බයිබල් අර්ථකථනය කාගේ ආනුභාවයෙන්ද?
“අර්ථකථනය” යන වචනය සඳහා එක් නිර්වචනයක් වන්නේ, “පුද්ගලයෙකුගේ විශ්වාසයන්, විනිශ්චයන් හෝ තත්වයන් පදනම් කරගෙන උපදවන ලද” යන්නයි. (වෙබ්ස්ටර්ස් නයින්ත් නියූ කලීජියට් ඩික්ෂනරි) මෙසේ, ඕනෑම දෙයක් සම්බන්ධයෙන් කෙනෙකුගේ අර්ථකථනය, සාමාන්‍යයෙන් ඔහුගේ පසුබිම, අධ්‍යාපනය සහ ළදරු පුහුණුව මත පදනම් වෙනවා.
ඒ කෙසේවෙතත්, බයිබල් අර්ථකථනය ගැන කුමක් කිව හැකිද? අපගේ “විශ්වාසයන්, විනිශ්චයන් හෝ තත්වයන්” මත පදනම්ව බයිබල් කොටස් අර්ථ දක්වන්න අපට අවසර තිබෙනවාද? සාමාන්‍යයෙන් බොහෝ බයිබල් විශාරදයන් සහ පරිවර්තකයන් කියා සිටින්නේ ඔවුන් එසේ නොකරන අතර, දෙවිගෙන් මඟ පෙන්වීම ලබන බවයි.
මීට උදාහරණයක් වන්නේ, “කතෝලිකයෙක්” යන ව්‍යාජ නාමය යටතේ, 1836දී ජෝන් ලිංගාර්ඩ් ප්‍රකාශයට පත් කළ සුවිශේෂ සතරේ නව අනුවාදයක් (ඉංග්‍රීසියෙන්) යන්නෙහි, යොහන් 1:1හි පාදසටහන කියා තිබෙන දෙයයි. පාදසටහනෙහි මෙසේ කියවන්න තිබෙනවා: “ඕනෑම විශ්වාසයකට අයත් කෙනෙක් තමන්ට අවේණික අදහස් උදහස්වලට අදාළ සාක්ෂි ශුද්ධ ලියවිල්ලෙන් සොයාගන්නවායයි සිතනවා. ඒ වුණත් ඇත්තෙන්ම ඔවුන්ව පොලඹවන්නේ ශුද්ධ ලියවිල්ලේ අදහස නොව නමුත්, ඔවුන්ගේම පෞද්ගලික අදහසුයි.”
එම කරුණ හොඳ පදනමක් මත ගොඩනඟා තිබුණත්, ලේඛකයාගේ අරමුණ වූයේ කුමක්ද? ඔහුගේ පරමාර්ථය වූයේ, එම පදය සම්බන්ධයෙන් ඔහුගේ අර්ථකථනයට අනුබල දීමයි. ඔහු එය පරිවර්තනය කර තිබෙන්නේ මෙසේයි: “පටන්ගැන්මෙහිදී ‘වාක්‍යය’ සිටියේය, ‘වාක්‍යය’ දෙවි හා සමඟ සිටියේය, ‘වාක්‍යය’ දෙවිව සිටියේය.” එය ත්රිත්වවාදීන්ව මැනවින් නියෝජනය කරන පරිවර්තනයක්.
ත්‍රිත්ව මූලධර්මයට පක්ෂව යොහන් 1:1 පරිවර්තනය කරන්න ලේඛකයාව පෙලඹවූයේ කුමක්ද? එසේ කිරීමට ඔහුව ‘පොලඹවන්නේ ශුද්ධ ලියවිල්ලද?’ බයිබලයේ කොතැනකවත් ත්‍රිත්ව ඉගැන්වීම දක්නට නැති නිසා එය කොහෙත්ම වෙන්න බැහැ. මේ කාරණය ගැන නව බ්‍රිටැනිකා විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) කියන දේ සලකා බලන්න: “ත්‍රිත්වය කියන වචනයවත්, එවැනි ඉගැන්වීමක්වත් නව ගිවිසුම තුළ සොයාගැනීමට නැහැ.” ඊට අමතරව, යේල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඊ. වෝෂ්බන් හොප්කින්ස් මෙසේ නිරීක්ෂණය කළා: “පෙනෙන විදිහට, යේසුස් සහ පාවුල් ත්‍රිත්වය නමැති මූලධර්මයක් ගැන දැන සිටියේ නැහැ. . . . ඔවුන් ඒ ගැන කිසිවක් කියා නැහැ.”
එසේ නම්, යොහන් 1:1ට හෝ බයිබලයේ වෙන යම් වගන්තියකට හෝ ත්‍රිත්ව අර්ථකථනයක් දෙන අය සම්බන්ධයෙන් එළඹිය හැකි නිගමනය කුමක්ද? ලිංගාර්ඩ් මහතාගේම මිම්මෙන් මනින කළ, “ඔවුන්ව පොලඹවන්නේ ශුද්ධ ලියවිල්ලේ අදහස නොව නමුත්, ඔවුන්ගේම පෞද්ගලික අදහසයි.”
මේ කාරණය සම්බන්ධයෙන් මඟ පෙන්වීම සැපයීමට දෙවිගේ වචනය අපට තිබීම සතුටට හේතුවක්. ප්‍රේරිත පේතෘස් මෙසේ කිව්වා: “ලියවිල්ලේ කිසි අනාගතවාක්‍යයක් යමෙකුගේ අභිප්රායෙන්ම හට නොගන්න බව පළමුකොට [දැනගන්න]. . . . මක්නිසාද කිසි අනාගතවාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේය. නුමුත් මනුෂ්‍යයෝ [ශුද්ධාත්මය] විසින් පොලඹවනු ලැබ, [දෙවිගෙන්] ලැබූ ලෙස කථාකළෝය.”—2 පේතෘස් 1:19, 21.