ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w00 2/1 32 පි.
  • යෙහෝවා ඔබව සිහි කළ විට . . .

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා ඔබව සිහි කළ විට . . .
  • 2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w00 2/1 32 පි.

යෙහෝවා ඔබව සිහි කළ විට . . .

‘මාගේ දෙවියනි, මා සිහි කළ මැනව’ කියා කන්නලව් කරමින් නෙහෙමියා නැවත නැවත දෙවිට මොරගැසුවේය. (නෙහෙමියා 5:19; 13:14, 31) දුක් පීඩාවලට මුහුණ දෙන මිනිසා දෙවිව සොයා තම කලකිරීමෙන් පිරුණු දෙනෙත් ඈත අහස දෙසට යොමු කිරීම ස්වාභාවික දෙයකි.

නමුත් මෙවැනි කන්නලව්වකින් මනුෂ්‍යයන් සැබවින්ම අපේක්ෂා කරන්නේ කුමක්ද? දෙවි තමාගේ නාමය මතක් කළ පමණින් ඔවුන් සෑහීමට පත් වෙයිද? අනිවාර්යයෙන්ම එසේ නොවෙයි. යේසුස්ව ඝාතනය කළ අවස්ථාවේදී ඔහුගේ පසෙකින් සිටි අපරාධකරුවාගේ ඉල්ලීමට සමාන යමක් ඔවුනුත් බලාපොරොත්තු වේ. එතැන ඇණ ගසා සිටි අනික් අපරාධකරුවා මෙන් නොව ඔහු යේසුස්ගෙන් යටහත්ව අයැද සිටියේ, “ඔබගේ රාජ්‍යයෙන් යුක්තව ඔබ එන කල මා සිහිකළ මැනව” කියාය. මිය ගියාට පසුව තමාව අමතක නොකිරීමට වඩා වැඩි යමක් තමා වෙනුවෙන් කරාවි කියා මේ අවස්ථාවේදී ඔහු යේසුස්ගෙන් බලාපොරොත්තු විය. එනම් ඔහුව මළවුන්ගෙන් නැවත නැඟිටුවීමට පියවර ගනීවි කියායි.—ලූක් 23:42.

බයිබලය පැහැදිලි කරන ආකාරයට දෙවි යමෙකුව සිහිපත් කළ විට එයින් අදහස් කරන්නේ ඔහු ඒ තැනැත්තාගේ ශුභසාධනය සඳහා යහපතක් කරන බවයි. නිදසුනක් වශයෙන් මහා ජල ගැල්මෙන් දින 150ක් පොළොව සම්පූර්ණයෙන්ම යට වූ අවස්ථාවේදී, බයිබල් වාර්තාවට අනුව ‘දෙවි නෝවා . . . සිහි කළේය. දෙවි පොළොව පිට හුළඟක් ගසන්න සැලැස්වූයේය. එවිට ජලය අඩු විය.’ (උත්පත්ති 8:1) ඊට ශතවර්ෂ ගණනාවකට පසු පිලිස්තිවරුන් සම්සොන්ගේ ඇස් උගුලා දමා ඔහුව දම්වැල්වලින් බැඳ තිබූ අවස්ථාවේදී ඔහු මෙලෙස මොරගසා යාච්ඤා කළේය: ‘අනේ දෙවියනි, මාව සිහි කළ මැනව . . . අනේ මේ වතාවේ පමණක් මා බලවත් කළ මැනව.’ අසරණ වූ සම්සොන්ව යෙහෝවා සිහියට නැංවූයේ ඔහුට අධිමානුෂික ශක්තියක් ලබා දීමෙනුයි. ඉන් අනතුරුව දෙවිගේ සතුරන්ට එරෙහිව සම්සොන් පළිගත්තේය. (විනිශ්චයකාරයන් 16:28-30) නෙහෙමියාට කුමක් සිදු වීද? දෙවි ඔහුව සිහි කර ඔහු දැරූ ප්‍රයත්නයට ආශීර්වාද කිරීම හේතුවෙන් යෙරුසලමෙහි සැබෑ නමස්කාරය ප්‍රකෘතිමත් විය.

ප්‍රේරිත පාවුල් ලියූ දේ සලකා බලන්න. “ඉවසිල්ල කරණකොටගෙනද ලියවිලිවලින් හටගන්න සැනසිල්ල කරණකොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස, පූර්වයෙහි ලියනලද සියල්ල අපගේ ඉගෙනගැනීම සඳහා ලියනලද්දේය.” (රෝම 15:4) ඇදහිලිවන්තයන් අතීතයේදී කළාක් මෙන් අපි යෙහෝවාගේ කැමැත්ත කිරීම නිතරම සිහියේ තබාගනිමු. එවිට යෙහෝවාද අපේ දෛනික අවශ්‍යතා සපුරාලීමට සහය වීමෙන්, අප ජීවිතයේ මුහුණ දෙන කටුක අවස්ථාවලදී අපට උපකාර කිරීමෙන් සහ අභක්තික මනුෂ්‍යයන්ව තුරන් කරන කාලය උදා වූ විට අප වටා ආරක්ෂාව තර කිරීමෙන් අපව නිසැකවම සිහි කරයි.—මතෙව් 6:33; 2 පේතෘස් 2:9.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න