ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w02 5/1 32 පි.
  • ඔබ වියදම ගණන් බලනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ වියදම ගණන් බලනවාද?
  • 2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w02 5/1 32 පි.

ඔබ වියදම ගණන් බලනවාද?

යේසුස් ක්‍රිස්තුස් තම ගෝලයන්ට සදා ජීවනයේ බලාපොරොත්තුව ඉදිරිපත් කළ නමුත් ක්‍රිස්තියානියෙකුව සිටීමේදී දරන්න වන වියදම, එනම් විඳීමට සිදු වන දේ ගැනද සිතා බලන්නැයි ඔවුන්ගෙන් බලවත් ලෙස ඉල්ලා සිටියේය. ඔහු එම කාරණය පැහැදිලි කළේ මෙසේ අසමිනි. “මක්නිසාද කොතක් ගොඩනඟන්ට කැමති වූ නුඹලාගෙන් යමෙක් ඒක නිම කරන්ට තමාට පුළුවන්දැයි පළමුකොට හිඳ වියදම ගණන් බලන්නේ නැද්ද?” (ලූක් 14:28) මෙහිදී යේසුස් වියදමෙන් අදහස් කළේ කුමක්ද?

සියලු ක්‍රිස්තියානීන්ට පීඩාවලට මුහුණ දෙන්න සිදු වන අතර සමහර පීඩා දරුණු ඒවාය. (ගීතාවලිය 34:19; මතෙව් 10:36) එබැවින්, විරුද්ධවාදිකම්වලට හෝ වෙනත් ගැටලුවලට මුහුණ දීමට සිදු වන විට අප පුදුම නොවීමට නම් මානසිකව හා ආත්මිකව සූදානම්ව සිටිය යුතුය. අද පවතින ක්‍රමයට දිය හැකි ඕනෑම දේකට වඩා වටිනා ත්‍යාගයක් වන පාපයෙන් සහ මරණයෙන් මිදීම ලැබෙන බව දැන සිටින අප ක්‍රිස්තුස්ගේ ගෝලයෙකුව සිටීමේදී මුහුණ දීමට සිදු වන අභියෝගයන් පිළිබඳව දැනටමත් ගණන් බැලීමක් කර තිබිය යුතුය. ඔව්, අප නොකඩවාම දෙවිට සේවය කරනවා නම් පැවතීමට දෙවි ඉඩ දී තිබෙන කිසිම දේකට, අඩුම තරමින් මරණයට පවා අපට සදහටම හානි කළ නොහැකිය.—2 කොරින්ති 4:16-18; පිලිප්පි 3:8.

අපේ ඇදහිල්ල එතරම් ශක්තිමත් කරගත හැක්කේ කෙසේද? අප හරි තීරණයක් ගන්නා, ක්‍රිස්තියානි ප්‍රතිපත්ති වෙනුවෙන් ස්ථිර පියවරක් ගන්නා හෝ දෙවිගේ කැමැත්තට එකඟ ක්‍රියාමාර්ගයක් ගන්නා සෑම අවස්ථාවකදීම අපේ ඇදහිල්ල තව තවත් ශක්තිමත් වේ. විශේෂයෙන්ම එය එසේ වන්නේ ඊට පටහැනිව ක්‍රියා කිරීමට අපට දැඩි පීඩනයක් එල්ල වූ විටයි. අපේ විශ්වාසවන්ත ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් වශයෙන් අප පෞද්ගලිකව යෙහෝවාගේ ආශීර්වාද අද්දකින විට අපේ ඇදහිල්ල තවදුරටත් ශක්තිමත් වී ගැඹුරු වේ. මේ අයුරින් අපි දෙවිට සේවය කිරීමේදී ‘වියදම ගණන් බැලූ’යේසුස්ගේ, සිය මුල් ගෝලයන්ගේ හා කලි යුගයන්හි විසූ පුරුෂයන් හා ස්ත්‍රීන්ගේ අඩි පාරේ යන්නෙමු.—මාර්ක් 1:16-20; හෙබ්‍රෙව් 11:4, 7, 17, 24, 25, 32-38.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න