නැවියෙකුට අවධානය යොමු කරන්න
ඈත දියඹ පීරා යන පුංචි බෝට්ටුව ඔබේ නෙතට සොඳුරු දසුනකි. නමුත් නැවියාට නම් එය ඉතා වෙහෙසකාරි අද්දැකීමක්ය. සමහර අවස්ථාවලදී එය ඔහුට ශාරීරිකව හා මානසිකව කොතරම් බලපානවාද කියා කියනවා නම්, ඔහු වැරදි තීරණ ගැනීමට පවා පෙලඹිය හැක. මෙම තත්වයන් යටතේදී ඔහු කරන බුද්ධිමත්ම ක්‍රියාව වන්නේ මුහුද තුළට නැංගුරම හෙළන එකයි. මෙය නැවියෙකුට නිරතුරුවම විවේකය හා නැවුම්බව ලබා දෙන අතර මුහුදේදී ඇති වන චණ්ඩ මාරුතවලින් ගසාගෙන යෑමද වළක්වයි. සුළං හැමීමේදී හා රැල්ල ගැසීමේදී බෝට්ටුව ගසාගෙන නොයන සේ තබාගැනීමට නැංගුරම නොසැලෙන බල හමුදාවක් ලෙසද ක්‍රියා කරයි.
නැවියෙකුට මහ මුහුදේදී මුහුණපාන්න සිදු වන විවිධ දුෂ්කරතා හරියට ක්‍රිස්තියානියෙකුට ලෝකයෙන් එන පීඩා හා සමානයි. එම පීඩාවලින් විවේකයක් අවශ්‍ය බව ඔවුන්ට දැනෙයි. එක් අවස්ථාවකදී, “නුඹලා පමණක් වනාන්තර ස්ථානයකට ඇවිත් ටිකක් පහසු ගන්නැයි” කියමින් යේසුස් තම ගෝලයන්ට අවවාද කළේය. (මාර්ක් 6:31) අදදිනත් සමහර පවුල් සති කීපයකට හෝ සති අන්තවල විවේකය සඳහා විවිධ ස්ථානවලට යති. මෙවැනි අවස්ථා ඔවුන්ට නැවුම් හා විවේක සුවයක් ලබා දෙනු ඇත. නමුත් එම අවස්ථාවලදී ඔබ ආත්මික වශයෙන් සුරක්ෂිතව සිටිනවා කියා සහතික වන්නේ කෙසේද? ආත්මිකව ගසාගෙන යෑමට විරුද්ධව ක්‍රියා කරමින් අපේ ස්ථාවරය දිගටම පවත්වාගැනීම සඳහා ආත්මික නැංගුරුමක් සේ ක්‍රියා කරන්නේ කුමක්ද?
දෙවිගේ වචනය වන බයිබලය යෙහෝවා අපට නොමසුරුව සපයා ඇති දායාදයකි. එය දිනපතා කියවීම තුළින් අපි යෙහෝවාට වඩාත් කිට්ටු වන අතර ඔහුගෙන් කිසිදා ඈත්වීමට යන්නේද නැත. එහි අඩංගු උපදේශයන් අපි සිතට ගන්නවා නම් සාතන්ගේ ලෝකයෙන් එන සියලුම පීඩා හා පරීක්ෂා හමුවේ අපට ස්ථාවරව, නොසැලී සිටිය හැක. දැඩි අධිෂ්ඨානයකින් යුතුව දිනපතා බයිබලය කියවීම සඳහා සැලැස්මක් සකස් කර එය අපේ දිනචර්යාව කරගත යුතුය. අප විවේකය ගන්නා විට අපේ දිනචර්යාවේ යම් වෙනසක් සිදු විය හැකි වුණත් දිනපතා බයිබලය කියවීමේ පුරුද්ද නම් අප අත්නෑරිය යුතුයි. මන්ද මෙය අපට ආත්මික නැංගුරමක් ලෙස ක්‍රියා කිරීමට යන බැවිනි.—යෝෂුවා 1:7, 8; කොලොස්සි 2:6, 7.
ගීතිකාකරු අපට මෙසේ මතක් කර දෙයි. “ස්වාමීන්ගේ ව්‍යස්ථාවෙහි ප්‍රීතිවන්නාවූ [එය] . . . රෑ දාවල් මෙනෙහිකරන්නාවූ, මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය.” (ගීතාවලිය 1:1, 2) දිනපතා බයිබලය කියවීම අපට ආත්මික නැවුම්බවක් මෙන්ම ‘ප්‍රීතියද’ ගෙන දෙයි. එලෙසම එය අපේ ආත්මික ගමනේ දිගටම නිරත වීමට අපට අවශ්‍ය ශක්තිය ලබා දෙයි.