නියූ යෝක් නගරය අත්හැර යෑමෙන් ඇයට සිදු වූ පාඩුව
මෙහි සඳහන් ප්‍රකාශය නියූ යෝක් නගරයේ බෘක්ලින්හි වොච්ටවර් සමිතියේ කර්මාන්ත ශාලා ගොඩනැඟිල්ලක 1950 ගණන්වල සිට හොඳින් පෙනෙන සේ ලියා ඇත. එම ගොඩනැඟිල්ල පසු කර යන මඟීන්, සංචාරකයන් සහ වෙනත් අයට බයිබලය දිනපතා කියවීමට එම ප්‍රකාශය සිහිගැන්වීමක්. එක් තරුණ සාක්ෂිකාරියකගෙන් ලැබුණ ලිපියක් මෙය කොතරම් ප්‍රබල සිහිගැන්වීමක්ද කියා පෙන්නුම් කරනවා.
“මම පාසලින් අස් වුණාට පස්සේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය වන බෙතෙල් නිවසේ සේවය කරන්න ආසයි කියලා මගේ පංතියේ මිතුරියකට කිව්වා. එවිට ඇය පුදුම වුණා. ඇගේ පවුලේ අය ආගමට එතරම් ලැදියාවක් දැක්වූයේ නැහැ. ඒ වුණත්, ඇය හැමදාම පාසැලට යන්න කලින් බයිබලය කියවා තිබෙනවා. එයට හේතුව වුණේ, ඇය නියූ යෝක් නගරයේ ජීවත් වන කාලයේදී ඇය උදේට ජනේලය ඇරිය විට දකින ප්‍රකාශය, එනම් ‘දෙවිගේ වචනය වන ශුද්ධ බයිබලය දිනපතා කියවන්න’ යන සිහිගැන්වීමයි.
“ඇය නියූ යෝක් නගරය අත්හැර ගියාට පසු ඇයට වුණ පාඩුව තමයි බයිබලය කියවන්න යන සිහිගැන්වීම දකින්න නොලැබීම. නමුත් වොච්ටවර් ගොඩනැඟිල්ලේ තිබූ ප්‍රකාශය නිසා බයිබලය කියවීම ඇගේ ජීවිතයේ පුරුද්දක් බවට පත් වෙලා. ඇය දැන් දිනපතාම බයිබලය කියවනවා!”
දෙවිගේ වචනයේ කොටසක් කියවීමෙන් දවස ආරම්භ කරනවාට වඩා හොඳ දෙයක් තියෙනවාද? එසේ කිරීමෙන් ඔබත් ප්‍රේරිත පාවුල්ගේ මෙම වචනවල සත්‍යතාව අද්දකින බව නිසැකයි. ‘ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ගැළවීම පිණිස නුඹ නැණවත් කරන්නේ ශුද්ධ ලියවිලිය.’—2 තිමෝති 3:15,16.