ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w02 12/1 32 පි.
  • ජීවත් වීමට හොඳම කාලය මෙයයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජීවත් වීමට හොඳම කාලය මෙයයි
  • 2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w02 12/1 32 පි.

ජීවත් වීමට හොඳම කාලය මෙයයි

ජීවිතයේ අසීරු කාලවල් අද්දකින විට “ගෙවුණු සොඳුරු අතීතය” නැවතත් පැමිණෙනවා නම් කොච්චර හොඳද කියා ඔබ කල්පනා කර තිබෙනවාද? එසේනම් ප්‍රඥාවන්ත සාලමොන් කියූ වදන්වලට සිත යොමු කරන්න. “පළමු දවස් මේවාට වඩා හොඳව තිබුණේ මොන කාරණයක් නිසාදැයි නොකියන්න. මක්නිසාද නුඹ මේ ගැන ප්‍රඥාවෙන් යුක්තව විමසනවා නොවේ.”—දේශනාකාරයා 7:10.

සාලමොන් රජ මෙවැනි උපදෙසක් දුන්නේ ඇයි? අතීතය ගැන දරන යථාර්ථවාදී ආකල්පය වර්තමානයේ බලපාන අප්‍රසන්න තත්වයන් සමඟ සාර්ථකව කටයුතු කිරීමට උපකාරවත් වන බව ඔහු දැනගෙන සිටි නිසායි. “ගෙවුණු සොඳුරු අතීතය” නැවත එනවා නම් හොඳයි කියා කල්පනා කරන බොහෝදෙනෙකුට අමතක වී ගොස් ඇති සත්‍යය නම් ඒ කාලයේදීත් නොයෙක් ප්‍රශ්න ගැටලු තිබූ බවත් ජීවිතය කිසිදාක මල් යහනාවක් වූයේ නැති බවත්ය. අතීතයේ සමහර දේවල් යහපත්ව තිබුණා විය හැකි නමුත් හැම දෙයක්ම නොවෙයි. අතීත සිදුවීම් ගැන අනවශ්‍ය ලෙස දිගින් දිගටම කල්පනා කිරීම ප්‍රඥාවන්ත දෙයක් නොවේ. මන්ද ගෙවුණු අතීතය වර්තමානයට ගෙන ආ නොහැකියි.

අතීත සොඳුරු මතකයන් යළි සිහියට නඟාගැනීම හානිදායකද? එම හැඟීම් වර්තමාන ජීවිත රටාව තුළ යම් අවස්ථාවලදී නම්‍යශීලී වීමට, තත්වයන්ට අනුව හැඩගැසීමට, අප ජීවත් වන කාලය සහ අප ඉදිරියේ ඇති අනාගත බලාපොරොත්තු අගය කිරීමට යම් බාධා පමුණුවනවා නම් ඒවා හානිදායකයි.

දවසින් දවස දරුණු වන ලෝක තත්වයන් මධ්‍යයෙහි වුවද ජීවත් වීමට හොඳම කාලය මෙයයි. ඇයි එහෙම කියන්නේ? ඒකට හේතුව අප සිටින්නේ පොළොව සම්බන්ධව දෙවිගේ අරමුණ ඉටු වන හා ඔහුගේ රාජ්‍ය පාලනයේ ආශීර්වාද ලැබෙන කාලය අද්දරයි. බයිබලයේ පොරොන්දු කරන්නේ “ඔහු ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය” කියායි. (එළිදරව් 21:4) එවිට තත්වයන් සැබෑවටම හොඳ අතට හැරෙන නිසා කිසිම කෙනෙකුට “ගෙවුණු සොඳුරු අතීතය” නැවතත් එනවා නම් හොඳයි කියා සීතිමට හේතුවක් ඇති නොවේ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න