ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w00 1/1 32 පි.
  • ‘සුළඟ අපට එරෙහි වන’ විට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘සුළඟ අපට එරෙහි වන’ විට
  • 2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w00 1/1 32 පි.

‘සුළඟ අපට එරෙහි වන’ විට

යේසුස්ගේ ගෝලයෝ ඔරුවකින් ගලීල මුහුදේ යාත්‍රා කරද්දී සිදු වූ ඇබැද්දිය පිළිබඳ සැබෑ ජීවිත අද්දැකීම විස්තර කරද්දී, ‘සුළඟ ඔවුන්ට එරෙහි වුණ විට ඔවුන් ඔරුව පැදීමෙන් හිරිහැර වින්ද’ බව මාර්ක් සුවිශේෂයේ ලේඛකයා පවසයි. ඒ වන විට මුහුදු වෙරළේ සිටි යේසුස් ඔවුන් අනතුරේ බව දැක ප්‍රාතිහාර්යමය ආකාරයකින් ඔවුන් වෙතට මුහුද පිට ඇවිදගෙන ගියා. ඔහු ඔවුන් වෙතට ගොස් ඔරුවට නැගුණු විට, සුළඟ නැවතුණේය.—මාර්ක් 6:48-51.

ඊට පෙර අවස්ථාවකදී, ‘සැඩ සුළඟක් හැමූ’ බව එම බයිබල් ලේඛකයාම වාර්තා කළා. ඒ අවස්ථාවේදී, යේසුස් ‘සුළඟට තරවටු කළේය. එවිට සුළඟ නැවතී, මහත් නිශ්චලයක් විය.’—මාර්ක් 4:37-39.

ඒ වගේ ප්‍රාතිහාර්යමය අවස්ථාවන් ඇසින් දැකීමට අදදින අපට වරප්‍රසාද නොලැබුණත් ඒවායින් අපට බොහෝ දේවල් උගත හැකියි. උපද්‍රව සහිත කාලවල ජීවත් වන අසම්පූර්ණ මිනිසුන් හැටියට අපට එරෙහි වන විපත්ති නමැති සුළඟෙන් වැළකී සිටිය නොහැකියි. (2 තිමෝති 3:1-5) ඇත්තවශයෙන්ම, සමහර අවස්ථාවලදී පෞද්ගලික පීඩා එක්ක එන මානසික පීඩනය කුණාටුවක් මෙන් තීව්‍ර වෙයි. නමුත් සහනයක් ලැබීමට ක්‍රමයක් තිබෙනවා! යේසුස් මෙම ආරාධනය දෙනවා: “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි.”—මතෙව් 11:28.

‘සුළඟ අපට එරෙහි වන’ බව පෙනෙන්න තිබෙන විට, අපට හදවතේ ‘මහත් නිශ්චලත්වයක්’ අද්දැකිය හැකියි. කෙසේද? යෙහෝවා දෙවිගේ අසාර්ථක නොවන පොරොන්දු කෙරෙහි විශ්වාස කිරීම මගින්.—සසඳන්න යෙසායා 55:9-11; පිලිප්පි 4:5-7.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න