ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w01 9/1 13 පි.
  • මෘගයන් මෙන් සිටි අප . . .

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මෘගයන් මෙන් සිටි අප . . .
  • 2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • “කිරි බොන දරුවන්ගේද මුඛයෙන්”
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w01 9/1 13 පි.

මෘගයන් මෙන් සිටි අප . . .

මාද සාකිනාද පුංචි සන්ධියේ ජීවත් වුණේ එකම ගම් පෙදෙසකය. සාකිනා උස මහත, ශක්තිමත් තැනැත්තියක් වූ අතර මම කුඩා සිරුරකින් හෙබි හීන්දෑරි කෙනෙකු වූයෙමි. අප දෙදෙනා නිතර සංඩු සරුවල්වල පැටලුණි. දිනක් අප දෙදෙනා අතර උණුසුම් ගැටුමක් ඇති විය. එදා පටන් අප දෙදෙනා එකිනෙකා සමඟ කතා කළේවත් සිනාසුණේවත් නැත. කෙසේ හෝ අප දෙදෙනාගේ පදිංචිය වෙනස් වූ අතර ඇය කොහේ ගියාද, කුමක් කරන්නේද කියා මට දැනගැනීමට නොහැකි විය.

මා යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීමට පටන්ගත්තේ 1994දීය. බයිබලය පාඩම් කිරීමත් සමඟම ටිකෙන් ටික මගේ පෞද්ගලිකත්වයද වෙනස් වීමට පටන්ගත්තාය. ඉන් වසර හතරකට පසුව බුරුන්ඩිහි බුජුම්බුරා නගරයේ පැවති විශේෂ එක්දින එක්රැස්වීමකට ගිය අවස්ථාවේදී සාකිනාත් එහි පැමිණ සිටීම මට අදහාගත නොහැකි විය. ඒ මොහොතේ ඇය පැමිණ සිටීම ගැන සතුටු වුණත් අප දෙදෙනා එකිනෙකාව පිළිගත් ආකාරයෙහි කිසිම උණුසුම්බවක් නොතිබුණි. එම දිනයේ දහවල් භාගයේදී බව්තීස්ම අපේක්ෂකයින් අතර ඇය සිටි විට මම පුදුමයෙන් පුදුමයට පත් වුණෙමි. ඇයත් ඇගේ ජීවිතයෙහි වෙනස් කළ යුතු යම් දේවල් වෙනස් කරගෙන තිබුණාය. පොඩ්ඩ එහා මෙහා වෙද්දි රණ්ඩුවට පැටලැවීමේ පුරුද්ද ඇගෙන් පහව ගොසින්ය. ඇය දෙවිට කළ කැපවීම සංකේත කරමින් බව්තීස්ම වෙද්දි මට දැනුණ සතුටට නිම් හිම් නැති විය!

ඇය දියෙන් ගොඩ එන විට ඇයව සිප වැලඳගෙන, “ඔයාට මතකද ඉස්සර අපි රණ්ඩු කරපු හැටි” කියා මම ඇගේ කනට කොඳුලා ඇසුවෙමි. එවිට ඇය, “ඇයි නැත්තේ, ඒත් මම ඉස්සර හිටපු කෙනා නෙමෙයි. මම දැන් අලුත් කෙනෙක්” කියා පැවසුවාය.

අපගේ මෘග ගති වෙනුවට උතුම් එඬේරා වන යෙහෝවා දෙවිට අයිති බැටළුවන්ගේ ගතිගුණ ඇති කරගැනීමටත්, අපව එක්සත් කිරීමටත් හැකි බයිබල් සත්‍යය දැනගන්න ලැබීම ගැන අපි දෙදෙනාම ප්‍රීති වන්නෙමු. බයිබල් සත්‍යය ජීවිත වෙනස් කරන බව නිසැකය.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න