ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w99 11/15 32 පි.
  • “මා රාජ්‍ය ශාලාවට ගිය දා”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “මා රාජ්‍ය ශාලාවට ගිය දා”
  • 1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w99 11/15 32 පි.

“මා රාජ්‍ය ශාලාවට ගිය දා”

ලෝරාa නමැති උසස් පාසැල් ශිෂ්‍යාවට පැවරුමක් ලැබුණා. එනම් ආගමික වතාවන් පවත්වන ස්ථානයකට ගොස් ඇගේ අද්දැකීම පිළිබඳ වාර්තාවක් පිළියෙළ කිරීමයි. ඇය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව මේ සඳහා තෝරාගෙන “මා රාජ්‍ය ශාලාවට ගිය දා” යන මාතෘකාව යටතේ රචනාවක් ලිව්වා. ඇය සාක්ෂිකරුවන් අතරේ දුටු වෙනස මොකක්ද? ඇය සඳහන් කළ බොහෝ දෙයින් සමහරක් මතු දැක්වේ.

දරුවන්: “සියලුම දරුවන් වැඩිහිටියන් සමඟ එකම කාමරයේ සිටියා. මම ගිහිල්ලා තියෙන අනිත් හැම පල්ලියකම දරුවන් දෙමාපියන්ගෙන් වෙන් වෙලා දහම් පාසල්වලට යන්න ඕනෑ.”

ජනවාර්ගික සමගිය: “සාමා-න්‍යයෙන් පල්ලි ආකර්ෂණය කරන්නේ එක ජාතියකට හෝ ජනවාර්ගික කණ්ඩායමකට අයත් පුද්ගලයන්ව පමණයි. . . නමුත් සාක්ෂිකරුවන් ඔක්කොමලා එකට වාඩි වෙලා හිටියා. කල්ලි ගැහිලා වෙන වෙනම හිටියේ නෑ.”

සුහද ස්ප්‍රීතුවක්: “හුඟදෙනෙක් ඇවිල්ලා මාත් එක්ක කතා කෙරුවා. . . සමහර අය මම කාත් එක්ක හරි බයිබලය පාඩම් කරනවාද කියලත් ඇහුවා. ඒත් කවුරුත් මට බල කරනවා කියලා නම් හැඟුනේ නෑ. තීරණය ගැනීම මටම භාර දුන්නා.”

සම්මාදම් ඉල්ලුවේ නෑ: “කවුරුවත් ශාලාව වටේ සම්මාදම් තැටියක් ගෙනිච්චේ නැති එක ගැන මම හුඟාක් පුදුම වුණා. . . මං ගිහිල්ලා තියෙන පල්ලිවල නම් දරුවන්ගේ පන්තිවල පවා තැටියක් වටේට යවනවා.”

ලොව වටා සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලා 90,000කට ආසන්න සංඛ්‍යාවක් තිබෙනවා. ළඟම තිබෙන එක බලන්න ඔබ නොයන්නේ මන්ද?

[පාදසටහන]

a නම වෙනස් කර ඇත.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න