුර උල්පත වූ මා අත්හැර, කටාරම්, එනම් වතුර නාල්ලන්නාවූ බිඳුණාවූ කටාරම් තමුන්ට කපාගත්තෝය.”—යෙරෙමියා 2:13.
ඊශ්‍රායෙල්වරු “ජීවන වතුර උල්පත” වන ඔවුන්ගේ දෙවි වූ යෙහෝවාව අත්හැර මිථ්‍යාදෘෂ්ටික ජාතීන්ගේ අස්ථිර හමුදා කෙරෙහි විශ්වාසය තබමින් කිසි බලයක් නොමැති බොරු දෙවිවරුන්ට වැඳ පුදන්න පටන්ගත්හ. උපකාරය පතමින් එවැනි දේ කෙරෙහි බලාපොරොත්තු තැබීම, යෙරෙමියාගේ උපහැරණයට අනුව හරියට කිසිම අන්දමකින්වත් ආරක්ෂාවක් දිය නොහැකි, ගැලවීමට කිසි බලයක් නැති වතුර වෑස්සෙන කටාරම් කෙරෙහි විශ්වාසය තැබීම හා සමානය.—ද්විතීය කථාව 28:20.
මෙම ඓතිහාසික උදාහරණයෙන් අද දින අපට උගත හැකි යමක් තිබේද? ඔව්, එය නම් යෙරෙමියාගේ කාලයේ මෙන්ම අද දිනත් ජීවනදායක වතුර ලබාගැනීමේ එකම උල්පත වන්නේ සදාතන දෙවි යෙහෝවා බවයි. (ගීතාවලිය 36:9; එළිදරව් 4:11) මිනිසාට සදාතන ජීවනය ලැබිය හැක්කේ යෙහෝවාගෙන් පමණි. ඔහු එය අපට දෙන්නේ ඔහුගේ පුත් යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙනි. (යොහන් 4:14; 17:3) එසේ වුවත් අද දින බහුතර ජනකායක් යෙරෙමියාගේ සමකාලීනයන් මෙන් බයිබලයෙහි සඳහන් කර තිබෙන දෙවිගේ වචනය ප්‍රතික්ෂේප කරන අතර එය සුළු කරයි. ඔවුන් තම විශ්වාසය තබා තිබෙන්නේ දේශපාලනික වශයෙන් ලබා දෙන ඉක්මන් විසඳුම්, මනුෂ්‍යයන්ගේ හිස් තර්ක, දෙවිට අගෞරවය ගෙන දෙන නිෂ්ඵල සංකල්ප සහ දර්ශනවාදී මත කෙරෙහියි. (1 කොරින්ති 3:18-20; කොලොස්සි 2:8) ඔබ විශ්වාසය තබන්නේ “ජීවන වතුර උල්පත” වූ යෙහෝවා කෙරෙහිද? එසේ නැතහොත් “වතුර නාල්ලන්නාවූ කටාරම්” කෙරෙහිද? කරන්න සුදුසුම දේ කුමක්ද යන්න පැහැදිලියි.
[32වන පිටුවේ පින්තූරය]
ඊශ්‍රායෙල් දේශයේ මිනී වළකින් සොයාගන්නා ලද මව් දේවතාවියකගේ කුඩා මැටි ප්‍රතිමාවක්
[හිමිකම් විස්තර]
පින්තූර දායකත්වය British Museum