ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w02 7/1 32 පි.
  • රැවටෙන්න එපා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • රැවටෙන්න එපා
  • 2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w02 7/1 32 පි.

රැවටෙන්න එපා

රැවටීම මිනිසාට තරම්ම පැරණි ඉතිහාසයක් ඇති ගුණාංගයක්. රැවටීම ඉතිහාසගත වී ඇති මුල්ම සිදුවීම්වලින් එකකි. එම සිදුවීම නම් ඒදන් උයනේදී සාතන් ඒවව රැවටූ අවස්ථාවයි.—උත්පත්ති 3:13; 1 තිමෝති 2:14.

එදා පටන් රැවටිලිකාර ක්‍රියාවලින් තොර කාලපරිච්ඡේදයක් ලෝකයේ කිසිමදාක පැවතුණේ නැති වුවද, අදදින එය දසත පැතිර තිබෙන්නේ වසංගතයක් මෙනි. නවීන කාල වකවානුව සම්බන්ධව බයිබලයේ පුරෝකථනය කර තිබෙන්නේ “නපුරු මනුෂ්‍යයොත් රැවටිලිකාරයොත් රවටමින්ද රැවටෙමින්ද වඩ වඩා නරක් වන්නෝය” කියායි.—2 තිමෝති 3:13.

නොයෙක් ආකාර හේතූන් මත මනුෂ්‍යයන්ව රවටා තිබේ. ප්‍රෝඩාකාරයින් හා වංචනික ක්‍රියාකරන්නන් මිනිසුන්ව රවටන්නේ මුදල් උපයාගැනීමටයි. සමහර දේශපාලඥයින් ඡන්දදායකයන් රවටන්නේ කුමන හෝ ක්‍රමයකින් බලයේ රැඳී සිටීමේ ආශාව නිසයි. අමිහිරි සත්‍යයට මුහුණ දෙනවාට වඩා ඔවුන් නියැලෙන සමහර පුරුදු හානිකර නැතැයි සිතීමෙන් මිනිස්සු තමන්වමද රවටාගනිති. දුම් පානය, මත්ද්‍රව්‍ය භාවිතය හෝ ලිංගික දුරාචාරය වැනි භයානක පුරුදු මින් සමහරකි.

ආගමික කටයුතු සම්බන්ධයෙන්ද සිදු කරන රැවටීම් එමටය. යේසුස්ගේ කාලයේදී ආගමික නායකයෝ ජනතාව රැවැට්ටූහ. මෙම රවටන්නන් ගැන යේසුස් පැවසුවේ මෙසේයි. “ඔව්හු මඟ පෙන්වන අන්ධයෝය. අන්ධයෙක් අන්ධයෙකුට මඟ පෙන්වමින් යතොත් දෙදෙනාම වළක වැටෙනවා ඇත.” (මතෙව් 15:14) තවද ආගමික කාරණා සම්බන්ධයෙන් මනුෂ්‍යයන් තමන්වම රවටාගනිති. මේ සම්බන්ධව හිතෝපදේශයේ 14:12 සඳහන් වන්නේ මෙසේයි. “මනුෂ්‍යයෙකුට හරිව පෙනෙන මාර්ගයක් ඇත. එහෙත් එහි කෙළවරෙහි මරණයේ මාර්ග තිබේ.”

යේසුස්ගේ කාලයේ මෙන්ම අදත් ආගමික කාරණාවලදී මනුෂ්‍යයන්ව රැවටීම පුදුමයට කාරණයක් නොවෙයි. පාවුල් සාතන් ගැන කිව්වේ “නොඇදහිලිකාර වූ ඔවුන් තුළ දෙවිගේ ස්වරූපය වූ ක්‍රිස්තුස්ගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබළෙන පිණිස, මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධ කළේය” කියායි.—2 කොරින්ති 4:4.

වංචාකාරයෙකු අප රැවටුවා නම් අපට අහිමි වන්නේ මුදල්. දේශපාලඥයෙකුගේ රැවටිලි බස්වලට අප රැවටුණා නම් අපට යම්තාක් දුරට නිදහස අහිමි විය හැකියි. නමුත් සාතන්ට රැවටී යේසුස් පිළිබඳ සත්‍යය ප්‍රතික්ෂේප කරනවා නම් අපට අහිමි වන්නේ සදාකාල ජීවනයයි! ඒ නිසා රැවටෙන්න එපා. අවිවාදයකින් තොරව පිළිගත හැකි වූ එකම සත්‍යය අඩංගු වන බයිබලය පිළිගැනීමට ඔබේ මනස හා හදවත විවෘත කරන්න. එසේ නොකළහොත් අපෙන් ගිලිහී යනු ඇත්තේ අපේ ජීවිතයේ ලැබිය හැකි විශාලතම දායාදයයි.—යොහන් 17:3.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න