ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w03 5/15 32 පි.
  • තෝරාගන්න සදාකාල ජීවනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තෝරාගන්න සදාකාල ජීවනය
  • 2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w03 5/15 32 පි.

තෝරාගන්න සදාකාල ජීවනය

මිනිසුන්ට මින් පෙර කිසිදාක මෙතරම් විවිධාකාර තේරීම් රාශියක් කිරීමට තිබුණේ නැහැ. උදාහරණයකට අපි අඳින්නේ මොන ඇඳුම්ද, කන්නේ මොනවද, අපි රැකියාව කරන්නේ කොහෙද හා ජීවත් වෙන්න තෝරගන්නේ කොහෙද යන කාරණා අපේ තේරීම්වලට අයත්. ලෝකයේ බොහෝ රටවල මේ තේරීම් අතරට තමන්ට සහකාරයෙක් හෝ සහකාරියක් තෝරාගැනීමත් ඇතුළත් වෙනවා. කෙසේවෙතත් බයිබලයේ මේ සියලුම තේරීම් අභිභවා යන විශිෂ්ට තේරීමක් ඉදිරිපත් කර තිබෙන අතර මෙය සියලුදෙනා සඳහා විවෘතයි.

බයිබලයෙහි පවසන්නේ “ධර්මිෂ්ඨකමෙහි ස්ථිරව සිටින්නා ජීවනයට පැමිණෙන්නේය. නපුර අනුව යන්නා තමාට මරණය ළඟා කරගන්නේය” කියායි. (හිතෝපදේශ 11:19) තවද යේසුස් ක්‍රිස්තුස් ප්‍රකාශ කළේ මෙසේයි. “සදාකාල ජීවනය නම් මේය. එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් ඔවුන් දැනුම ලබාගැනීමය.”—යොහන් 17:3, NW.

ඔව් ඇත්තෙන්ම අපේ මැවුම්කරු අපට අවස්ථාවක් දී තිබෙනවා සදාකාල ජීවනයට මඟ පෑදිය හැකි ගමන් මාර්ගයක් තෝරාගැනීම සඳහා! සදාකාල ජීවනය ලබාගැනීමට අපි මොනවද කරන්න ඕනේ?

“ධර්මිෂ්ඨකමේ මාවතෙහි ජීවනය වේ” කියා බයිබලයෙහි පවසනවා. (හිතෝපදේශ 12:28) සදාකාල ජීවනයට යන මාවතෙහි සිටින ධර්මිෂ්ඨයන් අතර අපටද සිටින්න පුළුවන්. ඒ කොහොමද? දෙවිගේ කැමැත්තට හා ඔහුගේ නීතිවලට එකඟව අපේ ජීවිත හැඩගස්වාගෙන ඇති බව සහතික කරගැනීමෙනුයි. (මතෙව් 7:13, 14) මෙලෙස, අපි හරි තේරීම කර දෙවිගේ මහත් දායාදය වන සදාකාල ජීවනය ලබාගනිමු.—රෝම 6:23.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න