ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w01 3/1 3-4 පි.
  • ඔබට සතුටෙන් සිටිය හැකිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට සතුටෙන් සිටිය හැකිද?
  • 2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • හොයාගන්නේ කොහොමද?
    2018 පිබිදෙව්!
  • ‘ප්‍රීතිමත් දෙවිට’ නමස්කාර කරන සෙනඟ සන්තෝෂවත්
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවඃ වහන්සේට සේවය කිරීමේ දී ලැබෙන සැබෑ සන්තෝෂය
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සන්තෝෂය අත් කරගත හැකි අයුරු
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w01 3/1 3-4 පි.

ඔබට සතුටෙන් සිටිය හැකිද?

ජෝර්ජ් සෑමදෙනෙකුටම ආචාර කළේ මදහසක් පාමිනි. ඔහු ජීවිතය සැලකුවේ ප්‍රීතියෙන් භුක්ති විඳිය හැකි අගනා ත්‍යාගයක් ලෙසය. මහලු වියේ දුෂ්කරතා අද්දැකීමට පටන්ගෙන සිටි නමුත් ඔහු තුළ ප්‍රීතිමත් ස්වභාවයක් හා ශුභවාදී හැඟීම් නිතර දක්නට තිබිණ. මියයන මොහොත වන තෙක්ම ජෝර්ජ්ව කවුරුත් දැනගෙන සිටියේ නිතර සතුටෙන් සිටි කෙනෙකු වශයෙනි. ඔබත් ජෝර්ජ් මෙන් සතුටෙන්ද සිටින්නේ? උදා වන සෑම දිනක්ම සතුටෙන් සිටීමට ලැබෙන ත්‍යාගයක් ලෙසද ඔබ සලකන්නේ? එසේ නැතහොත් අලුත් දවසක උදාව ගැන සිතන විට ඔබට ඇති වන්නේ උදාසීනබවක්ද? එසේ නැත්නම් ඇති වන්නේ භියක්ද? යම් හේතුවක් නිසා ඔබේ සතුට පහ වෙමින් තිබේද?

සතුට යන වචනය නිර්වචනය කර තිබෙන්නේ යම් කාලයක් පුරා පවතින යහපත් තත්වයක් වශයෙනි. එය තෘප්තිමත්භාවයේ සිට ඇතුළාන්තයෙන් ඇති වන අධික ප්‍රීතියේ හැඟීම් දක්වා වෙනස් වන, එමෙන්ම යහපත් දිවි පෙවෙතක් සඳහා ඇති ආශාව දක්වා වෙනස් වන ගති ලක්ෂණයකි. එවැනි සතුටක් ඇත්තෙන්ම අදදින දක්නට තිබේද?

අදදින සමාජයේ වැජඹෙන මතය වී තිබෙන්නේ, සතුටෙන් සිටීමට නම් යම් දුරකටවත් ධනවත් වෙන්න ඕන යන්නයි. මිලියන සංඛ්‍යාත ජනකායක් වෑයම් දරමින් සිටින්නේ විගස ධනවත් වීමටය. මේ නිසා බොහෝදෙනෙක් පෞද්ගලික සබඳතා මෙන්ම ජීවිතයේ වෙනත් වැදගත් දේවල් ඒ වෙනුවෙන් පූජා කරති. මොවුන් කඩියන් මෙන් නිතරම සිටින්නේ ගමනෙමයි. එමෙන්ම ඔවුන් කරන්නේ මොනවද කියා සිතා බැලීමටවත්, අනිත් අය සමඟ ඇසුරු කිරීමටවත් ඔවුන්ට වේලාවක් නැත. ප්‍රතිඵලයක් වශයෙන්, “මානසික අවපීඩනයෙන් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව වැඩි වන අතර අඩු වයසේදීම මානසික අවපීඩනය අද්දැකීමටද පටන්ගෙන තිබේ. . . . දැන් වැඩිම ඉල්ලුමක් පවතින ඖෂධ අතරට අවපීඩනය නසන ඖෂධද එක් වී තිබේ” යයි ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පතේ වාර්තාවක් පවසයි. මිලියන සංඛ්‍යාතදෙනෙක් තමන්ගේ ප්‍රශ්න යටපත් කර දැමීමට මත්ද්‍රව්‍ය හෝ මත්පැන්වල පිහිට පතති. තවත් සමහරෙක් මානසික අවපීඩනයක් ඇති වූ විට ඉවක් බවක් නැතුව වියදම් කරති. “මානසික අවපීඩනය අද්දකින විට ඊට පිළියමක් වශයෙන් කාන්තාවන් සාප්පු යෑමට වැඩි නැඹුරුවාවක් දක්වන අතර එම නැඹුරුවාව පිරිමින්ට වඩා තුන්ගුණයකින් වැඩි” බව සමීක්ෂණයකින් හෙළි වූවායයි ද ගාඩියන් නමැති පුවත්පත පවසයි.

කෙසේවෙතත්, සැබෑ සතුට සාප්පුවකින්, බෝතලයකින්, බෙහෙත් පෙත්තකින්, සිරින්ජයකින් හෝ බැංකු ගිණුමකින් ලබාගත නොහැක. සතුට මුදලට ගත හැකි දෙයක් නොවේ. එය නොමිලේ ලබාගත හැකි දෙයකි. එවැනි අගනා ත්‍යාගයක් අපට ලබාගත හැකි වන්නේ කොතැනින්ද? මීළඟ ලිපියේදී අපි ඒ ගැන සාකච්ඡා කරන්නෙමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න