දිය හැකි දේ කුඩා වුණත් එය යෙහෝවාගේ ඇස් ඉදිරියේ අනර්ඝයි
පහත දැක්වෙන්නේ මොසැම්බික් රටෙහි යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගේ ශාඛා කාර්යාලයට ලැබුණ ලිපියකි:
“මම ප්‍රාථමික පාසලට යන අවුරුදු හතක පිරිමි ළමයෙක්. මම කුකුල් පැටියෙක් ඇති කරලා ඌව මිටිකස් 12,000කට (රුපියල් 70.00) වික්කා. ඒ ලැබුණ සල්ලි ටික මම මේ ලියුම සමඟ එවනවා. මම යෙහෝවාට ස්තුති කරනවා මම ඇති කරපු පළවෙනි කුකුල් පැටියාව ලොකු කළාට. මගේ තෑග්ග යෙහෝවාගේ රාජ්‍ය වැඩවලට යොදවනවාට මම කැමතියි.
“ප.ලි. මේ ලියුම ලියන්න මගේ තාත්තා මට උදව් කළා.”
සමහර මනුෂ්‍යයෝ ත්‍යාගශීලීකම අදාළ කරන්නේ ද්‍රව්‍යමය දේපළ වැඩියෙන් ඇති අයට පමණයි. කෙසේ නමුත්, “සුළු වටිනාකමක් ඇති කුඩා කාසි දෙකක්” ගබඩා පෙට්ටියට දැමූ වැන්දඹු ස්ත්‍රිය ගැන බයිබල් වාර්තාව කියවන විට අපට එක් දෙයක් අගය කරන්න පුළුවන්. එනම්, ත්‍යාගශීලීකම මනිනු ලබන්නේ දෙන ප්‍රමාණයෙන් නොව සිතේ ඇති කැමැත්ත මතයි.—ලූක් 21:1-4, NW.
අප දෙන ත්‍යාගය කොතරම් කුඩා වුණත්, එය දෙනු ලබන්නේ ප්‍රේමයෙන් පෙලඹුණු සම්පූර්ණ සිතකින් නම් යෙහෝවා ඒ සෑම ත්‍යාගයක්ම බොහෝ සෙයින් අගය කරනවා. ඒවගේම ඔහුගේ උතුම් ත්‍යාගශීලීකම අනුකරණය කරමින් ඔහුගේ රාජ්‍යය වෙනුවෙන් තම කාලය, ශක්තිය හෝ ද්‍රව්‍යමය සම්පත් වැය කරන අයට ඔහු බොහෝ ආශීර්වාද ලබා දෙනවා.—මතෙව් 6:33; හෙබ්‍රෙව් 6: 10.