ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w99 8/15 3-4 පි.
  • ඔබ ජීවිතයට ආදරේද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ ජීවිතයට ආදරේද?
  • 1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • “මනුෂ්‍යයාගේ සම්පූර්ණ යුතුකම”
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබේ ජීවිතය—එහි අරමුණ කුමක්ද?
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘ජීවිතයට තෘප්තිය ලැබෙන්නේ කුමකින්ද?’
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දැනුත් සදහටත් සන්තෝෂවත් ජීවිතයක්
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w99 8/15 3-4 පි.

ඔබ ජීවිතයට ආදරේද?

“ආලෝකය මට පෙන්වන්න.” වාර්තා වී ඇති පරිදි, තමා මැරෙන්න කලින්, තමාට සාත්තු කරමින් සිටි අයට ඉතාලි ජාතික කාව්‍යකරුවෙකු වන ජේකෝමෝ ලියොපා’ඩිගේ මුවින් පිට වී ඇත්තේ මේ වචනයි. ආලෝකයෙන් නියෝජනය වන ජීවිතය කෙරෙහි මනුෂ්‍යයාට ඇති බලවත් බැඳීම එම වචනවලින් නිරූපණය කරයි.

අන්තරාවන් මඟහැර ජීවත් වීම සඳහා තමාට හැකි සෑම දෙයක්ම කිරීමට බොහෝදෙනෙකු තුළ ඇති අනර්ඝ වූ පෙළඹීම වන්නේ ජීවිතය කෙරෙහි ඇති බලවත් බැඳීමයි. මේ කාරණය ගත් කල, බේරී ජීවත් වීම සඳහා ප්‍රබල සහජ නැඹුරුවාවක් ඇති සතුන්ගෙන් මිනිසා එතරම් වෙනස් වන්නේ නැහැ.

නමුත් ජීවත් වීමට හා ආශා කිරීමට තරම් ඇත්තෙන්ම වටින්නේ කෙබඳු ජීවිතයක්ද? එය හුදු හුස්මගැනීම හා ක්‍රියා කිරීම යන මානුෂික පැවැත්ම පමණක්ම නොවෙයි. එමෙන්ම, ජීවිතයෙන් ගත හැකි සියල්ල ගැනීම යන ආකල්පයෙන්ද පොදු වශයෙන් සෑහීමක් ලැබෙන්නේ නැහැ. “හෙට මැරෙන බැවින් [අද] කමු, බොමු” යන එපිකුරීය දර්ශනය පොදු වශයෙන් මිනිසුන්ට තෘප්තියක් ගෙන දී නැහැ. (1 කොරින්ති 15:32) මනුෂ්‍යයාට මූලික ද්‍රව්‍යමය අවශ්‍යතා කිහිපයක් තිබෙන අතරවාරයේදී, ඔහුට සංස්කෘතික හා සමාජීය කාරණාද ඇත. තවද උතුම් තැනැත්තෙකුගේ පැවැත්ම හා සම්බන්ධ ඇදහිල්ලකට බැඳී ඇති ආත්මික අවශ්‍යතා ගැනද අප අමතක කළ යුතු නැහැ. නමුත්, සමාජීය හා පාරිසරික අතින් ලොව පුරා දැකිය හැකි ඛේදනීය තත්වයන් නිසා මිලියන ගණන් එසේත් නැතිනම් බිලියන ගණන් අය ජීවිතය ගැටගහගන්නේද අමාරුවෙනි. තම ශාරීරික අවශ්‍යතා, එනම් කෑම, බීම, දේවල් සතු කරගැනීම හෝ ලිංගික ආශාවන් තෘප්තිමත් කරගැනීමෙන් පමණක් සෑහීමට පත්වන්නන් බොහෝදුරට ගත කරන්නේ සත්ව ජීවිතයකි. එනම් තෘප්තිය අල්ප ජීවිතයක්. මෙසේ, මනුෂ්‍ය බුද්ධිය හා චිත්තවේගයන් සම්පූර්ණ කරගැනීම සඳහා ජීවිතය ඉදිරිපත් කරන වඩා අර්ථවත් මූලාශ්‍රවලින් ඔවුන් ප්‍රයෝජන ගන්නේ නැහැ. තවදුරටත්, තම ආත්මාර්ථකාමී ආශාවන් පමණක් තෘප්තිමත් කරගැනීමට වෙර දරන අය ජීවිතයෙන් උපරිමය ලබාගැනීමට අසමත් වනවා පමණක් නොව, තමන් ජීවත් වන සමාජයට ඔවුන් හානි පමුණුවන අතර අන්‍යයන්ගේ සැලකිල්ලට භාජන වන කාරණාවලටද දිරි දෙන්නේ නැහැ.

මෙය තහවුරු කරමින් බාලාපචාරකයන් සමඟ කටයුතු කරන විනිසුරුවෙක් පෙන්නුම් කළේ “සාරධර්මවල බිඳවැටීම, නරක ආදර්ශ තබන අයව මහිමවත් කිරීමේ හා ඉක්මනින් සල්ලි සොයාගැනීමේ ක්‍රම නිසා,” එය “උලුප්පා දක්වන ලද තරඟකාරිත්වයේ ස්වභාවයකට දිරි දීමට” දායක වන බවයි. මෙය සමාජයට හානි පමුණුවන හා යෞවනයන්ට විනාශකාරි වන හැසිරීම් රටාවකට මඟ පාදයි. මෙය විශේෂයෙන්ම ඇත්තක් වන්නේ ඔවුන් මත්ද්‍රව්‍යවලට හැරෙන විටයි.

සිත්ගන්නා තැන්වල ගත කළ හැකි නිවාඩු, උනන්දුව ඇති කරවන කියවීම හෝ පර්යේෂණයන්, සුහද ආශ්‍රය හා මිහිරි සංගීතය වැනි ආකර්ෂණීය දේවල් ජීවිතය අප හමුවේ තබන බව අප කවුරුත් දන්නවා. එමෙන්ම කුමනාකාරයකින් හෝ තෘප්තිය ගෙන දෙන තවත් ක්‍රියාකාරකම්ද තිබෙනවා. දෙවි, විශේෂයෙන්ම බයිබලයේ දෙවි වන යෙහෝවා කෙරෙහි ඇදහිල්ලක් ඇති අයට ජීවිතය කෙරෙහි ආදරයක් දැක්වීම සඳහා වැඩිමනත් හේතු තිබෙනවා. අසීරු කාලයන් සමඟ කටයුතු කිරීමට උපකාරවත් දෙයක් වන ශක්තියේ හා නිස්කලංකබවේ උල්පතකි සැබෑ ඇදහිල්ල. සැබෑ දෙවි කෙරෙහි විශ්වාස කරන අයට විශ්වාසයෙන් යුතුව මෙසේ පැවසිය හැකියි: ‘යෙහෝවා මාගේ උපකාරකාරයාය, මම භය නොවන්නෙමි.’ (හෙබ්‍රෙව් 13:6) දෙවිගේ ප්‍රේමය ගැන දැනගැනීමට පැමිණෙන අයට ඔහුගේ ආදරය දැනෙනවා. ඔවුන් ඔහුගේ ප්‍රේමයට ප්‍රතිචාරය දක්වන අතර එයින් ගැඹුරු ප්‍රීතියක්ද නෙළාගන්නවා. (1 යොහන් 4:7, 8, 16) තෘප්තිය ගෙන දෙන ක්‍රියාකාරි මෙන්ම පරාර්ථකාමී ජීවිතයක් ගත කිරීමට ඔවුන්ට හැකියි. එය හරියට යේසුස් ක්‍රිස්තුස් පැවසුවාක් මෙනි: එනම්, “ගැනීමට වඩා දීමේ වැඩි සතුටක් ඇත.”—ක්‍රියා 20:35, NW.

නමුත් කනගාටුවට කරුණක් වන්නේ, මේ වත්මන් ජීවිතයට තවත් පැත්තක් තිබීමයි. පුළුල්ව පැතිර ඇති දුක් විඳීම, අයුක්තිය, දුගීකම, අසනීප හා මරණය දක්නට ඇත. ජීවත් වීම එතරම්ම අසීරු කරවන වේදනාකාරි අංගයන් අතුරින් මේවා කිහිපයක් පමණි. පුරාණ ඉශ්‍රායෙලයේ ධනවත්, බලවත් හා නැණවත් සාලමොන් රජට මිනිසාව සතුටු කරන මොනයම් දෙයකින්වත් අඩුවක් තිබුණේ නැහැ. නමුත් ඔහුට වද දුන් දෙයක් වූයේ, “ප්‍රඥාවෙන්ද දැනගැන්මෙන්ද සමර්ථකමින්ද” යුතුව, ‘වීර්යයෙන් කළාවූ තම වැඩයෙන්’ තමාට අත්ව තිබූ දේවල් මරණයේදී දමා යා යුතුය යන යථාර්ථයයි.—දේශනාකාරයා 2:17-21.

මනුෂ්‍යයන්ගෙන් ඉක්මනින්ම ලිස්සා යන ජීවිතයේ ඇති කෙටි කාලීනබව ගැන සාලමොන් මෙන් අද සිටින වැඩිදෙනෙකුද දැන සිටිනවා. දෙවි ‘සදාකාලය අපගේ සිත්වල තබා තිබේය’ කියා ශුද්ධ ලියවිලි පවසයි. (දේශනාකාරයා 3:11, බයිංටන්) සදාතනයේ මෙම හැඟීම ජීවිතයේ කෙටි කාලීනබව ගැන කල්පනා කිරීමට මිනිසාව පොලඹනවා. අන්තිමේදී, ජීවිතයේ හා මරණයේ අරුත සම්බන්ධයෙන් කෙනෙකුට ඒත්තුගන්වන පිළිතුරු නොලැබී යෑමෙන්, නිෂේධාත්මක හා නිෂ්ඵලභාවයේ හැඟීම්වලින් කෙනෙකු යටපත් වෙන්න පුළුවන්. මෙමගින් ජීවිතය දුක්ඛදායක එකක් කරන්න පුළුවන්.

මනුෂ්‍යයන්ගේ ශෝචනීය ප්‍රශ්නවලට උත්තරයක් ඇද්ද? ජීවිතය වඩාත් සිත්ගන්නාසුලු මෙන්ම කල් පවතින එකක් කරගත හැකි තත්වයන් කවදා හෝ උදා වෙයිද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න