යෙහෝවාට පක්ෂපාතව සිටීම
අදදින පක්ෂපාතකම නමැති ගුණාංගය සීමා වී ඇත්තේ වචනයට පමණයි. නමුත් එය සැබෑ දෙවි වන යෙහෝවාගේ සේවකයන් තුළ කැපීපෙනෙන ලක්ෂණයක් වී තිබෙනවා. පක්ෂපාත පුද්ගලයෙක් කලින් කලට ඇති වන පරීක්ෂා සහ කම්කටොලු මධ්‍යයේ ස්ථිරව සිටින්න යනවා. යහපත් රජ කෙනෙක් වූ හෙසකියා ගැන සලකා බලන්න. “ඔහුට සමාන කිසිවෙක් ඔහුට පසුවවත් ඔහුට ප්‍රථමවත් යූදාහි සියලු රජුන් අතරේ නොසිටියේය” කියා බයිබලයේ පවසනවා. ඇත්තටම හෙසකියාව සුවිශේෂී පුද්ගලයෙක් වීමට සැලැස්වූයේ මොකක්ද? බොරු දෙවියෙක් වූ මොලෙක්ගේ නමස්කාරකයන්ගෙන් වටව සිටියත් ‘ඔහු යෙහෝවාට ඇලුම්ව සිටියා.’ හෙසකියා ‘යෙහෝවා අනුව යෑම අත් නොහැර, යෙහෝවාගේ ආඥා පැවැත්වුවා.’—2 රාජාවලිය 18:1-6.
යෙහෝවාට පක්ෂපාතව සිටි තවත් පුද්ගලයෙකි පාවුල්. ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවල සඳහන් ඔහුගේ සේවාව සම්බන්ධ වාර්තාව, දෙවිට මුළු ආත්මයෙන්ම ඔහු පිරිනැමූ නොසැලෙන සේවය පිළිබඳ කදිම සාක්ෂියකි. භූමික ජීවිතයේ අවසාන කාලය වන විට, පාවුල්ට තමා ගැනම මෙසේ පැවසීමට හැකි වුණා: “මම යහපත් යුද්ධයෙහි යුද්ධකළෙමි, මම දිවීම කෙළවරකළෙමි, මම ඇදහිල්ල රක්ෂා කළෙමි.”—2 තිමෝති 4:7.
පක්ෂපාතකම සම්බන්ධයෙන් හෙසකියා සහ පාවුල් අපට මොනතරම් වටිනා ආදර්ශයක්ද! අපත් උතුම් දෙවි වන යෙහෝවාට පක්ෂපාතව සිටීමෙන් ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කරමු.—හෙබ්‍රෙව් 13:7.