ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w01 10/1 32 පි.
  • ඉඳි ගස හා බැඳි පාඩම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඉඳි ගස හා බැඳි පාඩම
  • 2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w01 10/1 32 පි.

ඉඳි ගස හා බැඳි පාඩම

එක් බයිබල් විශ්වකෝෂයක ඉඳි ගස විස්තර කර තිබෙන්නේ “අද්විතීය අලංකාරයෙන් යුත් ශෝභමාන දසුනක්” ලෙසිනි. බයිබල් කාලවල මෙන් අදත් තාල වර්ගයට අයත් ඉඳි ගස මිසරයේ නයිල් නිම්නය අලංකාරවත් කරයි. එපමණක්ද නොව නෙගෙබ් කාන්තාරය අවට ක්ෂේම භූමිවලදී වෙහෙස නිවාගන්න සෙවණද ලබා දෙයි.

වෙනත් තාල වර්ගයට අයත් ගස් මෙන් ඉඳි ගසද ඉද්දට ගැසුවා සේ අහස උසට වැඩේ. මෙයින් සමහර ගස් අඩි 100ක් පමණ උස වන අතර අවුරුදු 150ක් තරම් දීර්ඝ කාලයක් ඵල දරයි. ඉඳි ගස ඇසට රසඳුනක් වගේම ඵල දැරීම අතින්ද විශිෂ්ටය. සෑම වසරකම ඉඳි පොකුරු කිහිපයක් හටගනී. මේ හැම පොකුරකම ඉඳි ගෙඩි 100ක් පමණ තිබේ. එක් වාර්තාකරුවෙකු පැවසූ ආකාරයට “වියළි ඉඳි පමණක් ආහාරයට ගෙන ඇති කෙනෙකුට අලුත් ඉඳි ගෙඩියක ප්‍රණීතභාවය සිතාගන්නවත් බැරි තරම්ය.”

බයිබලය සමහරක් මනුෂ්‍යයන්ව ඉඳි ගසට ඉතා යෝග්‍ය ලෙස උපමා කර තිබේ. ඵල දරන ඉඳි ගසක් මෙන් දෙවි ඉදිරියේ ප්‍රසන්න අය වීමට නම් අප උසස් සදාචාර ප්‍රමිති රැකිය යුතුයි. එපමණක්ද නොව නොකඩවා යහපත් ක්‍රියාවලින් ඵල දැරීමද අවශ්‍යයි. (මතෙව් 7:17-20) සාලමොන්ගේ දේවමාළිගා ගොඩනැඟිල්ල සහ එසකියෙල් දර්ශනයෙන් දුටු දේවමාළිගාව අලංකාරවත් කිරීමට ඉඳි ගස් කැටයම් කර තිබුණේ මේ නිසා බව නොකිවමනාය. (1 රාජාවලිය 6:29, 32, 35; එසකියෙල් 40:14-16, 20, 22) දෙවි විසින් අපගේ නමස්කාරය පිළිගැනීමට නම් අප තුළත් ඉඳි ගස හා බැඳි ගති ලක්ෂණ තිබිය යුතුය. දේවවචනය පැහැදිලි කරන්නේ “ධර්මිෂ්ඨයා තාල වෘක්ෂය මෙන් සශ්‍රීක වන්නේය” කියායි.—ගීතාවලිය 92:12.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න