ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w99 8/15 32 පි.
  • “ලුණුවල රස නැතිවුණොත්”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “ලුණුවල රස නැතිවුණොත්”
  • 1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w99 8/15 32 පි.

“ලුණුවල රස නැතිවුණොත්”

ඒවෙනුවෙන් සටන් කර තිබෙනවා. හුවමාරු කිරීමේ මාධ්‍යයක් වශයෙන් එය යොදාගෙන තිබෙනවා. පුරාණ චීනයේ එය වටිනාකමෙන් දෙවනි වුණේ රන්වලට පමණයි. ඔව්, බොහෝ කලක් පුරා මිනිස්වර්ගයා විසින් ලුණු ඉතා වටිනා වෙළඳ ද්‍රව්‍යයක් හැටියට සලකා තිබෙනවා. අද පවා එයට සුව කිරීමේ හා විෂබීජ නැසීමේ ගුණයන් තිබෙන බවට සැලකෙන අතර, එය රසය වැඩි කරන මෙන්ම සංරක්ෂක ද්‍රව්‍යයක් හැටියටත් ලොව පුරා පාවිච්චි කරනවා.

ලුණුවල සිත්ගන්නා ගුණයන් බොහෝමයක් තිබීමත්, එය පුළුල් ලෙස භාවිතා කිරීමත් සම්බන්ධයෙන් සලකා බලන කල, බයිබලයෙහි එය උපමාලංකාරයෙන් යොදාගැනීම පුදුමයක් නොවෙයි. උදාහරණයක් වශයෙන්, මෝසෙස්ගේ ව්‍යවස්ථාවට අනුව, යෙහෝවාට පූජාසනයෙහි ඔප්පු කළ ඕනෑම දෙයකට ලුණු දමා තිබීම අවශ්‍ය කළා. (ලෙවී කථාව 2:13) මෙය සිදු කළේ පූජාවන්වල රසය වැඩි කිරීම සඳහා නොවෙයි; නමුත් පෙනෙන විදිහට ලුණු දූෂණයෙන් හෝ දිරාපත් වීමෙන් තොර වීම නියෝජනය කළ නිසයි.

යේසුස් ක්‍රිස්තුස් සිය ප්‍රසිද්ධ කන්ද උඩ දේශනයේදී, ඔහුගේ අනුගාමිකයන්ට මෙසේ පැවසුවා: “නුඹලා පොළොවේ ලුණුය.” (මතෙව් 5:13) මෙම ප්‍රකාශයෙන්, යේසුස් ඇඟවූයේ දේවරාජ්‍යය පිළිබඳව අන්‍යයන්ට දේශනා කිරීම, ඔවුන්ට සවන් දෙන අයට යම් දුරකට ආරක්ෂා වීමේ හෝ ජීවිත-ගැළවීමේ බලපෑමක් ඇති කරන බවයි. ඇත්තෙන්ම, යේසුස්ගේ වචන අදාළ කරගත් අය ඔවුන් ජීවත් වුණ හා සේවය කළ සමාජයන්වල පිරිහෙමින් පවතින සදාචාරයෙන් හා ආත්මිකත්වයෙන් ආරක්ෂා වනු ඇත.—1 පේතෘස් 4:1-3.

කෙසේනමුත්, යේසුස් තවදුරටත් මෙසේ අවවාද කළා: “නුමුත් ලුණුවල රස නැතිවුණොත් . . . එතැන් පටන් ඒවා පිටත දමනු ලබන්ටද මනුෂ්‍යයන්ගේ පයින් පාගනු ලබන්ටද මිස අන් කිසිවකට නොවටනේය.” මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් බයිබල් විශාරද ඇල්බට් බාන්ස් පැවසූ ආකාරයට, යේසුස් හා ඔහුගේ ප්‍රේරිතයන්ට හුරුව තිබුණේ, “පිරිසිදු නැති, එළවළු සමඟ හා පස් කොටස් සමඟ මිශ්‍ර කළ” ලුණුයි. එමනිසා ලුණුවල එහි ලුණු ගතිය නැති වුණොත්, “සැලකිය යුතු පස් කොටසක්” ඉතුරු විය හැකියි. “මෙය අපි මාවත්වලට හෝ අඩි පාරවලට යොදන බොරලු මෙන් කිසි ඵලක් නැති ඒවා” බව බාන්ස් සඳහන් කළා.

මේ අවවාදය හිතට ගනිමින්, ක්‍රිස්තියානීන් තමන්ගේ ප්‍රසිද්ධ සාක්ෂිදැරීම අඩු නොකිරීමට හෝ අභක්තික හැසිරීම් රටාවලට යළි නොයෑමට වගබලා ගත යුතුයි. එසේ නොවුණහොත්, ඔවුන් ආත්මිකව පිරිහී, ‘රසය නැති වුණ ලුණු මෙන්’ කිසි ඵලක් නැති අය බවට පත් විය හැකියි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න