සැහැසියාවට ළඟදීම සදාකාලික විරාමයක්!
“සැහැසියාවෙන් ජාතිය අනතුරට පත් වේ”—ද නියූ යෝක් ටයිම්ස්, එක්සත් ජනපදය.
“ගෘහස්ථ සැහැසියාව”—ඌ ග්ලෝබූ, බ්‍රසීලය.
“සැහැසියාව ලොවේ ස්ත්‍රීන්ව ලුහුබඳී”—ද ග්ලෝබ් ඇන්ඩ් මේල්, කැනඩාව.
උතුරු සහ දකුණු අමෙරිකාවේ පළ වූ පුවත්පත්වලින් රැගත් මෙම සිරස්තල තුළින් සිත් කලඹවන ලෝක ප්‍රවණතාවක් නිදර්ශනය කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මෑතකදී සඳහන් කළ ආකාරයට, “මෑත දශක කීපය තුළදී, සැහැසියාවේ සෑම පැත්තක්ම භයානක ලෙසින් වර්ධනය වී තිබෙනවා.”
මෙම තැතිගන්වනසුලු සංඛ්‍යාලේඛන කීපය සලකා බලන්න:
මනුෂ්‍ය ඝාතන. ලතින් අමෙරිකාවේ සහ කැරිබියන් දූපත්වල මිනිසුන් 1,250ක් පමණ සෑම දවසකම සැහැසිකව සිදු වන මරණයකට ගොදුරු වෙනවා. ප්‍රතිඵලයක් වශයෙන්, “මෙම ප්‍රදේශයේ රටවලින් භාගයකම වයස අවුරුදු 15ත් 24ත් අතර යෞවනයන්ගේ මරණ සිදුවීමට දායක වන දෙවන ප්‍රධාන හේතුව මිනීමැරුම් වේ.”
දරුවන්ට එරෙහිව සැහැසියාව. ශාරීරික වශයෙන්, ලිංගික වශයෙන් සහ චිත්තවේගීය වශයෙන් දරුවන්ව අනිසි ලෙස යොදාගැනීම ලොව පුරාම ගැටලුවක් වී තිබෙනවා. උදාහරණයකට, “කාර්මීකරණය වූ විවිධ රටවල් කීපයක වැඩිහිටියන් සම්බන්ධයෙන් කළ සමීක්ෂණවලින් දරුවන් සියයට 10-15 දක්වා ප්‍රමාණයක් ලිංගික අතවරයන්ගේ ගොදුරු බවට පත් වී තිබෙන බව අනාවරණය වෙනවා. මෙයින් වැඩිදෙනෙක් ගැහැනු ළමුන්.”
ස්ත්රීන්ට එරෙහිව සැහැසියාව. වර්ෂ 1997 තුළදී සිදු කර තිබෙන මානව අයිතිවාසිකම් අනිසි ලෙස යොදාගැනීම විමර්ශනය කිරීමෙන් පසුව, පර්යේෂකයන් මෙසේ නිගමනය කරනවා: “ලෝකයේ සෑම රටකම පාහේ ස්ත්රීන්ට කරන හිංසාවලට මූලිකම හේතුවක් වී තිබෙන්නේ ගෘහස්ථ සැහැසියාවයි.” (මානව අයිතිවාසිකම් පිළිබඳ 1998 ලෝක වාර්තා නිරීක්ෂණය [ඉංග්‍රීසියෙන්]) ගෘහස්ථ සැහැසියාව ලෝක ව්‍යාප්තව පැතිරී තිබුණත්, එය අඩුවෙන් වාර්තා වන ගැටලුවක් වන අතර, “20වන ශතවර්ෂයේ නිහඬ අර්බුදය” ලෙස දැන් හඳුන්වනවා.—ද ග්ලෝබ් ඇන්ඩ් මේල්, කැනඩාව.
නෝවාගේ දවසේදීත් පොළොව මේ හා සමානව “බලාත්කාරයෙන් [සැහැසියාවෙන්, NW] පිරී තිබුණා.” (උත්පත්ති 6:9-12) නමුත් යෙහෝවා දෙවි ‘අභක්තිකයන්ගේ ලෝකය පිට ජලගැලීමක් පැමිණෙවූ කල’ එම ‘ධර්මිෂ්ඨකමේ දේශනාකාරයාව’ සහ ඔහුගේ පවුලේ අයව විනාශ කළේ නැහැ. දෙවි අපේ කාලයේදීත් ඒ හා සමාන්තර ක්‍රියාවක් සිදු කරන්න යනවා. දෙවි සැහැසියාව සහ නපුරුකම තුරන් කර ඔහුගේ පොරොන්දු වූ නව ලොව තුළ මේ පොළොව පාරාදීසයක් බවට පත් කරන විට ඔහු ‘භක්තිවන්තයන්ව’ ආරක්ෂා කරන්න යනවා. (2 පේතෘස් 2:4-9; 3:11-13) සැහැසියාව ළඟදීම සදහටම නිමාවකට පත් වන බව ඇසීමෙන් ඔබ සතුටින් ඉපිල යන්නේ නැද්ද?