ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w03 3/15 3 පි.
  • මතක තබාගත යුතුම දවස

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මතක තබාගත යුතුම දවස
  • 2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යේසුස්ගේ ඉගැන්වීම් සහ ඔබ
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යොහන් 3:16 - “දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක”
    බයිබල් පද පැහැදිලි කිරීමක්
  • මනුෂ්‍යවර්ගයාව ගළවාගැනීමට දෙවි කර තිබෙන දේ
    සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම
  • යේසුස්ට දේවපුත්‍රයා කියන්නේ ඇයි?
    2006 පිබිදෙව්!
තව තොරතුරු
2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w03 3/15 3 පි.

මතක තබාගත යුතුම දවස

එය මිනිසාට සදාකාලික ආශීර්වාද භූක්ති විඳීමේ ප්‍රස්තාව උදා කර දෙමින් ඔවුන්ගේ අනාගතය මුළුමනින්ම වෙනස් කළ දවසයි. ඉතිහාසයේ වෙන කිසිම දවසක් මිනිසාගේ අනාගතය කෙරෙහි එතරම් ප්‍රබල බලපෑමක් ඇති කිරීමට සමත් වී නැහැ. යේසුස් තමා පොළොවට පැමිණි අරමුණ මුළුමනින්ම ඉටු කළේ එදායි. වධකණුවක ඇණ ගසා සිටි ඔහු තම අවසන් හුස්ම හෙළුවේ, “එය ඉටු වී තිබේ!” යයි මොරගසමිනුයි. (යොහන් 19:30, NW) ඇත්තෙන්ම, යේසුස් පොළොවට පැමිණ සිටියේ කුමන අරමුණක් උදෙසාද?

“මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ සේවය ලබන්න නොව, සේවය කරන්නත් බොහෝදෙනෙකු වෙනුවෙන් තම ජීවිතය මිදීමේ මිලයක් ලෙස දීමටත්ය” යනුවෙන් බයිබලය පිළිතුරු සපයනවා. (මතෙව් 20:28, NW) යේසුස් තම ප්‍රාණය නැතහොත් ජීවිතය දුන්නේ මිනිසා උරුම කරගත් පාපයෙන් සහ මරණයෙන් ඔවුන්ව බේරාගැනීමටයි. ඒ ගැන නම් කිසිම සැකයක් නැහැ. මන්ද “දෙවි ලෝකයට මොනතරම් ප්‍රේම කළාදයත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහන් 3:16, NW) යේසුස්ගේ මිදීමේ පූජාව මොනතරම් අනර්ඝ දීමනාවක්ද!

යේසුස් මිය ගිය දවස මතක තබාගත යුතු වීමට තවත් හේතුවක් තිබෙනවා. ඇදහිල්ල දිගටම පවත්වාගැනීමට උපකාරවත් වන වටිනා පාඩම් කිහිපයක් එම දවසේදී දෙවිගේ පුත්‍රයා තම ප්‍රේරිතයන්ට ඉගැන්වුවා. එම අවසාන පැය කිහිපයේදී ඔහු ඉගැන්වූ වදන් ගෝලයන්ගේ හදවත්වලට කොයිතරම් කාවදින්න ඇද්ද කියා සිතා බලන්න! යේසුස් ඒ අවස්ථාවේදී ඉගැන්වූයේ මොනවාද? ඔහු ඉගැන්වූ ඒ දේවලින් අපට ප්‍රයෝජන ලබාගත හැක්කේ කෙසේද? එම ප්‍රශ්න ඊළඟ ලිපියේදී සාකච්ඡා කෙරේ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න