දිව්‍ය නාමය මධ්‍යම අප්‍රිකාවටත්
මධ්‍යම අප්‍රිකාවේ ජනයාගෙන් බහුතරයක් දෙවිව විශ්වාස කරනවා. මේ සියලුම දේවල නිර්මාතෘ, දෙවි බවට ඔවුන්ට කිසිම සැකයක් නැහැ. (එළිදරව් 4:11) ඒත්, වෙනත් බොහෝදෙනෙක් වගේ මොවුනුත් යෙහෝවා යන දිව්‍ය නාමය නොසලකා හැර තිබෙනවා.
ස්වාමීන්ගේ යාච්ඤාවේ “ඔබගේ නාමයට ගෞරව වේවා” කියා පැවසීමේදී ඉන් යොමු දක්වන්නේ දිව්‍ය නාමයටයි. (මතෙව් 6:9) මෙම යාච්ඤාව මධ්‍යම අප්‍රිකාවේ මෙන්ම වෙනත් රටවලත් භාවිතා කරනවා. නමුත් බොහෝ කාලයක් යන තුරුම දෙවිගේ නම දැනගෙන සිටියේ ටිකදෙනෙක් පමණයි. ඒත් කාලාන්තරයක් පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවන් කළ ජ්වලිත දේශනා සේවයේ ප්‍රතිඵලයක් හැටියට ජනයා තමන්ගේ ආකල්ප වෙනස් කරගෙන දිව්‍ය නාමය භාවිතා කිරීමට පටන්ගෙන තිබෙනවා. එමනිසා සූලු (ඌජාහෝවා), යොරූබා (ජෙහෝෆා), ක්සෝසා (ඌයෙහෝවා) සහ ස්වහීලී (යෙහෝවා) වැනි විවිධ අප්‍රිකානු භාෂාවලින් දිව්‍ය නාමය අද ප්‍රචලිත වී ඇති අතර බොහෝදෙනෙක් එය පිළිගන්නවා. කෙසේවෙතත්, මේ භාෂාවලින් පරිවර්තනය කර ඇති බයිබල්වල දිව්‍ය නාමය දක්නට ලැබෙන්නේ නැහැ.
සැන්ඩේ භාෂාවෙන් පරිවර්තනය කළ බයිබලයේ දිව්‍ය නාමය සඳහන් කර ඇති නිසා එය සුවිශේෂ පරිවර්තනයක් ලෙස සැලකිය හැකියි. මෙම භාෂාව මධ්‍යම අප්‍රිකානු ජනරජයේ, සූඩානයේ හා ප්රජාතන්ත්රවාදී කොංගෝ ජනරජයේ භාවිතා කෙරේ. ඒ රටවල මිනිස්සු ඔවුන්ගේ භාෂාවෙන් දෙවිගේ නාමය ලියන්නේ යෙකෝවා යනුවෙනි. තමන්ට ආවේණික වූ කුමන භාෂාවෙන් කියැවුණත් අවශ්‍ය වන්නේ දිව්‍ය නාමය පාවිච්චි කිරීමයි. එයට හේතුව නම් “යෙහෝවාගේ නාමයට යාච්ඤා කරන කවුරු නුමුත් ගළවනු [ලැබීමයි].”—රෝම 10.13, NW.
[32වන පිටුවේ සිතියම⁄පින්තූරය]
(මුද්‍රිත පිටපත බලන්න)
සූඩානය
මධ්‍යම අප්‍රිකානු ජනරජය
ප්රජාතන්ත්රවාදී කොංගෝ ජනරජය
[හිමිකම් විස්තර]
The Complete Encyclopedia of Illustration/J. G. Heck