ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w03 11/15 32 පි.
  • අපරාධ නැති ලොවක් හෙට දින

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපරාධ නැති ලොවක් හෙට දින
  • 2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w03 11/15 32 පි.

අපරාධ නැති ලොවක් හෙට දින

අපරාධකරුවන් නැති ලොවක් ඔබට සිතෙන් මවාගන්න පුළුවන්ද? පොලීසිය, සිරගෙවල් අවශ්‍ය නැහැ. උසාවි ගානේ රස්තියාදු වෙවී මුදල් නිරපරාදේ නාස්ති කරන්න කිසිදු අවශ්‍යතාවක් නැහැ. එය හැම මිනිසෙකුම අනෙකාගේ ජීවිතයට හා දේපළවලට ගරු කරන ලොවක් වෙවී. එවැන්නක් සැබෑ වේවි කියා විශ්වාස කළ හැකිද? එය කිසි දින විය නොහැකි යමක් ලෙස ඔබට සිතේවී. එනමුත් මෙම මවිතකර වෙනස තමයි බයිබලයෙහි දී තිබෙන පොරොන්දුව. මෙම පොළොවේ සිදු වන අපරාධ හා වෙනත් නපුරු දේවල් ගැන ශුද්ධ ලියවිලිවල පුරෝකථනය කර ඇති දේ සලකා බලමුද?

ගීතාවලිය පොතේ අපට මෙසේ කියවීමට තිබෙනවා. “නපුර කරන්නන් නිසා කල නොකිරෙව, අධර්මිෂ්ඨකම් කරන්නන්ට ඊර්ෂ්‍යා නොකරව. මක්නිසාද ඔවුහු තෘණ මෙන් වහාම කපනු ලබන්නෝය, නිල් පලා මෙන් වියළෙන්නෝය. නමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුම කරගන්නෝය. ඔවුහු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.” (ගීතාවලිය 37:1, 2, 11) මෙම පොරොන්දුවත් හද ශක්තිමත් කරවන දෙවිගේ අනෙකුත් පොරොන්දුත් දෙවි යථාර්ථයක් බවට පත් කරද්දී එය වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකියි.

දෙවි ඔහුගේ රාජ්‍යය තුළින් මෙම ආශීර්වාද ගෙන එයි. ස්වාමීන්ගේ යාච්ඤාවේදී යේසුස් ක්‍රිස්තුස් තම අනුගාමිකයන්ට මෙම රාජ්‍යය පැමිණෙන්න කියාත් දෙවිගේ කැමැත්ත “ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා” කියාත් යාච්ඤා කරන්න ඉගැන්නුවා. (මතෙව් 6:9, 10) වැඩි කල් නොගොස් එම රාජ්‍යය යටතේ, පොළොවේ සිටින කිසිවෙකු දුප්පත්කම, හිංසා පීඩා හෝ ආත්මාර්ථකාමිත්වය නිසා අපරාධ කිරීමට පෙලඹෙන්නේ නැහැ. ඊට වඩා වෙනස් දෙයක් දෙවිගේ වචනයෙහි සඳහන් වෙනවා. “පොළොවේ කඳු මුදුන්හි බොහෝ ශස්‍ය වන්නේය. එහි කරල් ලෙබනොන් මෙන් ලෙළ දෙන්නේය.” (ගීතාවලිය 72:16) යෙහෝවා දෙවි පොළොවේ සිටින සියලුදෙනාටම යහපත් දේ බහුල වශයෙන් සපයා දෙනු ඇති. මේ සියල්ලටම වඩා වැදගත් දේ වන්නේ මිනිස් සමාජය තුළ දෙවිටත් තම අසල්වැසියාටත් ප්‍රේම කිරීමට ඔවුන් තුළ කැමැත්තක් ඇතිවීමයි. යළි කිසි දිනකවත් අපරාධ නිසා ලොව කම්පනයට පත් වන්නේ නැහැ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න