රූපලාවණ්‍ය ද්‍රව්‍යවලට වඩා හොඳ යමක්
රුව වඩවන දේවල් හැටියට ස්ත්‍රීන් භාවිත කළ “බාහිර දේ” වෙත යොමු දැක්වූවායින් පසු, ප්‍රේරිත පේතෘස් මෙසේ අවවාද කළා: “එය පෙන්විය යුත්තේ අභ්‍යන්තරයෙහි, හදවතින් නඟින කාරුණික තැන්පත් ගතිපැවතුම් මඟිනි. ඒ අලංකාර ය; දිරා නොයන සුලු ය; [දෙවි] ඉදිරියේ ඉතා අගනේ ය.”—1 පේතෘස් 3:3, 4, නව අනුවාදය.
එවැනි බාහිර අලංකාරයක් සම්බන්ධයෙන් ප්‍රේරිතයා ලියූ විට, ඔහු එය යොදාගත්තේ කොʹස්මොස් යන ග්‍රීක් වචනයේ එක් ස්වරූපයකින් වීම උනන්දුවට කාරණයක්. “කොස්මෙටික්” යන ඉංග්‍රීසි වචනය හටගත්තෙත් එයින් වන අතර “අලංකාරය ඇති කිරීම සඳහා, විශේෂයෙන්ම සම පැහැපත් කිරීම සඳහා” යන අර්ථය ඉන් ලබා දෙයි. රූපලාවණ්‍ය ද්‍රව්‍ය භාවිතය හා වෙනත් එවැනි බාහිර අලංකාරයන් භාවිතය ක්‍රිස්තියානි ස්ත්රීන්ට තහනම් කිරීමක්ද පේතෘස් කරමින් සිටියේ? දෙවිගේ වචනයෙහි කිසිම තැනක එවැනි අදහසක් දක්නට නැහැ. ඒ වෙනුවට, මේ කාරණය සම්බන්ධයෙන් පෞද්ගලික තීරණයක් ගැනීමට එය ඉඩහරියි; එමනිසා විවිධ රුචිකත්වයන් තිබිය හැකි බව අපේක්ෂා කළ හැකියි.
කෙසේවුවත්, වුවමනාවට වඩා රූපලාවණ්‍ය යෙදුවොත් හෝ වෙනත් බොහෝදෙනෙකු බාධාවට පත් කරවන තරමටම භාවිත කළොත්, කුමන පණිවිඩයක්ද ඉදිරිපත් කරන්නේ? එය විරූපීබවක්, අවිනීතබවක් හෝ විච්චූර්ණ පෙනුමක්, පුහු අලංකාරයක් හෝ තම රූපයට වසඟ වීමක් නොවන්නේද? ඇත්තෙන්ම, එය ස්ත්‍රියකගේ පෙනුම බාල කිරීමෙන් සදාචාර ගති ලක්ෂණ සම්බන්ධයෙන් වැරදි ඇඟවීමක්ද දිය හැකියි.—එසකියෙල් 23:36-42 සසඳන්න.
මේ සම්බන්ධයෙන් වටහාගනිමින්, ‘දේවභක්තික’ ස්ත්‍රියක් රූපලාවණ්‍ය ද්‍රව්‍ය භාවිත කිරීමට තෝරාගන්නවා නම්, ඇගේ මුහුණෙන් සිහියෙන් යුක්තබව, මෘදුකම, කරුණාවන්තකම හා විනීතබව යන ලක්ෂණ හෙළි කිරීමට වෑයම් කරනු ඇත. එවැනි ගුණාංග ඇගේ ප්‍රියමනාප, සිත් ඇදගන්නා ගතිය වැඩි කරයි. ඇත්තවශයෙන්ම, ඇය රූපලාවණ්‍ය ද්‍රව්‍ය භාවිත කිරීමට තෝරාගත්තත් නැතත්, යම් ගරුත්වයක් හා අභ්‍යන්තර අලංකාරයක් ඇය පිළිබිඹු කරනු ඇත. ඉහත සඳහන් පේතෘස්ගේ වචන මගින් අඟවන ආකාරයට, රූපලාවණ්‍ය ද්‍රව්‍යවලට වඩා හොඳ යමක් තිබෙන බවට අවබෝධයෙන් සිටින බව මෙමගින් ඇය පිළිබිඹු කරනු ඇත.—1 තිමෝති 2:9, 10.