ක්‍රිස්තියානි ප්‍රේමය වචනවලට සීමා කළ හැකිද?
ට්‍රිනිඩෑඩ් දූපතෙහි පිහිටි බාර්තොලම්යූ පවුලට අයත් නිවස දැවී යද්දී පැතිර ගිය ගිනිදළු අතරින් ගැළවුණේ ඔවුන්ගේ ජීවිත පමණි. උන් හිටි තැන් අහිමි වී ගිය ඔවුන්ට යාබද නිවසේ පදිංචිව සිටි ඥාති ස්ත්‍රියක් ඇගේ නිවස විවෘත කළාය. නමුත් මෙම කතාව මෙතැනින් නිම නොවීය.
ඔලිව් බාර්තොලම්යූ යෙහෝවාගේ සාක්ෂිකාරියකි. ඇය සේවය කළ සභාවේ සෙසු සාමාජිකයෝ සියලුදෙනාම එකතුව ඇයට හා ඇගේ පවුලේ අයට අහිමි වූ නිවස නැවත තනා දීම සඳහා සම්මාදම් එකතු කිරීමට පටන්ගත් අතර අවට සභාවල සිටි අය පවා එයට දායක වූහ. ඉන්පසුව නිවස ගොඩනැඟීමේ කටයුතු භාරව වැඩ කිරීමට කමිටුවක් පත් කෙරුණු අතර, ගොඩනැඟීමේ කටයුතු ආරම්භ කරන ලදි. මෙම වැඩ කටයුතු සඳහා සාක්ෂිකරුවන් විසිදෙනෙකු හා අසල්වාසීන් කීපදෙනෙකු සහභාගි විය. ඊට අමතරව යෞවන අයද සහභාගි වූ අතර තවත් සමහරදෙනෙක් ආහාර පාන සැපයීමෙන්ද උදව් කළහ.
“මගේ පවුලේ අය ප්‍රීතියෙන් ඉපිල ගියායයි” ඔලිව් පැවසූ බවට ට්‍රිනිඩෑඩ්හි සන්ඩේ ගාඩියන් පුවත්පතේ වාර්තා කර තිබිණ. ඇය තවදුරටත් මෙසේ පැවසුවාය. “මගේ පවුලේ අනෙක් අය සාක්ෂිකරුවන් නෙවෙයි. මේ දකින දේවල් මගේ මහත්තයාට තවමත් අදහාගන්න බැරි තරම්.”
ඔවුන්ගේ නිවස ගොඩනැඟීම සඳහා දැරූ වෙහෙසද ඇතුළුව එවැනි ක්‍රියාවන් සංක්ෂිප්ත කොට හුවා දැක්වුවහොත් එය අව්‍යාජ ක්‍රිස්තියානීන් හඳුනාගැනීමේ ලකුණක් ලෙස අපට සැලකිය හැකියයි එම වැඩ කටයුතු සංවිධානය කළ සහෝදරයෙක් පැවසුවේය. “අපි ගෙයින් ගෙට ගොස් ප්‍රේමය ගැන කතා කරනවා විතරක් නෙවෙයි. අපි පවසන දේ ක්‍රියාවට නංවන්නත් උත්සාහ දරනවා” කියා ඔහු තවදුරටත් පැවසුවේය.—යොහන් 13:34, 35.
[32වන පිටුවේ පින්තූරය]
ඔලිව් බාර්තොලම්යූ සහ ඇගේ ස්වාමිපුරුෂයා