සමාව දීමට කැමති විය යුත්තේ මන්ද?
“විද්‍යාඥයන් පර්යේෂණයක් දියත් කර ඇති අතර එහි ප්‍රතිඵලවලින් පෙනී යන්නේ, සමාව දීමෙන් චිත්තවේගීයව මෙන්ම සෑහෙන දුරකට ශාරීරිකවද සුවයක් ලැබිය හැකි බවයි” කියා කැනඩාවේ ද ටොරොන්ටො ස්ටාර් වාර්තා කරයි. නමුත්, ස්ටෑන්ඩ්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ස්ටෑන්ඩ්ෆර්ඩ් නමැති සමාව දීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රධාන පර්යේෂකයෙකු වූ මහාචාර්ය කාල් තෝරසන් පවසා සිටින්නේ, “සමාව දීම යනු කුමක්ද කියාත්, එය ක්‍රියාත්මක වන්නේ කෙසේද කියාත් තේරුම්ගන්නේ ඉතා ස්වල්පදෙනෙකු” බවය.
අව්‍යාජ ලෙස සමාව දීම ක්‍රිස්තියානි ධර්මයේ අතිවැදගත් අංගයක් ලෙස සැලකේ. ද ටොරොන්ටො ස්ටාර් වාර්තාව එය නිර්වචනය කරන්නේ, “ඔබට වරදක් කර ඇති බව තේරුම්ගැනීම හා එම වරද හේතුවෙන් ඇති වී තිබෙන අමනාපය ඉවත් කරගෙන, වරද කළ තැනැත්තාට දයානුකම්පාව මෙන්ම ඇල්මක් දැක්වීම” වශයෙනි. එය, වරදක් වැසීම, නිදහසට කරුණු දීම, අමතක කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීමට වඩා වෙනස් විය යුතුය. එමෙන්ම අපෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට ඉඩ දීමද එයින් අදහස් නොවේ. සැබෑ සමාව දීමට ඇතුළත් වන ප්‍රධාන දෙය වන්නේ “කෝපය සහ වැරදි හැඟීම් පහ වෙන්න ඉඩහැරීමය” කියා වාර්තාවේ පැවසේ.
පර්යේෂකයන් කියා සිටින්නේ, සමාව දීමෙන් ඇති වන ශාරීරික ප්‍රයෝජන සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනයක් කිරීම අවශ්‍ය බවය. කෙසේවුවත්, ඔවුහු “විඩාව, කාන්සාව හා විෂාදය අඩුවෙන් අද්දැකීම” ඇතුළු මනෝවිද්‍යාත්මක ප්‍රයෝජන වාර්තා කරති.
සමාව දීම සඳහා විශිෂ්ට හේතුවක් එපීස 4:32හි සඳහන් වේ. එහි මෙසේ පැවසේ: “නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, [ක්‍රිස්තුස්] තුළ [දෙවි] නුඹලාට කමාවුණ ලෙසම නුඹලාත් එකිනෙකාට [නොමසුරුව, NW] කමාවෙන්න.” (ඇල අකුරු අපගේය) වෙනත් අවස්ථාවලදී මෙන්ම, සමාව දීමේදීත් දෙවිව අනුකරණය කරන්නන් වන්න කියා අපෙන් ඉල්ලා ඇත.—එපීස 5:1.
දයාව දැක්වීමට පදනමක් තිබියදීත් අන් අයට සමාව නොදීම, දෙවි හා අප අතර තිබෙන සබඳතාව කැඩී යෑමට හේතුවක් විය හැක. එකිනෙකාට සමාව දීම යෙහෝවා අපෙන් අපේක්ෂා කරන්නේය. එසේ කරන විට, අපට ඔහු සමාව දේවි යන විශ්වාසයෙන් යුතුව යාච්ඤා කළ හැක.—මතෙව් 6:14; මාර්ක් 11:25; 1 යොහන් 4:11.