ප්රචණ්ඩත්වය නැති කරන්න පුළුවන් කාටද?
වර්ෂ 1999 සැප්තැම්බර් මාසයේදී එජා සංවිධානයේ මහ ලේකම් කෝෆි අන්නන්, එහි මහා සභා රැස්වීමේ 54වන සැසිවාරයට පැමිණි නියෝජිතයන්ව සාදරයෙන් පිළිගත්තා. ද ටොරොන්ටෝ ස්ටාර්හි වාර්තා වූ පරිදි ඔහු ලෝක නායකයන්ට අභියෝගයක් ඉදිරිපත් කරමින් මෙසේ පැවසුවා: “ලෝකයේ ජීවත් වෙන බහුතරයකට අවශ්‍ය වන්නේ හුදෙක් ජාත්‍යන්තර ප්‍රජාවේ සානුකම්පිත වදන්වලට වඩා වැඩි යමක්. ඔවුන්ට අවශ්‍ය කරන්නේ ඔවුන් මුහුණපාන ප්රචණ්ඩත්වය තුරන් කර, සමෘද්ධිය උදා කරන බවට සැබෑ මෙන්ම නොවරදිනසුලු පොරොන්දුවක්.”
ප්රචණ්ඩත්වය තුරන් කිරීම සම්බන්ධයෙන් “සැබෑ මෙන්ම නොවරදින පොරොන්දුවක්” දීමට එජාට හා එහි සාමාජික රටවලට හැකිද? ස්ටාර් සඟරාවේම පළ වූ ලිපියක එක්සත් ජනපදයේ ජනාධිපති බිල් ක්ලින්ටන් පැවසූ වදන් මෙසේ උපුටා දක්වා තිබුණා: “මේ සියවසේ විශාල ලේ වැගිරවීම් සිදු වී තිබෙනවා. ‘නැවත කවදාවත් එවැනි දෙයක් සිදු වන්නේ නැහැ’ කියා පැවසීම ලෙහෙසි වූවත්, එසේ නොවීමට වගබලා ගැනීම ඉතාමත් අසීරුයි.” ඔහු තවදුරටත් මෙසේද පැවසුවා: “ඉටු කළ නොහැකි බොහෝ පොරොන්දු දී ඒවා වචනවලට පමණක් සීමා කිරීම ඇත්තෙන්ම කෲර ක්‍රියාවක්.”
මිනිසා දරන වෑයම් ගැන මීට අවුරුදු 2,500කට වඩා ඉහතදී අනාගතවක්තෘ යෙරෙමියා මෙසේ පැවසුවා: “[යෙහෝවා] මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැති බව දනිමි. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත.” (යෙරෙමියා 10:23) තත්වය මෙය නම්, ප්රචණ්ඩත්වය නැති කර දැමීම ගැන බලාපොරොත්තු තබාගැනීම නිෂ්ඵලද?
දෙවි දුන් සහතිකය යෙසායා 60:18හි අපිට මෙසේ කියවීමට තිබෙනවා: “නුඹේ දේශයෙහි බලාත්කාරයද නුඹේ සීමා ඇතුළේ නාස්තිය හා විනාශයද ගැන තවත් අසන්ට නොලැබෙන්නේය.” එම අනාවැකිය මුලින්ම ඉටු වූයේ පිටුවහල් කර සිටි සිය සෙනඟව දෙවි ආපසු ඔවුන්ගේ මව් බිමෙහි පදිංචි කෙරෙවූ කාලයේදීය. අපිට මහත් ප්‍රීතියක් භුක්ති විඳිය හැකි විශාල ඉටුවීමක් එම අනාවැකියෙහි ඇතුළත් වෙනවා. යෙහෝවා දෙවි ‘ඉටු කළ නොහැකි පොරොන්දු’ කිසිදාක නොදෙයි. “ප්රචණ්ඩත්වය” නැති කළ හැක්කේ මනුෂ්‍යවර්ගයාගේ මැවුම්කරුද අතිඋත්තම තැනැත්තාද වන යෙහෝවා දෙවිට පමණයි. දෙවිගේ රාජ්‍ය පාලනය කරන කාලයේදී සාමය පවතින්න යනවා. ප්රචණ්ඩත්වය සදහටම නැති වෙන්න යනවා!—දානියෙල් 2:44, 45ආ.