බයිබලය බෙදා හළ විශිෂ්ට වසරක්
එක්සත් බයිබල් සමාගම මගින් පළ වූ වාර්තාවකට අනුව, පෙර කෙදිනකටත් වඩා බොහෝදෙනෙක් ළඟ දැන් බයිබලයක් ඇත. මේ අනුව, 1998දී බයිබල් අළෙවිය කලින් වසරට වඩා අඩ මිලියනයකටත් වැඩියෙන් ඉහළ නැඟීය. සමස්තයක් වශයෙන් ගත් කල, පොළොව පුරා මුළුමනින්ම හෝ කොටස් වශයෙන් බයිබල් 58,50,00,000කට වඩා බෙදාහරින ලදි. “මෙය යම් අයුරක දිරිගැන්වීමක්” යයි එම වාර්තාව ප්‍රකාශ කරයි. “දේවවචනය අදදින බොහෝ ජන පිරිසකගේ අතට පත් වේ.”
කෙසේවෙතත්, බයිබලයක් ළඟ තිබුණු පළියට, එය කියවනු ලබන බව අදහස් නොකරයි. උදාහරණයක් වශයෙන්, අමෙරිකානුවන්ගෙන් සියයට 90කට වඩා වැඩිදෙනෙකු ළඟ අඩුම තරමින් එක බයිබලයක්වත් තිබෙන බවත්, බයිබලය සදාචාරය පිළිබඳ ඉගැන්වීමට හොඳ මූලාශ්‍රයක් බවට එවැනිම සංඛ්‍යාවක් විශ්වාස කරන බවත් සමීක්ෂණයකින් හෙළි විය. කෙසේ නමුත්, උපදෙස් අවශ්‍ය විට තමන් බයිබලයේ පිහිට පතන බවක් පැවසුවේ සියයට 59ක් පමණි. එමෙන්ම තමන් බයිබලය ගැන “ඒ තරම්” හෝ “කොහොමටවත්” නොදන්න බව සියයට 29ක්ම පිළිගත්හ.
යෙහෝවාගේ සාක්ෂිකරුවෝ බයිබල් මුද්‍රණය කර බෙදාහරිනවා පමණක් නොව, නමුත් රටවල් 230කට වඩා වැඩි සංඛ්‍යාවක සිටින ජනයා සමඟ නොමිලේ බයිබල් පාඩම්ද පවත්වති. මෙම බයිබල් අධ්‍යාපන වැඩසටහනෙන් ලොව පුරා මිලියන සංඛ්‍යාතදෙනෙක් දැන් ප්‍රයෝජන ලබමින් සිටිති. ඔවුන් මූණපාමින් සිටින ගැටලු සමඟ සාර්ථකව කටයුතු කරන්න ඔවුන්ට උපකාර සැපයෙන අතර, ඔවුහු දේවරාජ්‍යය යටතේ දීප්තිමත් අනාගතයක් පිළිබඳව බයිබලයේ පවසන දේ උගනිමින් සිටිත්.—යෙසායා 48:17, 18; මතෙව් 6:9, 10.
[32වන පිටුවේ පින්තූර]
බොලිවියාවේ, ඝානාවේ, ශ්‍රී ලංකාවේ සහ එංගලන්තයේ නිවාස බයිබල් පාඩම් (වමේ සිට දකුණට)