හොඳ නාමයක් රැකගැනීම
දැකුම්කලු චිත්‍රයක් පිළිබඳව පරෙස්සමින් අධ්‍යයනය කිරීම රසවත් අද්දැකීමක් විය හැකියි. සියුම් ලෙස නිරීක්ෂණය කිරීම තුළින්, චිත්‍ර ශිල්පියෙක් කැන්වසයක් මත විවිධ හැඩතලයන් නිර්මාණය කිරීම සඳහා පින්සල් පාරවල් සිය ගණනක් උපයෝගි කරගන්නේ කෙසේද කියා කෙනෙකුට පැහැදිලි වේවි.
ඒ හා සමානව, හොඳ නාමයක් වර්ධනය වන්නේ එක් මහත පින්සල් පාරකින් නොවෙයි. නමුත් කාලයක් පුරා කරන සුළු සුළු ක්‍රියාවන් රාශියකිනුයි. ඔව්, අප කරන ක්‍රියා තුළින්, ටිකෙන් ටික අපේ හොඳ නාමය ගොඩනැඟෙනවා.
අනිත් අතට, වැරදි විදියට හසුරුවන එක පින්සල් පාරකින් චිත්‍රයක අගය අඩු කරන්න පුළුවන්. අපේ නාමය සම්බන්ධයෙනුත් එය එසේමයි. ප්‍රඥාවන්ත සාලමොන් රජ මෙසේ පැවසුවා: “මනුෂ්‍යයෙකුගේ මෝඩකම ඔහුගේ මාර්ගය පෙරළයි.” (හිතෝපදේශ 19:3) සුළු “මෝඩකමක්” නිසා සියල්ල නැති විය හැකියි. ඇතැම් විට, සැහැසික ආකාරයකින් කෝපය පිට කිරීමක්, මත්පැන් අධික ලෙස පානය කිරීමක් හෝ ලිංගික දුරාචාරයේ එක් ක්‍රියාවක් නිසා කදිම නාමයක් පලුදු විය හැකියි. (හිතෝපදේශ 6:32; 14:17; 20:1) එසේ නම්, හොඳ නාමයක් අත් කරගැනීමට වෑයම් කිරීමත්, ඒ වගේම එය රැකගැනීමට ජ්වලිතව ක්‍රියා කිරීමත් කොතරම් වැදගත්ද!—එළිදරව් 3:5 සසඳන්න.