ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w00 10/15 32 පි.
  • “එකමුතුකමේ කදිම ආදර්ශයක්”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “එකමුතුකමේ කදිම ආදර්ශයක්”
  • 2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w00 10/15 32 පි.

“එකමුතුකමේ කදිම ආදර්ශයක්”

බ්‍රසීලයේ සැවෝ පවුලෝහි එන්ඩියාටුබා නගරයේ එක් පුවත්පත් කතුවැකියක මාතෘකාව වූයේ එයයි. මෙම ආදර්ශය තබන ලද්දේ “යෙහෝවාගේ සාක්ෂිකාරයන්ය. ‘රාජ්‍ය ශාලාව’ ලෙස හඳුන්වන ඔවුන්ගේ පූජස්ථාන නැතහොත් ශ්‍රවණාගාර අලුතින් ගොඩනඟන ලද අවස්ථාවේදී ඔවුහු ආදර්ශවත්ව හැසුරුණෝය. ගොඩනැඟීමේ කටයුතු සිදු කරන අවස්ථාවේදී ඔවුන් පෙන්වූ කදිම ආදර්ශය ගැන යමක් නොපවසා සිටිය නොහැකියි” කියා වාර්තාකරු තවදුරටත් පවසයි.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර ඇති එකමුතුකම එවන් අවස්ථාවලදී හොඳින් කැපීපෙනෙයි. තවදුරටත් එම ලිපියෙහි මෙසේ සඳහන් විය. “එකට එක්රැස් වී දෙවිට නමස්කාර කිරීමට ස්ථානයක් ගොඩනැඟීම සඳහා පුරුෂයන්, ස්ත්‍රීන් හා යෞවනයන් ස්වේච්ඡාවෙන් වෙහෙස මහන්සිය නොබලා උරෙන් උර ගැටී වැඩ කරනවා දැකීම සිත්ගන්නාසුලුයි.”

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ වෙනත් ආකාරවලින්ද ආදර්ශවත් ලෙස හැසිරෙති. “අධ්‍යයනය කිරීම සහ යාච්ඤා කිරීමට අමතරව ඔවුන්ගේ ඉලක්කය වන්නේ, මත්පැන්වලට සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයව පුනරුත්ථාපනය කිරීමත් එකමුතුකම සහ ප්‍රේමය විදහාපෙන්වන්නේ කෙලෙසද කියා මනුෂ්‍යයන්ට කියා දීමත්ය” කියා එම කතුවැකියෙහි තවදුරටත් සඳහන් විය. ඔවුන් මෙම ඉලක්කයන් සාක්ෂාත් කරගන්නේ කෙසේද? කෙනෙකු ඇබ්බැහි වී සිටින අවකල් ක්‍රියාවලින් ගොඩ ඒම සඳහා බයිබල් ප්‍රතිපත්ති ඉගෙනගැනීම සහ එම උපදෙස් ක්‍රියාවේ යෙදවීම අවශ්‍ය බව තේරුම්ගැනීමට අන්‍යයන්ට උපකාර කිරීම තුළිනි. එමනිසා, ඔවුහු බයිබලයෙන් උගත් දේ අන් අයට ඉගැන්වීමට මහත් වෑයමක් දරති. “ඔවුන්ගේ මෙම ආදර්ශය යුහුසුලුව අනුගමනය කිරීම වටින” බව එම කතුවැකිය අවසානයේ සඳහන් විය.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් පවත්වන රැස්වීම්වලට ඕනෑම කෙනෙකුට සහභාගි විය හැකි අතර එහිදී ඔවුන් සම්මාදම් එකතු නොකරයි. ඔබට කිට්ටුවෙන් පිහිටා ඇති රාජ්‍ය ශාලාවකට පැමිණෙන මෙන් අපි ඔබට උණුසුම් ලෙස ඇරයුම් කරන්නෙමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න