ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w02 8/1 28 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යෙහෝවාට පිළිගත හැකි පූජා ඔප්පු කිරීම
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වෙනස් ආකල්පයන් ඇති කරගත් සහෝදරයෝ
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හොඳ පුතෙක් හා නරක පුතෙක්
    මගේ බයිබල් කතන්දර පොත
  • කේන්තිය හරිම භයානකයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w02 8/1 28 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

දෙවිගේ අනුමැතිය ලැබීමට සත්ව පූජාවක් ඔප්පු කළ යුතු බව ආබෙල් දැනගෙන සිටියාද?

කායින් සහ ආබෙල්ගේ පූජාවන් ගැන බයිබලයේ සඳහන් වන්නේ ඉතා ලුහුඬින්. උත්පත්ති 4:3-5හි කියවීමට තිබෙන්නේ “කාලයකට පසු කායින් භූමියේ ඵලයෙන් ස්වාමීන්ට පඬුරක් ගෙනායේය. ආබෙල්ද තමාගේ රැළේ කුලුඳුලන්ගෙන්ද උන්ගේ තෙලින්ද ගෙනායේය. ස්වාමීන් ආබෙල් සහ ඔහුගේ පඬුර සැලකුවේය; එහෙත් ඔහු කායින් සහ ඔහුගේ පඬුර නොසැලකුවේය” යනුවෙනුයි.

බයිබලයේ මේ වාර්තාවට කලින් යෙහෝවා පූජාවන් ගැනවත් තමන් කැමති හා අකමැති වන්නේ කුමන ආකාරයේ පූජාවන්ටද යන වගවත් සඳහන් කර තිබුණේ නැත. එසේනම්, කායින් සහ ආබෙල් මෙම පූජාවන් ඔප්පු කළේ තමන්ගේම කැමැත්තෙන් බව පැහැදිලිය. තම දෙමව්පියන්ට කලින් උරුම වී තිබුණු පාරාදීස නිවසට ඇතුල් වීමට ඔවුන්ට ඉඩක් නොලැබිණ. පාපයේ ප්‍රතිඵල ඔවුන්ට දැනුණ අතර ඔවුන් සිටියේ දෙවිගෙන් ඈත් වූ තත්වයකයි. ඔවුන් අද්දුටු මෙම පාපතර හා දුක්ඛිත තත්වය නිසා දෙවිගෙන් උපකාර ලබාගැනීමේ දැඩි අවශ්‍යතාව ඔවුන්ට දැනුණා විය හැකියි. ඔවුන් දෙවිගේ අනුමැතිය ලබාගැනීම සඳහා ස්වකැමැත්තෙන්ම තෑග්ගක් ඉදිරිපත් කළා විය හැක.

නමුත් දෙවි ආබෙල්ගේ පූජාව පිළිගත් අතර කායින්ගේ පූජාව පිළිගත්තේ නැත. එයට හේතුව කුමක්ද? ආබෙල් හරි දේත් කායින් වැරදි දේත් පූජා කළ නිසාද? දෙවි පිළිගන්නේ කුමන ආකාරයේ පූජාද යන වග නම් දෙදෙනාටම ඒ වන විට දැනුම් දී තිබුණේ නැත. ඒ නිසා ඔවුන් පිළිගැන්වූ පූජාවල ස්වභාවය ඒවා පිළිගැනීමට හෝ නොපිළිගැනීමට හේතුවක් වූවාද කියා ස්ථීර වීමට නොහැකියි. කෙසේවෙතත් මේ පූජා දෙවර්ගයම පිළිගත හැකි ඒවා වූවායයි සිතිය හැක. කාලයාගේ ඇවෑමෙන් යෙහෝවා දෙවි ඉශ්‍රායෙල් ජනයා සඳහා දුන් නීතිවල සඳහන් වූ පිළිගත හැකි පූජාවන්වලට සත්වයන් හා සත්ව කොටස් පමණක් නොවෙයි පුලුස්සන ලද ධාන්‍ය, බාර්ලි මිටි, සිහින් පිටි, පුලුස්සන ලද ආහාර හා මිදි යුෂද අඩංගු විය. (ලෙවී කථාව 6:19-23; 7:11-13; 23:10-13) පෙනෙන විදියට යෙහෝවා අනුමත කළේ හෝ නොකළේ පූජා කරන ලද දෙයම නොවෙයි.—යෙසායා 1:11; ආමොස් 5:22 සසඳන්න.

ශතවර්ෂ ගණනාවකට පසු ප්‍රේරිත පාවුල් පැවසුවේ “ඇදහිල්ලෙන්, ආබෙල් කායින්ට වඩා උතුම් පූජාවක් දෙවිට ඔප්පු කළේය. ඔහුගේ දීමනා ගැන දෙවි සාක්ෂි දුන් බැවින්, එයින් ඔහු ධර්මිෂ්ඨයෙකු බවට සාක්ෂි ලැබුවේය” යනුවෙනි. (හෙබ්‍රෙව් 11:4) ආබෙල් ධර්මිෂ්ඨ පුද්ගලයෙකු වශයෙන් ගණන් ගනු ලැබුවේ ඔහුගේ ඇදහිල්ල හේතුකොටගෙනය. නමුත් කුමක් කෙරෙහි ඇදහිල්ලද? එනම් වංශය ‘සර්පයාගේ හිස පොඩි කර’ කලින් අද්දුටු පරිපූර්ණ හා සාමකාමී ජීවිතය නැවතත් මිනිසාට භුක්ති විඳින්න ලබා දෙන බවට වූ යෙහෝවාගේ පොරොන්දුව කෙරෙහි ඇදහිල්ලයි. එම විස්තරයේ දක්වා ඇත්තේ වංශයේ ‘විලුඹ පොඩි කරන’ බවයි. මෙහිදී රුධිරය වැගිරීමක් සිදු විය යුතුව තිබුණු බව ආබෙල් කල්පනා කළා විය හැකියි. (උත්පත්ති 3:15) කෙසේවෙතත් පිළිගත යුතු සත්‍යය නම් ආබෙල්ගේ පූජාව ‘කායින්ගේ පූජාවට වඩා උතුම්’ වූයේ ඔහුගේ ඇදහිල්ල හේතුකොටගෙන බවය.

ඒ හා සමානව කායින්ගේ පූජාව ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ඔහු වැරදි දෙයක් පූජා කිරීම නිසා නොවෙයි. ඔහු ඇදහිල්ලෙන් ඌනව සිටි බව ඔහුගේ ක්‍රියාවෙන් ඔප්පු වූ නිසයි. යෙහෝවා මේ සම්බන්ධව පැහැදිලිව කායින්ට පෙන්නුම් කළේ මෙසේයි. “නුඹ යහපත කරන්නෙහි නම් නුඹ පිළිගනු ලබන්නෙහි ය.” (උත්පත්ති 4:7, නව අනුවාදය) යෙහෝවා කායින්ගේ පූජාව කෙරෙහි යම් අසතුටක් පළ කළේ නැත. යෙහෝවා කායින්ව ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ඔහු තුළ ඊර්ෂ්‍යාව, වෛරය හා අවසානයේදී මිනී මැරීමට පවා පෙලඹවූ ඔහුගේ “ක්‍රියා නපුරුව” තිබුණ බැවිනි.—1  යොහන් 3:12.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න