ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w03 10/15 27 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ඔබව සෑදුවේ කවුද?
    පොළොව මත ජීවිතය සදහටම භුක්ති විඳින්න!
  • යේසුස්ට දේවපුත්‍රයා කියන්නේ ඇයි?
    2006 පිබිදෙව්!
  • උත්පත්ති 1:1 - “පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක”
    බයිබල් පද පැහැදිලි කිරීමක්
  • 3වන කොටස
    දෙවිට සවන් දෙන්න
තව තොරතුරු
2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w03 10/15 27 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

උත්පත්ති 3:22හි “අපගෙන් කෙනෙකු” කියා යෙහෝවා පැවසුවේ කාටද?

“මනුෂ්‍යයා යහපත හා නපුර දැනගැනීමට අපගෙන් කෙනෙකු මෙන් වුණේය” කියා පැවසූ විට යෙහෝවා දෙවි තමාටම සහ තම ඒකජාතක පුත්‍රයාට යොමු දැක්වූ බව පෙනී යයි. (උත්පත්ති 3:22) අපි ඊට හේතුව සොයා බලමු.

යෙහෝවා මෙම වදන් පැවසුවේ පළමු මනුෂ්‍ය යුවළට තීන්දුව දුන් පසුවයි. මනුෂ්‍ය රජෙකු “අපි ඒකට සතුටු නෑ” කියා පවසන විට තමාට පමණක් අපි යන වචනය අදාළ කරගැනීමට ඉඩ තිබෙන්නා සේම, දෙවි තම ශ්‍රේෂ්ඨත්වය ඇඟවීමට “අපගෙන් කෙනෙකු” යයි පැවසීමේදී බහු වචනාර්ථයෙන් මෙම ප්‍රකාශය යොදාගත් බව සමහරු සිතති. කෙසේවුවද, උත්පත්ති 1:26 සහ 3:22 සම්බන්ධයෙන් බලන කල, බයිබල් විශාරද ඩොනල්ඩ් ඊ. ගවන් මෙසේ පවසයි. “මෙහිදී යෝජනා කර ඇති මතයන් එකකටවත් පරණ තෙස්තමේන්තුවේ සාක්ෂි නැත. මේ අනුව යමෙකුගේ ශ්‍රේෂ්ඨත්වය ඇඟවීමට ‘අප’ භාවිත කර නැති අතර, යමෙකුගේ පූර්ණකම ඇඟවීමටවත් එය භාවිත කර නැත. එමෙන්ම දෙවි තුළ කීපදෙනෙකු වැඩ සිටිනවා යන්න ඇඟවීමටවත් අප භාවිත කොට නොමැත. ඒ නිසා මෙම එක පැහැදිලි කිරීමක්වත් ‘අපගෙන් කෙනෙකු’ කියා පවසන 3:22හි අදහසට ගැළපෙන්නේ නැත.”

එසේනම්, “යහපත හා නපුර” තමන්ම තීරණය කිරීමට තැත් කළ, මුල් මනුෂ්‍යයන්ටද එසේම කිරීමට බලපෑම් කළ සාතන් නමැති යක්ෂයා ගැන යෙහෝවා පවසමින් සිටියා විය හැකිද? එසේ සිතීම සාධාරණ නැත. යෙහෝවා එහි පැවසුවේ “අපගෙන් කෙනෙකු” කියාය. ඒ වන විට සාතන් යෙහෝවාගේ විශ්වාසවන්ත දූතයන් අතර නොසිටි නිසා ඔහු යෙහෝවාගේ පැත්තේ සිටි අයගේ හවුලට එකතු කරන්නට කිසිදු පදනමක් නොතිබිණ.

දෙවි පවසමින් සිටියේ විශ්වාසවන්ත දේවදූතයන් ගැනද? අපට හරියටම කිව නොහැක. කෙසේවෙතත්, උත්පත්ති 1:26හි සහ 3:22හි සඳහන් ප්‍රකාශයන්වල සමානතාවෙන් අපට ඉඟියක් ලැබේ. “අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ.” (අකුරු ඇල කළේ අපය.) ඔහු මේ වචන පවසමින් සිටියේ කාටද? පරිපූර්ණ මනුෂ්‍යයෙකු බවට පත් වූ ආත්ම මැවිල්ලට යොමු දක්වමින් පාවුල් මෙසේ පැවසීය. “ඔහු අදෘශ්‍යමාන දෙවිගේ ස්වරූපයය. මුළු මැවිල්ලේම කුලුඳුලාය. මන්ද, . . . ස්වර්ගයෙහි හා පොළොවෙහි . . . සියල්ල ඔහු මාර්ගයෙන් මවන ලදි.” (කොලොස්සි 1:15, 16, NW) ඇත්තෙන්ම, යෙහෝවා අහස සහ පොළොව මවද්දී තමා ළඟ “ප්‍රධාන කර්මාන්තකාරයා” ලෙස සිටි තම ඒකජාතක පුත්‍රයාට උත්පත්ති 1:26හි සඳහන් දේ පැවසුවායයි සිතීම තර්කානුකූල බව පෙනෙන්න තිබේ. (හිතෝපදේශ 8:22-31) උත්පත්ති 3:22හි සඳහන් ප්‍රකාශයෙහි සමානතාවෙන් අඟවන්නේ යෙහෝවා නැවතත් තමාට කිට්ටුවෙන්ම සිටි තම ඒකජාතක පුත්‍රයාට කතා කරමින් සිටි බවය.

පෙනෙනාකාරයට, දෙවිගේ ඒකජාතක පුත්‍රයාට “යහපත හා නපුර” සම්බන්ධයෙන් දැනුමක් තිබිණ. දිගු කලක් යෙහෝවාට සමීපව සිටි ඔහු තම පියාගේ සිතුවිලි, ප්‍රතිපත්ති සහ ප්‍රමිති හොඳින් ඉගෙනගත්තේය. තම පුත්‍රයා මේවා හොඳින් දැන ඒවාට විශ්වාසවන්තව ඇලී සිටින බවට ස්ථිරත්වයක් තිබූ බැවින් සෑම අවස්ථාවකම තමාගෙන් විමසීමක් නොකර දේවල් කිරීමට යෙහෝවා ඔහුට යම් නිදහසක් දී තිබුණා විය හැක. එබැවින් මේ දක්වා යහපත හා නපුර කුමක්ද කියා තීරණය කිරීමට පුත්‍රයාට හැකියාව සහ අධිකාරිය තිබුණා විය යුතුය. කෙසේවුවද, සාතන් මෙන්ම ආදම් සහ ඒව කළාක් මෙන් යෙහෝවාගේ ප්‍රමිති සමඟ ගැටෙන ප්‍රමිතියක් ඔහු පිහිටුවාගත්තේ නැත.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න