ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w01 10/1 19 පි.
  • ළං විය නොහැකි හදකට ළං වී

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ළං විය නොහැකි හදකට ළං වී
  • 2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ඔබව දැනුවත් කරන, පොලඹවන සහ ශක්තිමත් කරන මෙවලම්
    2000 අපගේ රාජ්‍ය සේවාව
  • ප්‍රගතිශීලී බයිබල් පාඩම් පැවැත්වීම 8වන කොටස:
    2005 අපගේ රාජ්‍ය සේවාව
  • සාක්ෂියක් දෙන වීඩියෝ පට සතු බලය
    2002 අපගේ රාජ්‍ය සේවාව
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ ශුභාරංචිය බෙදාහැරීමට සංවිධානය වී
    2011 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w01 10/1 19 පි.

රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව

ළං විය නොහැකි හදකට ළං වී

රාජ්‍යයේ ශුභාරංචිය සමඟින් සියලුම ජනයා වෙත ළඟාවීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් මහත් පරිශ්‍රමයක් දරනවා. ඔවුන්ට විශේෂ වෑයමක් දරන්න සිදු වී තිබෙන්නේ බොහෝවිට නිවෙස්වල නොමැති ජනයාට පණිවිඩය දීමටයි. (මාර්ක් 13:10) මේ සම්බන්ධයෙන් දකුණු අමෙරිකාවේ විශේෂ පුරෝගාමී සේවයේ නියුතු දේවසේවකයෙකු ලද අත්දැකීම පහත කියැවේ.

“දවසක් මට දැනගන්න ලැබුණා මගේ භාර්යාව සහ මම සේවය කරන ප්‍රදේශය බැහැදකින්න ආණ්ඩුකාරතුමා පැමිණෙන බව. මෙවැනි කෙනෙක්ව නිවසේදී හමුවීම දුෂ්කර නිසා මා ලිපියක් සමඟ දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?, මෑන් කයින්ඩ් සර්ච් ෆො ගෝඩ්, සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම ඇතුළු බයිබලය මත පදනම් පොත් කිහිපයක් ඔහුට ලැබෙන්න සැලැස්සුවා. මේ හැම පොතකම අරමුණද ලිපියේ සඳහන් කළා.

“මේ පොත් පත් සම්බන්ධව ඔහු දරන අදහස් දැනගැනීමට මා තුළ ආශාවක් ඇති වූ නිසා, ඔහුව මුණගැසෙන්න වේලාවක් ඉල්ලා සිටියා. සති කිහිපයකට පසු මට ඒ අවස්ථාව උදා වුණා. මා ඔහු මුණගැසීමට යන විට ජෙහෝවාස් විට්නසස්—දි ඕගනයිසේෂන් බිහයින්ඩ් ද නේම් නමැති වීඩියෝ පටයද රැගෙන ගියා. අපේ සාකච්ඡාවට පැය දෙකක් පමණ ගත වූ අතර ඔහු සමඟ වීඩියෝ පටය නැරඹීමටත් අවස්ථාව ලැබුණා. ‘ඔබ මේ ගැන හිතන්නේ මොකක්ද’ කියා මා ඇසූ ප්‍රශ්නයට ඔහු පෙරළා කිව්වේ ‘මේ වගේ සංවිධානයක් ලෝකයේ කොහේවත් නැහැ. මගේ රජයේ ව්‍යාපෘති කරගෙන යන්න ඔයගොල්ලන් වගේ සෙනඟක් ඉන්නවා නම් කොච්චර හොඳද!’ කියලයි. ඊට පස්සේ ඔහු මගෙන් ඇහුවා මම කවදාහරි සංවිධානයේ ලෝක මූලස්ථානය බලන්න ගිහින් තියෙනවද කියලා. මම වයස අවුරුදු 14 ඉඳලා බෘක්ලින් නියූ යෝර්ක්හි තිබෙන ලෝක මූලස්ථානය බලන්න යෑම ගැන සිහින මැව්වා. නමුත් මට එය තවම ඉෂ්ට කරගන්න බැරි වුණු බව මම ඔහුට කිව්වා. ඔහු මහත් ඕනෑකමින් මා දෙස බලා සිට කිව්වා ‘මං ආසයි ඔයාට ඒ සිහිනය සැබෑ කර දෙන්න’ කියලා. ඔහු අපිට අවශ්‍ය නීතික බලපත්‍ර ලබා දීමට සැලසුම් කළා පමණක් නොව තෑගි වශයෙන් ගුවන් ගමන් බලපත්‍ර දෙකක්ද ලබා දුන්නා!

“ආණ්ඩුකාරතුමා දැන් නොකඩවාම මුරටැඹ සහ පිබිදෙව්! කලාප ලබාගනිමින් සිටින අතර නුදුරු අනාගතයේදී ඔහු හා බයිබල් පාඩමක් කිරීමේ අපේක්ෂාවෙන් අපි සිටිනවා.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න