ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w03 8/15 31 පි.
  • කරුණාවට ප්‍රේම කළ මොහු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කරුණාවට ප්‍රේම කළ මොහු
  • 2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w03 8/15 31 පි.

කරුණාවට ප්‍රේම කළ මොහු

මිල්ටන් ජී. හෙන්ෂල්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ දිගු කලක් සේවය කළ සාමාජිකයෙකි. වර්ෂ 2003 මාර්තු 22වන සෙනසුරාදා සිය භූමික දිවිය අවසන් කරන විට ඔහුගේ වයස අවුරුදු 82කි.

තරුණයෙකු වශයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානයේ කාර්ය මණ්ඩලයට හවුල් වූ මිල්ටන් හෙන්ෂල් වසර 60කට වැඩි කාලයක් පුරා විශ්වාසවන්තව සේවය කළේය. ඥානවන්තව කටයුතු කළ පුද්ගලයෙකු වශයෙන්ද රාජ්‍ය-දේශනා සේවය කෙරෙහි ඔහු දැක්වූ අවංක උනන්දුව සම්බන්ධයෙන්ද ඔහු විගස ප්‍රසිද්ධ විය. වර්ෂ 1939දී ඔහු, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ බෘක්ලින් මුද්‍රණාලයේ අවේක්ෂකයාව සිටි එන්. එච්. නෝර්ගේ ලේකම් බවට පත් විය. සහෝදර නෝර් 1942දී ලොව පුරා සාක්ෂිකරුවන් අතර පෙරමුණ ගැනීමට පටන්ගත් අවස්ථාවේ සහෝදර හෙන්ෂල්ව තම සහයකයා ලෙස තබාගත්තේය. සහෝදර හෙන්ෂල් 1956දී ලුසීල් බෙනට් හා විවාහ වූ අතර ඉන්පසු දෙදෙනාම එක්ව ප්‍රීතිමත් අවස්ථාවන්වලට සහ අභියෝගයන්වලට මුහුණ දුන්හ.

සහෝදර නෝර් 1977දී මිය යන තුරුම සහෝදර හෙන්ෂල් ඔහු හා කිට්ටුවෙන් වැඩ කළේය. ලොව වටා රටවල් 150කට වැඩි ප්‍රමාණයක් තුළ සහෝදර නෝර් සමඟ සහෝදර හෙන්ෂල් සංචාරය කළේ එහි සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව, විශේෂයෙන්ම මිෂනාරිවරුන්ව හා ශාඛා කාර්යාලවල සේවය කළ අයව බැහැදැක ඔවුන්ව දිරිගැන්වීමටය. ඇතැම් අවස්ථාවලදී එවැනි සංචාරයන් ඉතා දුෂ්කර වූ අතර අනතුරුදායකද විය. සහෝදර හෙන්ෂල් 1963දී ලයිබීරියාවේ සමුළුවකට ගිය විට, දේශාභිමාන උත්සවයකට සහභාගි වීම ප්‍රතික්ෂේප කළ නිසා කෲර වධ හිංසාවලට මුහුණ දීමට ඔහුට සිදු විය.a ලයිබීරියාවේ සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට නමස්කාරය සම්බන්ධයෙන් වැඩි නිදහසක් ලබා දීමට මං සොයමින් සහෝදර හෙන්ෂල් ඊට මාස කීපයකට පසු නිර්භීත ලෙස එහි ජනාධිපතිව හමුවීමට ගියේය.

බැරෑරුම් ප්‍රශ්න හා අභියෝග සම්බන්ධයෙන් කටයුතු කරන විට සහෝදර හෙන්ෂල් ප්‍රායෝගික, නම්‍යසුලු සහ සාධාරණ කෙනෙකු බවට හොඳ නමක් දිනාගෙන සිටියේය. ඔහුගේ ආශ්‍රිතයන් ඔහුව විශේෂයෙන් අගය කළේ ඔහු පිළිවෙළකට වැඩ කළ, යටහත් පහත් මෙන්ම විහිළු තහළු තේරෙන කෙනෙකුව සිටි නිසාය. ඔහුට හොඳ මතකයක් තිබූ බැවින් ලොව වටා සිටින බොහෝ මිෂනාරිවරුන්ගේ නම් විගස මතකයට නඟාගැනීමෙන්, ඔවුන්ගේම භාෂාවලින් වචන කීපයක් පැවසීමෙන්, ඇසක් ගසා හාස්‍ය දනවන අයුරින් වචනයක් කීමෙන් ඔවුන්ව සතුටට පත් කිරීමට ඔහුට හැකි විය.

යෙහෝවා දෙවිට අපෙන් වුවමනා කරන්නේ අප “කරුණාවට ප්‍රේමවීම” බව මීකා 6:8 අපට සිහිගන්වයි. මේ සම්බන්ධයෙන් ආදර්ශයක් තැබූ තැනැත්තෙකු ලෙසටයි මිල්ටන් හෙන්ෂල්ව සිහි කරනු ලබන්නේ. ඔහු පිට වගකීම් කන්දරාවක් පැටවී තිබුණත් ඔහු වෙතට ඕනෑම වේලාවක පිවිසීමට හැකියාව තිබූ අතර ඔහු මෘදු මෙන්ම කරුණාවන්ත කෙනෙකුද විය. ඔහු නිතර පැවසුවේ “සැක තත්වයක් තිබෙන විට කරුණාවන්ත දෙය වන්නේ හරි දෙය බව මතක තබාගන්න” කියාය. මේ දයාබර සහෝදරයාගේ වියෝව අපට ඉමහත් ශෝකයක් වුවත්, අවසානය දක්වා ඔහු විශ්වාසවන්තව විඳදරාගත් බැවින් අප ප්‍රීතිමත් වන අතර ඔහුට “ජීවනය නමැති ඔටුන්න” නම් ත්‍යාගය ලැබෙන බවටද ස්ථිරත්වයකින් සිටින්නෙමු.—එළිදරව් 2:10, NW.

[පාදසටහන]

a 1977 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොතෙහි (සිංහලෙන් නැත) 171-7 දක්වා පිටු බලන්න.

[31වන පිටුවේ පින්තූරය]

එම්. ජී. හෙන්ෂල් එන්. එච්. නෝර් සමඟ

[31වන පිටුවේ පින්තූරය]

ඔහු සිය බිරිඳ වන ලුසීල් සමඟ

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න